මහා මංගල සූත්‍රය ඇසුරු කර ගනිමින් දියුණුවේ මාවත දකිමු..








දකින දෙය අනුව ශුභ හෝ අශුභ බව පිළිගත් අය දිට්ඨ මංගල නම් වුණාඅසන දෙය අනුව ශුභ අශුභ බව නිශ්චය කළ කළ අය සුත මංගල නමින්ද සුබ යැයි සම්මත වූවක් දිවෙන් හෝ නාසයෙන් හෝ ශරීරයෙන් ස්පර්ශ කිරීමට ලැබීම සුබ දෙයක් යැයි පිළිගත්තෝ මුත මංගල නම් දලෙස වූවා

ක්රමයෙන් වැඩි දියුනුවට පත් මෙම මතවාදය දෙවියන් අතරටත් ගියා
දෙවියෝද කොටස් වලට බෙදුණා
දිනක් දෙවිවරු රැස්ව මෙම කාරණය පිළිබඳව දැනගැනීමට ශක්රදේවේන්ද්රයා හමුවට ගොස් මංගල සම්මත කාරණා මොනවාදැයි විචාලා.



ඒ අනුව බොහෝ දෙවියෝ ද මනුෂ්යයෝ ද උතුම් වූ මංගල කාරණා මොනවාදැයි සිතමින් පසු වෙන අතර කුසල් දහමෙහි අභිවෘද්ධිය කැමැත්තා වූ ඔවුනට උතුම් වූ මංගල කාරණාවන් දේශනා කරන සේක්වා යනුවෙන් භාග්යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිටිමින් ඒ දිව්යපුත්රයා බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවන් පිළිබඳව අසමින් මෙසේ සැළ කර සිටියා….


අනුවණයා න් ඇසුරු නො කිරීමත් නුවණැත්තන් ඇසුරු කිරීමත් පිදිය යුත්තන් පිදීම යන මේවා උතුම් වූ මංගල කන්න ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා





සුදුසු ප්රදේශයක වාසය කිරීම පෙර කරන ලද පින් ඇති බවත් තමා ශීලාදී ගුණ ධර්මයන් හි මනාකොට පිහිටීමද යන මේවා උතුම් මංගල කාරණාවෝ ලෙසත් වදාළ සේක





බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත්ශිල්ප ශාස්ත්රයේ ප්රගුණ බවත් විනයගරුක බවත් මනාව හික්මුණු බවත් ප්රියමනාප වචන කතා කිරීමත් උතුම් මංගල කාරණා වූ ලෙස පහදා දුන්නා





මව්පියන්ට උපස්ථාන කිරීම ද අඹුදරුවනට සංග්රහ කිරීම ද නිවැරදි කාය කර්මයන්හි යෙදීම ද යන මේවා උතුම් මංගල කාරණාවෝ ලෙස තවත් විග්රහ කළා





දන්දීම ධර්මානුකූලව හැසිරීම ඥාතීන්ට සංග්රහ කිරීම නිවැරදි ජීවන වෘත්තීන් හි යෙදීම යන මේවත් මේවා උතුම් මංගල කාරණාවෝ ලෙස තවදුරටත් පැහැදිලි කළා





පාපයෙහි නො ඇලීම ද ප්රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් කය වචන දෙකෙන්ම වැළකීමද මදයට හා ප්රමාදයට හේතු වූ මත්පැන් පානය නොකිරීම ද කුසල කර්මයන්හි අප්රමාද වීම යන මේවා ද උතුම් මංගල කාරණාවෝ ලෙස විග්රහ කළා





තෙරුවන් මවුපියන් හා වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීමත් යහපත් පැවැතුම් ඇති බවත් ලද දෙයින් සතුටු වන බවත් කළගුණ දන්නා බවත් සුදුසු කාලයෙහි දී ධර්ම ශ්රවණය කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා වූ බව පසක් කළා





ඉවසීම කීකරු බව ශ්රමණයන් වහන්සේ දැකීම සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම යන මේවත් මේවා උතුම් මංගල කාරණා කාරණාවෝ ලෙස සඳහන් කළා





ඉන්ද්රියයන් දමනය බ්රහ්මචාරී වීමත් ආර්ය සත්ය දැකීමත් නිවන සාක්ෂාත් කර ගැනීමත් යන මේවා උතුම් මංගල කාරණාවෝ ලෙස තව තවත් කරුණු ලෙස දැක්වූවා





අටලෝ දහමේ දී යමකුගේ සිත කම්පා නොවේද ශෝක නැත්තේ වේද කෙලෙස් රහිත වේද සැනසීමෙන් යුක්ත වේද මේවා උතුම් මංගල කාරණාවෝ ලෙස අදහස් දුන්නා





මේ මංගල කාරණා අනුගමනය කරමින් සියළු තැන අපරාජිත වී හැම තැනදීම උසස් බවට පත්වීම ඒකාන්තයෙන්ම සිදුවන බවත් මේ කියන ලද කාරණාවෝ උතුම් මංගල කරුණු ලෙස ජීවිතය තුළ වඩ වඩාත් වර්ධනය කරගත යුතු ඒවා බවත් මනා ලෙස ජීවිතයට සමීප වීම ආදර්ශවත් ලෙස පෙන්වා දුන්නා…
උක්ත පෙන්වා දෙන ලද උතුම් මංගල කරුණු ඇසුරෙන් ජීවිතය අර්ථවත් කර ගැනීමට සහ දියුණුවේ මාවත විවර කර ගැනීමට අවශ්ය උපදෙස් සහ ජීවිත හැඩගැස්ම පිළිබඳව මනා කොට මහා මංගල සූත්රය හරහා මෙසේ විග්රහ වෙයි…
ජීවිතයේ මනරම් ස්වභාවය අවබෝධයට ගනිමින් උතුම් මංගල කරුණු ඇසුරු කර ගනිමින් ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට සහ දියුණු වේ මං පෙත් විවර කර ගැනීමට මේ සූත්ර දේශනාවන් ඔස්සේ ජීවිතයට ලබා ගත හැකි අපරිමිත වූ ප්රතිඵලයන් ලගා කර ගැනීමට අප උත්සුක වෙමු…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood