Temples of Sri Lanka

හේතු ඵලය……

වැහිබර දවසක නැගෙනහිර අහසේ පායා ඇති ලස්සන දේදුන්නක් ඔබ දැක ඇත.අහස වැහි වලාකුළු වලින් පිරී ඇත.බටහිරෙන් හිරු බැස යමින් තිබේ වැහි වලාකුළු වලට ඉර අව්ව වැටී තිබේ බටහිර අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා දුන්නක හැඩය ට පාට පාටින් බබළන දේදුන්න කොතරම් ප්රියංකර ද….
මෙය දේදුන්නක් යැයි නම් කර ඇත්තේ කුමක් නිසාද …..
දෙවියන්ගේ දුන්න යන තේරුම එහි ඇත ඉර හඳ තරු දෙවියන් සේ සැලකූ මිනිස්සු දේදුන්න දෙවියන්ගේ දුන්නත් කියයි සිතූහ
විද්යාවේ දියුණුව මතින් දේදුන්න වටහා ගැනීමට හැක සූර්යාලෝකය පාට කීපයකින් සෑදී තිබේ එනම් රතු තැඹිලි කහ කොළ නිල් දම් ආදී පාඨවලින් සූර්ය රශ්මිය ජල බිඳු අතරින් ගමන් කරන විට එහි ඇති පාට වෙන් වෙන් ව අපට පෙනෙන්නට තිබෙනවා
එය දුන්නක හැඩය ගන්නෙ ඇයි…? පොළොව ගෝලාකාරයි පොළොව වටා වලාකුළ පිහිටා ඇත්තේ ගෝලාකාරවයි. එනිසා එයින් නිකුත් වුන රශ්මියත් දේ දුන්නක හැඩය ගන්නවා

 

දේදුන්නක නැමැති ප්රතිඵලය ඇති කළ හේතු ඉහත සඳහන් අයුරින් අපට වෙන් කොට හඳුනා ගන්නට පුළුවන්
විද්යාත්මකව තේරුම් ගත් පසු අපි දේදුන්න දෙවියන්ගේ දුන්නත් කියයි සිතන්නේ නැහැ මෙසේ ලෝකයේ සිදුවන සෑම සිදුවීමක ට ම අප කරන සෑම ක්රියාවකම හේතුව හා ඵලය වෙන් කරගන්නට පුළුවන්

 

වරක් බුදුරජාණන් වහන්සේ ගොයම් ගසකින් අස්වැන්න ලැබෙන අයුරු උපමාවට ගනිමින් මේ කරුණ විස්තර කර දී තිබෙනවා
මේ ආකාරයට පටිච්චසමුප්පාදය යනු හේතුඵල ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය හේතුඵල දහමක්.
“යේ ධම්මා හේතුප්පභවා” යනුවෙන් අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුදහම මුළුමනින්ම කැටිකර දැක්වීමකින්…
සත්ව ශරීර රුධිරයෙන් සමන්විත බව අපි දනිමු. එම රුධිරය නමැති ඵලය ඇතිවීමට හේතු කාරකයන් බොහෝ ගැබ්ව තියනවා. රුධිරය සෑදීමට ආහාර අවශ්යයි. ආහාර සෑදීමට ශාක අවශ්යයි. ශාක සෑදීමට පස්, ජලය, හිරු එළිය සහ වාතාශ්රය අවශ්යයි.
එසේනම් රුධිරය නම් වූ සතර මහා ධාතු සංකලනය තුළ ඇත්තේ පස්, ජලය, ගිනි, සුළංය. එසේනම් මෙම ශරීරය සෑදී ඇත්තේ සතර මහා ධාතූන්ගේ සංකලනයකින් බව අවබෝධ නොවන්නේ අවිද්යාව තුලින් පෝශිත න්සායි.
මරණයෙන් පසු පොළොවේ පස්ගොඩටම එකතුවන ශරීරය නමැති පස්ගොඩ ‘මම’ යනුවෙන් අල්ලා ගැනීම නිසා ජරා, ව්යාධි මරණ ආදියට හා ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සුපායාසා ආදියට පත්වනවා.

 

අවිද්යාව තිබෙනතුරු මෙය අවබෝධ කිරීම අපහසුයි. පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරු බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම නිසයි. පෘතග්ජන පුද්ගලයා අවිද්යාව නිසා රාග ද්වේශ, මෝහ, ගිනිදැල්වලින් වට වී සිටිනවා.
බුදුරජාණන් වහන්සේ “සබ්බෙ පුථුජ්ජනා උන්මත්තකා” යනුවෙන් දේශනා කළේ එම නිසයි. උමතුවෙන් සිටින අයට මෙය තෝරා බේරා ගැනීම අපහසුයි.

 

සියලු සංසාරගත සත්වයෝ මහලුවීම, ලෙඩවීම, මරණය, ශෝක වීම, වැළැපීම, පිරයයන්ගෙන් වෙන්වීම, අපිරයයන් සමඟ එක්වීම ආදී අනේක දුක්ඛයන්ට පත්වීම නැවැත්විය නොහැකී . මෙයට හේතුව නොදන්නා තැනැත්තා ලෙඩදුක් සෑදීම ආදිය හුදෙක් සෘතු විපර්යාසය සහ ආහාරයේ බලපෑම ආදිය නිසා සිදුවන බවට හේතුදක්වයි. තමන් දකින දෙය තුළින්ම නිගමනයට පැමිණෙන මෙම පුද්ගලයා මෝහයට නැතහොත් මුළාවට පත් වූ අයකු ලෙස විවිධ හේතූන් ඒ සඳහා ඉදිරිපත් කරනවා.

 

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සියලු දුකට හේතුව ඉපදීම බවයි. මෙම ඉපදීම නිසා ඇතිවන දුක නැතිකිරීමට යා යුතු නියම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව උන්වහන්සේ අවබෝධ කර පසක් කළා.
ඉපදීම නමැති ඵලය ඇතිවීමට හේතුව සෙවීමේ දී බුදුන් වහන්සේ දුටුවේ ඉපදීමට හේතුව කර්ම එක් රැස් කරමින් භවය සකස් කිරීම බවයි. සත්වයන් උපදින ස්ථාන වශයෙන් සතර අපාය, මනුෂ්ය ලෝකය, සදෙව්ලොව, රූපාවචර අරූපාවචර බ්රහ්ම ලෝක ආදිය උන්වහන්සේගේ බුදු ඇසට දර්ශනය වුණා.

 

මෙසේ භවය සකස් වන්නේ කුමක් හේතු කොටගෙන දැයි සොයා බැලීමේ දී භවය සකස්වන්නේ දැඩිලෙස ඇලුම්කිරීම, නැතහොත් බැඳීම, ග්රහණය කර ගැනීම නිසා බව පෙනුනා. මෙය උපාදාන කරගැනීමක්…

 

ඔබේ අම්මා ඔබට ලැබුණේ හේතුඵලයක් නිසා. තාත්තා ඔබට ලැබුණේ හේතුඵලයක් නිසා. එබැවින් ඔවුන් තුළින්ද ධර්මය මතුකර ගන්න ඔබ දක්ෂ විය යුතුයි. ඔබගේ සංස්කාරක ධර්මයන්ට ගැළපෙන පරිදි තමයි ඔවුන්ව ලැබිලා තිබෙනුයේ. එසේ නම් ඔබේ කුසලය දියුණුකර ගනිමින් අම්මාට තාත්තාට සලකන්න. එවිට මතු භවයක දී වඩාත් හොඳ අම්මා තාත්තා කෙනෙක් ලෞකිකව ඔබට ලැබෙනවා. ඉන් එහා ඔබ දක්ෂනම් අම්මා තාත්තා තුළින් විදර්ශනාව මතුකර ගත හැකිය. එනම් මෙවැනි අම්මලා තාත්තලා සසරේ මට කොතරම් මුණ ගැසී ඇතිද? මේ හැම මනුෂ්යයෙක්ම, දෙවියෙක්ම, බ්රහ්මයෙක්ම මට මාපියන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පූර්වේනිවාසානුස්සති ඥානය තුළින් දකිනවා මේ තිරිසන් ලෝකයේ ඉන්න සෑම සත්ත්වයෙක්ම මනුෂ්යයෙක්ම සසරේ ඥාතීන් වී ඇති බව. මේ ධර්මය තුළින් ඔබ ද අතීත පංච උපාදානස්කන්ධය මතුකර දකින්න.
අමිහිරි දේ ලැබුණත්, අසුන්දර දේ ලැබුණත්, අවලස්සන දේ, අකීකරු දේ ලැබුණත් එයත් ධර්මය ලෙස දකින්න. ධර්මය ධර්මානුබෝධය උදෙසාම යොමුකර ගන්න. එවිට ජීවිතය ජීවත්කරලීමට පහසුය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X