සිරි දළදා වන්දනා
මහනුවර දළදා මාළිගාවෙහි වැඩ සිටින දළදා වහන්සේ අපගේ උතුම්ම පූජා වස්තුවයි .
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන කොට සලකනු ලැබෙන මෙම උතුම් වූ වස්තුව අපට උරුම වූයේ මහසෙන් රජතුමා ගෙන් පසු ලක්දිව රජ පදවියට පත් වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ පාලන සමයේදීයි. එනම් ශ්‍රී බුද්ධ වර්ෂ 856 කාලයේදීයි. ඔහු රාජ්‍ය බලයට පැමිණියේ බුද්ධ පරිනිර්වාණයෙන් 847 වන වර්ෂයෙහිදී ය.
දළදා ඉතිහාසය ගැන කියවෙන දාඨා වංශය, දළදා පූජාවලිය, වැනි ග්‍රන්ථයන් වල සඳහන් වන පරිදි සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනය කෙරුණු සදුන් දර සෑයෙන් අපේ දළදා වහන්සේ වෙන්කර ගන්නා ලද්දේ ඛේම නම් රහතන් වහන්සේ විසින් .බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව වන මෙම පූජ්‍ය වස්තුව ආරක්ෂා කරගනිමින් වැඳුම් පිඳුම් කිරීම පිණිස කළිඟු රට බ්‍රහ්මදත්ත රජතුමා ට ඛේමා තෙරණුවන් විසින් පවරන ලදී. රජු විසින් කරන ලද පූජෝපහාර එම පරපුරේ පසුකාලීන රජවරුන් විසින් කරන ලද අතර බෞද්ධයන් විසින් ඇතැම් රජවරුන් ලබා දළදා වහන්සේ විනාශ කර වීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වී ඇත
දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමට පෙර අවසන් වරට භාරකාරත්වය දැරුවේ කලිඟු රට ශුභසිව රජතුමාය එම රජු විසින් දළදාවහන්සේ ආරක්ෂා කිරීම හා පුද පිළිවෙත් පැවැත්වීමේ වගකීම සිය බෑණනුවන් වූ දන්ත කුමරුට පවරා තිබිණි දන්ත කුමරා ශුභ සිව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියගේ සැමියාය
අසල්වැසි රජුගේ සේනාවක්ද දළදා වහන්සේ ලබා ගැනීම සඳහා ශුභසිව රජු සමඟ සටනකට පැමිණි අතර රජුගේ උපදෙස් මත දන්ත කුමරු හේමමාලා යුවළ විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩමවන ලදී. ඔවුන් මෙහි පැමිණියේ බමුණු යුවලක් සේ වෙස් වළාගෙන ඒ නිසාම මහාවංශයෙහි සඳහන් වන්නේ බ්‍රාහ්මණ කාන්තාවක විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද බවයි එය සිදුවූයේ කිත්සිරිමෙවන් රජ සමයේ බව පොත්පත් සඳහන් කරයි
දන්ත කුමරු හා හේමමාලා විසින් මේඝගිරි විහාරයට වැඩමවන ලද දළදා වහන්සේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් ගෞරවයෙන් පිළිගෙන අනුරාධපුර අභයුත්තර විහාරයෙහි තැන්පත් කොට මහත් පුද සත්කාර කළේය කිත්සිරිමෙවන් රජු අනුගමනය කළ සැදැහැවත් සිංහල බෞද්ධ රජවරු මහනුවර රාජධානි සමය තෙක්ම දළදා පූජාවෙහි යෙදුනහ
ලක්දිව රාජ්‍ය උරුමයේ සංකේතය දළදා වහන්සේ යැයි සැලකුණ හෙයින් ආගමික පූජා වස්තුවකටත් වඩා ජාතික වස්තුවක් බවට පත් වුණා .
