Temples of Sri Lanka

බුද්ධිය පුබුදුවන දහම් පද …

බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමද සැලකිල්ලට භාජනය වූ ග්රන්ථයක් කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්ය වර්ගයාටම ජීවිත දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්ය මහඟු උපදෙස් රැසක් එහි ඇතුළත් වෙනවා එම ගාථා කියවන විට ඒ බව තහවුරු වන අතරම ධම්මපදය ඔබේ ජීවිතයට වඩාත් සමීප මිතුරෙක් බවට පත්කර ගන්නා කළ එහි ඇති බුද්ධිගෝචර බව ඔබට අත්විඳිනු හැක
බුද්ධිය පුබුදුවා ජිවිතයට නව ආලෝකයක් සපයන ගාථා මෙහි ඇතුලත් වෙනවා. ඒවා වනපොත් කර අරුත් වටහා ගෙන ආදර්ශ පාඨ බවට ජීවිතය පත් කර ගන්නවා නම් එය ඒවායෙන් දෙන පණිවුඩ යන්හි සත්‍ය පසක් කරගැනීමට උත්සාහ ගැනීමද යහපති.

 

අප වාසය කරන නිවස ගැන සිතුවොත් එහි වහලය සෙවිලිකර ඇත්තේ උළු තහඩු පොල්අතු පිදුරු වැනි කුමන හෝ දෙයකින් විය හැකියි කිරීම හොඳින් සිදු කරන ඇත්නම් වැස්සට නිවස ඇතුලත නොතෙමීම ඒකාන්තයි.
දහයක්වත් නියමිත මිශ්රණයෙන් තොරව ප්රමාණවත් කරගනිමින් තොරව ඉදිකළොත් එම නිවස කඩා වැටීම ඒකාන්තයි.
ඒ නිසි පරිදි සෙවිලි නොකළ නිසයි. සිත නිසි ලෙස සකස් නොකළ දෙයක් හෙවිලිනොකල ගෙයක් වගෙයි.වැරදි සිතුවිලි ඉතා පහසුවෙන් ඇතුළු වන අතර එබඳු සිත පහසුවෙන්ම නොමඟට යොමු වෙයි මැනවින් සංවර කරගත් සිතට නරක අසංවර සිතුවිලි ඇතුළත් නොවෙයි හොඳින් සෙවිලි කළ නොතැනක් වගෙයි බුදුරජාණන් වහන්සේ බව දේශනා කර ඇත්තේ මෙන්න මේ ආකාරයටයි.

 

යථාගාරං දුච්චන්නං
වුට්ථි සම විජ්ජති
ඒවං අහාවිතං චිත්තං
රාගෝ සමති සමතිවිජ්ජති

 

හොඳින් සෙවිලි නොකළ ගෙයක් යම්සේ වැසි දහර විනිවිද යයිද….එමෙන්ම භාවනාවට පුරුදු නොකළ සිත විනිවිද රාගය ඇතුළු වෙයි.

 

යථාගාරං සුච්චන්නං
වුට්ඨී න සමතිවිජ්ජති
ඒවං සුභාවිතංචිත්තං
රාගෝ න සමති විජ්ජති

 

හොඳින් සෙවිලි කළ ගෙයක් යම් සේ වැසි දහරින් විනිවිද නොවේද එමෙන් ම භාවනාවට හොඳින් පුරුදු කළ සිත විනිවිද රාගය ඇතුළු නොවෙයි.

 

බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනා කර තියෙන්නෙ සැවැත්නුවර ජේතවනාරාමයේ දී නන්ද තෙරණුවන් මුල්කරගෙන යි.
මේ සනාතන දහම දියුණු නොකළ අසංවර සිතට ඉතා පහසුවෙන් විවිධ නරක සිතුවිලි ඇතුළත් වන අතර ඉන් දියුණු කළ භාවනාවෙන් පුරුදු කළ සිතට එසේ ඇතුලත් නොවේ
අපේ දියුණුවට බාධා කරන අප වරදට පොලඹවන නරක සිතුවිලි සිතට ඇතුළු වීම වළක්වා ගැනීමට නම් ඒ සඳහා සිත පුහුණු කරගත යුතුයි.

 

කවර වැරදි සිතිවිල්ලක් පැමිණියත් එය හඳුනාගෙන බැහැර කිරීමේ ශක්තිය අපේ සිත තුළ අප ඇති කර ගත යුතුයි.
සොරුන් හිරිහැර අපරාධ හිංසා පීඩා කරන්නේ සාමාන්ය පුද්ගලයන්ට පමණක් නොවෙයි සොරු සොරුන්ට වදහිංසා පමුණුවන හා න් එක්ව සොරකම් කළ දෑ බෙදා ගැනීමට යෑමේ දී හෝ එක් එක් සොර කණ්ඩායම් වලට තවත් සොර කණ්ඩායමකින් බාධා පැමිණ වීමේ දී හෝ එබඳු අපරාධ සිදු වන්නට පුළුවන්.

 

ඒ වගේමයි සතුරෙකුට සතුරෙක් ගෙන් කරදර වදහිංසා පැමිණීමටද ඉඩ කඩ තියෙනවා එබඳු වධහිංසා ආදියෙන් පැමිණෙන විපත් තාවකාලිකයි මෙලොවට පමණක් සීමා විය හැකියි. එහෙත් අපේ සිත නොමඟට යෙදුව හොත් එහි විපාක සසර දිගු කලක් අපට විඳීමට සිදුවෙනවා අප පව්කාරයන් බවට පත්වෙනවා එනිසාම මෙලොවත් පරලොවත් විවිධ දුක් කරදර වලට භාජනය වන්නේ සිත නොමඟට වැටුණු විට යි.කිසිවකු විසින් කිසිවෙක් පව්කාරයන් බවට පත් කරන්නේ නැහැ .
අනෙක් අතට අපේ සිත යහපත් දෙයට යොමු කළොත් සිත සංවර කර ගත්තොත් ඉතා ශ්රේෂ්ඨ පුද්ගලයන් බවට අපට පත්වෙන්නට පුළුවන් අප දියුණුවට පත් කිරීමට මවුපියන් නෑදෑයින් පමණ මෙලෙස දරුවන් සිත දියුණු කළේ නැත්නම් යහපත් වැඩ වලට සිත යෙද වූයේ නැත්තම් අපේ දියුණුවක් ඇති වන්නේ නැහැ .
අප ශ්රේෂ්ඨත්වයට පත් කරන්නේ හොඳ සිතිවිලිවලින් යුක්ත අපගේ සිත බව මෙම ධම්මපදයෙහි ගාථා තුළ ඒ බව ඇතුලත් වෙනවා

 

දිසෝ දිසං යං තං කයිරා
වෙරි වාපන වේරි නං
මිච්ඡා පණිහිතං චිත්තං
පාපියෝ නං තතෝ කරේ
සොරෙකු අනෙකුත් සොරෙකුට සතුරෙකු අනෙකුත් සතුරෙකුට යම් හෝ අපරාධයක් කෙළේ නම් අකුසලයෙහි යොදන ලද සිත ඊටත්
වඩා අවැඩක් සිදු කරමින් ඔහු පාපියකු බවට පත් කරයි.

 

න තං මාතා පිතා කයිරා
අඤ්ඤක වාපි ච ඤතකා
සම්මා පණිහිතං චිත්තං
සෙය්ය සෝනම් තතෝ කරේ

 

මනා කොට පිහිටුවන ලද සිත ඔහු අතිශයින් උතුමකු බවට පත් කරයි එබඳු විශේෂ යහපතක් ඔහුගේ මව නොකරන්නීය පියා දෙයක් කරන්නේ නැත. සෙසු නෑ පිරිස කරන්නේ ද නෑ.
අපිත් සිත වරදින් මුදවා සු මගෙහි යොදවමු එය අපේ සමාජයේ යහපත පිණිස පවතිනු ඇත
සිත හික්මවා ගැනීම පහසු නැත එහෙත් අවශ්යතාව හා උනන්දුව තිබේනම් හික්මවා ගත හැකියි.
කොතරම් අපහසු වැඩ මිනිස්සු කරද්ද …මහා ගංගා හරස් කර උමං ඇළ වේළි සදවා තමන්ට අවශ්ය ප්රදේශයට ජලය ලබා ගෙන යති. ඊතල සාදන අය තමන්ට අවශ්ය පිලිවෙලට ඊතලය සාදා ගනිති.
ලී වඩුවා අවශ්ය උපකරණ සෑදීමට සුදුසු පරිදි සකස් කරයි. මේවා දෙස බලා පිත් ඇති නුවණැත්තන්ට තමා හෙවත් තමාගේ හිත හික්මවා ගැනීමට අදහස් පහළ වුණු අවස්ථා ගැන බෞද්ධ සාහිත්යයෙහි සඳහන් වෙනවා. එබඳු එක් කතා පුවතක් පණ්ඩිත සාමණේරයන් පිළිබඳ කතා පුවත උන්වහන්සේ අරබයා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක .

 

උදකංහි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්චකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

 

දිය ගෙන යන අය තමන් කැමති තැනකට දිය ගෙන යති .හී වඩුවෝ කැමති පරිදි හී දඩු නමති. අත් වඩුවෝ තමන් කැමති අතට ලි නමත්. නුවණැත්තෝ සිත දමනය කර ගනිත්.

 

සිතට නැගෙන නිසා හැම සිතුවිල්ලක්ම ක්රියාවට නගා සුදුසු සේ පමණක් කිරීමට නම් අපේ හිත අපටම පාලනය කර ගැනීමට හැකි විය යුතුයි අසංවර සිතින් යහපත් කිසිවක් කළ නොහැකි වගේම විවිධ අරමුණු ඔස්සේ සිත ගමන් කරන්නට පටන් ගත්තොත් පාඩම් කිරීම පවා අපහසුයි පින්දහම් කිරීමටත් සංයමය සංවරය අවශ්යයි. ආත්ම දමනය හෙවත් තමා සංවරවීම නම් නම් සිත සංවර කර ගැනීමයි ටිකින් ටික පුරුදු කළ යුත්තේ ….එය අපට කළ හැකි දෙයක්…

 

සහෝදරත්වයෙන් එක්වෙමු
© Buddhist Brotherhood
You might also like
en English
X
X