Temples of Sri Lanka

සෙන් උපමා කතා – 06

තේ කෝප්පයක් බීලා ඉමු….

(1868 – 1912 ) මෙයිජි යුගයේ ජීවත් වුණු නැන් – ඉන් කියන්නේ ජපන් සෙන් ගුරුවරයෙක් .දිනක් ඔහුව මුණගැසීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා .පැමිණීමේ ප්‍රධාන අරමුණ වුණේ සෙන් ගැන ඉගෙන ගැනීමේ ආසාවයි.

සියල්ලටම මත්තෙන් නැන් – ඉන් ඔහුට තේ පැන් පිරිනමමින් , ඔහු අමුත්තාගේ කෝප්පයට තේ පැන් වත් කළා.ඒ කෝප්පය පිරි ඉතිරි ගියත් , නැන් – ඉන් තේ වත් කරන එක නතර කළේ නම් නැහැ .

මේ සිද්ධියෙන් පුදුමයට පත් මහාචාර්යවරයා ඒ දෙස ගල් ගැසී බලා සිටියා .මේ විදියට තේ පැන් පිරී ඉතිරී යනවා තවදුරටත් බලාගෙන ඉන්න බැරි තැන, මහාචාර්යවරයා ඔහුගේ හඬ අවදි කළා .”ඒක පිරිලා නේ ,ඉතිරිලා යනවා. තවත් වත් කළාට වැඩක් වෙන්නේ නැහැ “යනුවෙන් මහාචාර්යවරයා පැවසුවා.

“මේ කෝපය වගේමයි ඔබේ ඔලුවත් .
අදහස් හා සිතුවිලි වලින් පිරිල ඉතිරිලායි මේ වනවිට තියෙන්නේ “ඉතින් මං ඔබට සෙන් කියා දෙන්නෙ කොහොමද ? මුලින්ම ඔබ ඔබේ කෝප්පය හිස් කර ගත්තෙ නැත්නම්, මේ කාර්යය කරන්නට මට නොහැකි වෙනවා ” නැන් – ඉන් සරල ලෙස පවසා සිටියා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X