ඒ නිසාම අපේ රටේ විදේශීය ආක්‍රමණයන්ට ගොදුරු වූ අවස්ථාවන්හිදී දළදා වහන්සේ පැහැරගෙන ගිය සොළීන් විසින් පැහැරගෙන යන ලද දළදා වහන්සේ යළි ලබා ගැනීමට දෙවන ගජබාහු රජටද යුද වැදීමට පවා සිදු වුණා
ලංකාවේ රාජකීයයන් අතර රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් අරගල හටගත් අවස්ථාවන්හිදී ද දළදා වහන්සේ තමන් සතු කර ගැනීමට බලවත් ප්‍රයත්න දරා තිබෙන බවට සාධක තියෙනවා අගනුවර වෙනස් වන විට දළදා වහන්සේ ද නව අගනුවරට වැඩමවන ලදී රජ මාළිගය ආසන්නයේ දළදා මාලිගාව සාදා ආරක්ෂක විධිවිධාන යෙදීමත් සිරිත් කඩ නොකොට පුද පූජා පැවැත්වීමත් රජවරුන් විසින් කරන ලදී
දළදා වහන්සේ මහනුවරට වැඩමවා ගත්තේ පළමු විමලධර්මසූරිය රජතුමා විසින්. එතුමා මහනුවර දළදා මාලිගාව ද ගොඩනැංවිය දෙවන විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් තුන්මහල් කොට සාදවා පුද පූජා පැවැත්වූ අතර ඇතුලත මාලිගාව කරන කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින්. මහනුවර ඇසළ පෙරහර දළදා පෙරහැර වූයේද එම රජුගේ කාලයේ දීය
යුරෝපීය ජාතිකයින් ලක්දිව කන්ද උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේදී දළදා වහන්සේ ආරක්ෂා කර ගන්නා ලද්දේ මහනුවරින් බැහැර හඟුරන්කෙත වන ප්‍රදේශයන් වල සඟවා තැබීමෙන් කන්ද උඩරට රාජ්‍යය ද ඉංග්‍රීසින්ගඉංග්‍රීසීන්ගේ පාලනයට පැවරූ කල්හි 1815 අප්‍රේල් 25 දින සියලුම පුරාතන චාරිත්‍ර විධි සහිතව දළදා වහන්සේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරනු ලැබුවා .
ඉංග්‍රීසියෙන් විසින් දළදා මාලිගාවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදන ලද්දේ රාජ්‍ය උරුමය ඇති සිංහලයකු විසින් දළදා වහන්සේ අයත් කරගෙන යළි රාජ්‍ය බලය ලබා ගනු ඇතැ යි යන සැකය නිසා විය හැකියි
පර සතුරන්ගෙන් දළදා වහන්සේ මෙසේ ආරක්ෂා කර ගැනීමට භික්ෂූන් භික්ෂුන් වහන්සේටද අපමණ වෙහෙසක් දැරීමට සිදුවුණා ඉංග්‍රීසියෙන් සතුව කන්ද උඩරට රාජ්‍යය යළිත් සිංහල රජ කෙනකුට ලබාදීම සඳහා ප්‍රබල උත්සාහයක යෙදුණු වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ උපක්‍රමශීලී ලෙස දළදා වහන්සේ මාලිගාවෙන් බැහැර කරගෙන වනගතව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් ආරක්ෂා කර ගත් අන්දමද වාර්තාගතව තිබෙනවා.
පාලකයන් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේ යළිත් මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කර ලද අතර පසුකාලයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ හා දියවඩන නිලමේ ගිය භාරකාරත්වයට පත් කරනු ලැබුවා. රටට අවදානම් අවස්ථාවන්හි දී දළදා වහන්සේ වැඩම කර දළදා වහන්සේට පුදපූජා පුද පූජා පැවැත්වීම සිරිතක්. රටේ වැදගත් තනතුරු වලට පත් වන බෞද්ධයෝ දළදා පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමට අමතක කළේ නැහැ
සම්බුද්ධ පරිනිර්වාණයෙන් 9 වන ශතවර්ෂයේ මැද භාගයේ සිට ලංකා වංශ කතාව පුරාම සඳහන් වන ඉතිහාසයක් ඇති සිරි දළදා වහන්සේ නිසා ලංකා රාජ්‍ය පාලනය නව මගකට යොමු වුණා. දාඨා වංශය, දළදා සිරිත, දළදා වංශය, දළදා සිරිත, දළදා පූජාවලිය, වැනි ග්‍රන්ථ එකතු වීමෙන් ලංකා සාහිත්‍යය පෝෂණය වුණා .
දළදා පෙරහැර දළදා පුදසිරිත් ආදිය නිසා සංස්කෘතික පෝෂණයක් සිදුවුණා. ශ්‍රී ලාංකික බෞද්ධයාගේ සැදැහැ වඩන ප්‍රධාන පුණ්‍ය භූමිය බවට අද සිරි දළදා මාලිගාව පත්ව තිබෙනවා. අප දළදා වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන වැඳුම් පිඳුම් ලෙස සලකා ගෙනයි. ශාරීරික ධාතුන් වහන්සේ වැඩ සිටීම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය හා සමානවම සැලකීමට ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ වැඩ සිටින ප්‍රධානතම ශාරීරික ධාතුන් වහන්සේ දළදා වහන්සේ යි
දළදා හාමුදුරුවන් හා උන්වහන්සේ ඇසුරෙන් ගොඩනැඟී ඇති පුද සිරිත් හා සංස්කෘතිය රැක ගැනීමත් අගය කිරීමත් සිංහල බෞද්ධයන් සතු වගකීමක් .එම වගකීමෙන් කොටසක් බොදු දරුවන්ටද පැවරී තිබෙනවා.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood