මේ සතර දනව්වේ එකම පිහිට බුදු සසුනයි
පිහිටක් නැති
සරණක් නැති
සතුටක් නැති
මුහුණක් ඇති
මේ සතර දනව්වේ…..
එකම පිහිට බුදු සසුනයි..
බුදුන් වහන්සේගේ දේශනාවේ විඤ්ඤාණය ගැන පෙන්වා දෙන්නේ මේ ආකාරයට.
දවසක් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. මේ විඤ්ඤාණය කුමක් කළ යුතුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, විඥානය අවබෝධ කළ යුතු දෙයක් කියලා ප්‍රඥාවට කුමක් කළ යුතුද? ප්‍රඥාව වැඩිය යුතු දෙයක් කියලා.. එහෙම නම් විඥානය අයිති වෙන්නේ දුකට. ඒකනෙ “සංකිත්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛා” කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ.
සමහර අයට බණ භාවනා කරගෙන යනකොට එයාට තමන් ඉන්න තැන නොදැනී යනවා. එතකොට මෙයා තව කෙනෙකුට කියද්දි එයා කිව්වම දැන් ඔයාලා ඵලයට පත්වෙලා ඉන්නේ කියලා එයා එක ග්‍රහණය කර ගන්නවා. ඊට පස්සේ පුරුදු කරනවා. එතකොට තමන් හිතනවා… තමන්ට නොදැනී යන මේ අවස්ථාව නිවන කියලා..
මේ විදිහට චතුරාර්ය සත්‍ය විග්‍රහ කරගන්නේ නැති තාක් රැවටෙන අවස්ථාවල් හරියට තියනවා.
චතුරාර්ය සත්‍යය තුළ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ අයිති දුක්ඛ ආර්ය සත්‍යය අවිද්‍යා තෘෂ්ණා අයිති සමුදය තෘෂ්ණා නිරෝධය අයිති නිරෝධ සත්‍යය ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය අයිති මාර්ග සත්‍යය මේක විග්‍රහ කර ගන්නා තාක් වෙන මොන විග්‍රහයකට ගියත් අවුලක් මිසක් විසඳුමක් ලැබෙන්නේ නෑ.
අපි යම්කිසි කෙනෙකුගේ දෙයක් හොරෙන් ගත්තොත් ඒ ක්‍රියාවෙන් නේද අපි හොරෙක් වෙන්නේ.. එතකොට යම්කිසි විදිහකින් ඒක නොකළොත් ඒ නොකිරීමෙන් අපි හොඳ කෙනෙක් වෙනවා…. එතකොට මේ හැමදේම තියෙන්නෙ ක්‍රියාවකින්. ඒ වගේම විපාක තියෙන්නෙත් ක්‍රියාව මත .
එහෙම නැතුව මම හොඳයි ඔබ නරකයි නැත්නම් ඔබ නරකයි මම හොඳයි කිව්වට කවදාවත් හරියන්නේ නෑ. අපි එහෙම හොද නරක ගැන කතාබහ කරලා අසවලා හොඳයි කියලා හොඳ නරක ගැන නාමමාත්‍රික විග්‍රහයක් කළාට එකේ ප්‍රායෝගික වටිනාකමක් නෑ. ඒක හිස් දෙයක් ක්‍රියාවෙන් තමයි ඔක්කොම තියෙන්නෙ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල තියෙන සියලුම දේවල් ක්‍රියාවට අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ගත්තොත් යෝනිසෝමනසිකාරය තුළ ඇති කරගන්න ක්‍රියාපටිපාටියක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ගත්තත් ක්‍රියාවක් සම්මා වායාම සම්මා සමාධි ගත්තත් එක් ක්‍රියාවක්.
ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාර්ගය තියෙන්නෙත් ඔබ ළඟමයි, දුක තියෙන්නෙත් ඔබ ළඟමයි, දුක හට ගැනීම තියෙන්නෙත් ඔබ ළඟමයි දුක නැති කරන මාර්ගය තියෙන්නෙත් ඔබ ළඟමයි දුකෙන් නිදහස්වීම තියෙන්නෙත් ඔබ ළඟමයි කියලා..
මේක ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. ප්‍රාර්ථනාවකින් මොකුත් කරන්න බෑ. නමුත් අපි ඒ විදිහට ප්‍රාර්ථනාවකින් බැහැ කිව්වාම කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්… එතකොට කොහොමද භාග්‍යවතුන් වහන්සේ පාරමි ධර්ම පුරාගෙන මේ ගමන ආවේ කියලා.
භාග්‍යවතුන් වහන්සේ පාරමි ධර්ම පුරාගෙන ආපු ගමනේ එකක්වත් ප්‍රාර්ථනාව කරලා නෑ. ඔක්කොම කරල තියෙන ක්‍රියාවෙන්. ඊළඟට ඒ හැම එකක්ම කරලා තියෙන්නේ මට බුදුබව ලැබෙන්න මෙහෙම වෙන්න කියලා නෙමෙයි .
අබුද්ධෝත්පාද කාලවල දී නම් විමුක්තිය හොයාගෙන හොයාගෙන උන්වහන්සේ දානාදි පාරමී ධර්ම පුරලා තියනවා. නමුත් බුද්ධෝත්පාද කාල වල දී උන්වහන්සේලා කරල තියෙන්නෙ ඒ බුද්ධ ශාසනය බබුලුවන්න… ඉන් පස්සේ මිනිස්සු සුගතිගාමී වෙනවා යහපත් මාර්ගයට එනවා..
හොඳම උදාහරණය මොකක්ද බෝධිය කියලා කියන්නේ? මොකක්ද කියලා තේරෙන්නේ නෑ.
බෝධිය යනු චතුරාර්ය සත්‍ය මාර්ගය ..ඥානයට නමක් …අද ඒකවත් දන්නේ නැහැ ඇසතු වෘක්ෂය පූජනීය බවට පත්වුණේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධියට සෙවන සැලසූ නිසයි.
එතකොට භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය සිහිකරගෙන බෝධියට වඳින්න තියෙන්නෙ. එතකොට තමයි පින උපදවා දෙන්නෙ .
නමුත් එය නම් උපදවා ගත් අවස්ථාවක් නෑ මොකද මිනිස්සු ඉන්නේ දෘෂ්ටියක හිර වෙලා.
මේ නිසාම අපට තියෙන නොසැලෙන අධිෂ්ඨානය රැක ගත යුතුයි .ඒක ප්‍රාර්ථනාවක් නෙමෙයි අධිෂ්ඨානයක් ඒ අධිෂ්ඨානයෙන් තමයි පුද්ගලයා ඒක කරා ගමන් කළේ
ඒ වගේ අපේ ජීවිත තුළ අනේ මට මේක වේවා මේක වේවා කියලා ප්‍රාර්ථනා තියෙනවනේ අපි ගත්තොත් සාමාන්‍ය ලෝකයා තුළ ගොඩක් ප්‍රාර්ථනා තියෙනවා.
මේ ලෝකයට අයිති දේවල් පිළිබඳවමයි… අනේ මට හොඳ ගෙයක් ලැබෙනවා නම් කියලා හිතනවා. ලස්සන පවුලක් දැක්කොත් අනේ මට අනාගතයේ වත් මේ විදියට ඉන්න ලැබුණොත් කියලා හිතනවා .අනේ මට මේ ආත්මයේ ලැබිලා ඉන්න ළමයි හරි නෑ ලබන ආත්මෙවත් මීට වඩා ලස්සන ළමයි ලැබෙන්න ඕන මට මීට ලස්සන බිරිඳක් ලැබෙන්න ඕන මට මීට වඩා ලස්සන ස්වාමියෙක් ලැබෙන්න ඕන මම නළුවෙක් වගේ නැත්නම් නිලියක් වගේ ලස්සන වෙන්න ඕන ගායක ගායිකාවන් වගේ මිහිරි හඬක් තියෙන්න ඕන කියලා මේ වගේ ප්‍රාර්ථනා ගොඩක් අපි ගව තියෙනවා.
ඒ කියන්නේ මේ ඔක්කොම ඇස කන නාසය දිව කය මනස සම්බන්ධ දේවල්. නමුත් යම් කෙනෙක් සසරින් නිදහස් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව එන්නෙම එන්නේ ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරහායි…
ලොකුම පිළිසරණ බුදු සසුන කීවේ ඒකයි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood