මේ මහා බලයේ අයිතිකරු කවුද?
ඔබ කල්පනා කරන හා රඳවා ගෙන සිටින සිතිවිලිවල බලය පිළිබඳ ඔබ දැන සිටියාද ?
මේ අභ්‍යාසයේ යෙදී බලන්න. යම්තාක් දුරට ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත .
ඇඹුල් අඹ ගෙඩියක්, දෙහි ගෙඩියක් හෝ තමන් කන්නට කැමැති කෑමක් මොහොතකට සිහිපත් කරගන්න.මෙම සිතිවිල්ල මනසට ආ විගස ක්ෂණයක් ගතවීමටත් පෙර තමාගේ කටට කෙල ඉනීම පටන් ගත් බව, ඔබට මෙම වාක්‍ය කියවන විට දී ම පසක් වනු ඇත.
මනසේ මෙම සිතිවිල්ල පහළ වනවාත් සමගම, කයෙහි යම් යම් වෙනස්කම් ක්ෂණයක් තුළ දී සිදු වූ බව ඔබටම ප්රත්යක්ෂ වෙයි. මේ අවස්ථාවේදී මේ සිතුවිල්ලට සම්බන්ධව ක්‍රියා කළ හෝමෝන ඔබගේ මුඛයට කෙළ ඉනිමට සැලසූ නිසයි.
අප තුළ කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති කරයි නම්,මෙම ප්‍රතික්‍රියා නිසා නිපදවන රසායනිකයන් හෝ හෝමෝන බොහෝ විට ලේ ධාතුවට හෝ අපට දැනෙන්නේ නැති එනම් සංවේදීතාවයන් අඩු තැන් වලට ශ්‍රාවය වේ. අපට සෘජුවම සංවේදීතාවයක් නැති තැන් වලට හෝමෝන ශ්‍රාවය වන නිසා මේ සිදුවුන සිදුවීම ගැන කිසිම අවබෝධයක් අප තුළ නැහැ.එක පැත්තකින් බලන විට මෙය අවාසනාවක්… මක්නිසාද මේ හේතුව නිසා අපට සිතිවිලි වල ඇති බලය නොතේරී යාම නිසයි. කළ හැකි ප්රාතිහාර්ය ගැන නොවැටහුන නිසා අප ඒවා ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙසේ අප සිතුවිලි වල බලය හඳුනාගැනීම නොවන තාක්කල් අපගේ දුක පිණිසම මෙය හේතුවේ.
චිත්ත තුළ ඇතිවන හැඟීම කිසියම් හෝමෝන ක්‍රියාකාරිත්වය ප්‍රතිඵලයක්. ඒ හෝමෝන වලට අනුව අපගේ හිතේ ස්වභාවයන් වෙනස් වෙනවා. අපගේ හිතට දැනෙන සතුට ,අසතුට ,පීඩනය, අසහනය, නැති නම් දුක හෝ සැප සතුට, සැනසිල්ල, අපට දැනෙන්නේ මේ හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසාමයි. අප විඳිනා වූ කායික හා මානසික වින්දනයක් අපට දැනෙන්නෙත් මේ ලෙසට මයි.
මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත්ම දෙයක් නම් හෝමෝන වල ක්‍රියාකාරිත්වය පටන් ගන්නේ නිකම්ම නොවේ.එලෙස නොවී අප මනසේ හදාගන්නා සිතිවිලි මුල්කරගෙන බවයි. සිතිවිලි වලට අනුකූලව හිතේ ස්වභාවය තීරණය වෙනවා. එනම් හැඟීම් ඇතිවීම හැඟීමක් පවතින කාලය හා හැඟීම්වලින් තොර බව යන දෙය පැවතිය හැකි ස්වභාවයන්. හිතේ ඇතිවෙන මෙම හැඟීම් යනු චිත්තයේ ක්‍රියාකාරීත්වය මූලික වී සෑදෙන වෙනස්වනසුලු විඳීම් රාශියක් බව මේ වන විට ඔබට තේරුම් යන්නට ඇති.
මේ මොහොතේදී ,මේ ජීවිත කාලය තුළදී පමණක් නොවෙයි ….මතු භවයන්හිදී සැප විඳින වා ද දුක් විඳිනවාද යන්න තීරණය කරන්නේත්, අප තුළ ඇති සිතිවිලි බව අප වටහා ගෙනද?
අප කරදරයකට පත් වූ විට දුකට වේදනාවට හා සතුටට පත් වූ විට අප අනුන්ට දොස් කීමට චෝදනා කිරීමට පුරුදු වෙලා ඉන්නවා. අපේ සිතුවිලි වල බලය අප නොදන්නා නිසාවෙන් නොවෙයිද එසේ කිරීමට පුරුදු වී සිටින්නේ…
මේ ජීවිතයේ අත්විඳින දුක හෝ සැප ට වගකිව යුත්තේ අප මනස තුල වැඩ කරන සිතුවිලි බව මේ වන විටත් ඔබට පසක් වී නැතිනම් පහත ගාථාවට අවධානය යොමු කරන්න..
ධම්ම පදය තුළ පළමු වැනි හා දෙවැනි ගාථාවලින් බුදු රජාණන් වහන්සේ වදාරා ඇත්තේ …
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං
මනස පෙරටු කොට ඇත්තාහ.මනස යනු භෞතික දෙයක් නොවෙයි .ක්‍රියාවලියක්. මනසේ ක්‍රියාවලියෙන් හටගන්නේ සිතිවිලිය. එනම් , මනස සිතුවිලි පෙරටු කොට ඇත. මනස ශ්‍රේෂ්ඨ උතුම් කොට ඇත. සිතුවිලි කිලුටු නම් , මනස ද කිලුටු වේ. කිලුටු මනසක් ඇත්තා කිල්ට් දේ කතා කරයි. කිලුටු වූ සිතිවිලි ඇතිව අන්දමට යමෙක් කතා කරයි ද ක්‍රියා කරයි ද ඔහු පසුපස දුක ලුහුබඳියි නේ කෙසේද… ගැල අදින හරකා පසුපස රිය සක ලුහු බදිනවාක් මෙන් ය.
මෙම දේශනාවේ ඇති ගැඹුරු අර්ථය යමෙකුට තේරුම් ගැනීමට හැකිනම් ,තම සිතිවිලි වල ඇති බලය ගැන වටහා ගැනීම අපහසු නොවේ.
ආතතියකින් මිදී සුවපත් සැපවත් ජීවිතයක් ගෙවන කැමැත්තන් මීළඟ ගාථාවට ද අවධානය යොමු කිරීම ඉතාමත් වටී.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝනං සුඛමන්වේති
ඡායාව අනපායිනී
යමෙක් පසන් සිතින් යමක් කියන්නේ ද කරන්නේ ද එකල්හි ඔහුට සැප ගෙනදෙයි.ඒ සෙවනැල්ල ඔහු පිටුපස එන පරිදිය.
මිනිසත් බව ලැබූ අප අපගේම සිතුවිලි හරහා අප තුළ ඇතිවන වේගයන් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන සිටියා නම්, මේ සිතිවිලි වල ඇති ප්‍රබලත්වය මත අප කොතෙක් අපගේ ජීවිත යහමගට ගෙන ඇත්දැයි ඔබට කල්පනා නොවේ ද?
සිතුවිලිත් සමග පොරබදින මිනිස් ජීවිත අතර පාලනයක් ඇතුව මෙත් සිතිවිලි බල පවත්වා ගැනීම තුළ මිනිස් භවයක් අර්ථාන්විත වූ ජීවිතයක් ගත කරමින් යහපත් මගක් කරා පිය නැංවීමට ඔබට ,මට ඇති හැකියාව අවබෝධ කර ගනිමු.
එහි අයිතිකරු ඔබයි. එහි පාලකයා ඔබයි.සිතිවිලි වල ප්‍රභල හිමිකරුවා වශයෙන් එය නිවැරදි හස්තයෙන් පාලනය කොට ජීවිතය දිනා ගැනීමට ඔබට වරම් ලැබේවා..
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood