The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 05
සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයක් අරභයා වදාළ ගාථාවකි ෴)