Temples of Sri Lanka

සන්සුන් මනස…

දුටු දෙයට ,ඇසුනු දෙයට ,ගඳ සුවඳට ,ස්පර්ශ වන දෙයට ,දිවට දැනෙන රසය ට ,ආදී මේ සියල්ලටම මිනිස්සු ඇදිලා යනවා ඒවායේ සිතෙන් ඇලෙනවා එනිසා ඒවා කරා එළඹෙනවා මීටත් වඩා දුරට මිනිස්සු සිතේ ඇති වන සිතිවිලි වලින් කැළඹී යනවා ඔබට දැන් සිටින තැන සිටිමින්ම ඔබ දුටු ඇසූ දැනගත් හැම තැනටම සිතින්ම දිව යන්නට පුළුවන්
මේ මොහොතේ සිරිපා කඳු මුදුනට ගිහින් අනුරාධපුරයේ රුවන්වැලි සෑය ලඟටත් එතනින් සත්තුවත්තකට ඔබට සිතින් යා හැකි නේද….. අවුරුදු ගණනාවකට පෙර ලැබුණු ක්රීඩා භාණ්ඩයක් බලා මේ දැන් ඇසෙන බෙර හඬට සවන් යොමු කරමින් කාලය වත් දුර වත් සිතේ ගමනට ඈතක් නොවන පරිදි හැසිරුන හැකියි නේද…

 

මේ ආදී වශයෙන් සිතේ ඇතිවන නොසන්සුන්කම නිසා අපේ ක්රියාවල හා අපේ වචන වල ඇති වන වෙනස ගැන අපට ම සිතා බලන්නට පුළුවන් පළමුව ඔබ ඔබේ සිරුරේ ඇතිවන වෙනස්කම් ගැන මදකට සිතන්න අමනාප වී සිටින පුද්ගලයකු මතකයට එන විට ඔබේ මුහුණ විරූප වෙලා යනවා තරහව දැඩි වුනොත් මිනිස්සු කතා කරමින් සිටි බස් වෙනස් කරනවා රළු වචන නොදැනීම කටින් පිටවෙනවා එකට එක කියා ගැනීමට මහ හඬින් කෑ ගැසීමට පටන් ගන්නවා ඊළඟ අවස්ථාව අපේ ක්රියාවද වෙනස් කරනවා
තව නිදසුනක් ලෙස ගන්න තදබල තරහක් ඇති උනහම… ඇතැම් මිනිස්සු දඬු මුගුරු අතට ගන්නවා ගුටිබැට හුවමාරු කරගන්නවා හිතේ කලබල ගතිය නැති උනාම,කායිකවත් ප්රසන්න පෙනුමක් ඇතිවෙනවා වචන මිහිරි වෙනවා කරන ක්රියා නිවැරදි වෙනවා හරිම ක්රමවත් බවක් ඇති වෙනවා…

 

අන් අය සමඟ අඩදබර ඇති කරගන්නේ නැහැ ඒ වෙනුවට සුහද සබඳතා ගොඩ නැගෙනවා ජීවත්වීම පහසු වෙනවා මෙසේ මිනිසාගේ සිතිවිලි වචන හා ක්රියා යහපත් වීමට සංසුන් මනසක් අවශ්යම බව අපට වැටහෙනවා
සිත නොසන්සුන් වෙන්නේ කොහොමද කියලා වැටහීමක් දැන් ඔබට තියෙනවා ආසා සිතුවිලි තරහ සිතුවිලි හිතේ ඇති වීමෙන් හිත නොසන්සුන් වන බව අපට පේනවා මේ අනුව ඊර්ෂ්යා සහගත සිතුවිලි වූ වෛර චේතනා පළිගැනීම් අරමුණු සිතට නැගෙන කොට පෙනෙන රූප නිසා ඇසෙන ශබ්ද නිසා දැනෙන ගඳ සුවඳ නිසා විඳින රස නිසා නැගෙන සිතුවිලි නිසා සිත එහාට මෙහාට දුවන්නට පටන් ගන්නා හැටි දැන් ඔබට පැහැදිලිවම දකින්නට පුළුවන් මේ සිතුවිලි සිතට එන්නේ රූප ,ශබ්ද, ගන්ධ, රස ,ස්පර්ශ අරමුණු හේතු කොටගෙන…

 

පෙනෙන්නට ඇති හැම දෙයක්ම පසුපස දුවන්නට සිත ඉඩ නොදී සිත පාලනය කර ගැනීම අවශ්යම දෙයක් රසවත් ආහාරයක් ගැනීමෙන් එහි රසයට ගිජු වී නැවත නැවතත් ඒ ආහාරයම ගැනීමට ගොස් අසනීප වීමට වඩා හිත පාලනය කරගෙන සිටීම නිරෝගී බවට අවශ්යම දෙයක්
අසල්වැසියෙක් ගේ මල් ගසක් එය සොරා ගැනීමට ගොස් අඩ දබර කර ගැනීමට වඩා ආසාව සිතේ ඇති වීමට ඉඩ නොදීමෙන් අසල්වැසියා සමග සමගියෙන් සදා සතුටින් ජීවත් වෙන්නට පුළුවන්
සිතේ අයහපත් සිතුවිලි ඇති වීමට ඉඩ අඩු කර ගැනීමෙන් හිත පාලනය කරගන්න පුළුවන් සන්සුන් සිතක් ඇති කර ගැනීම තමාගේ යහපතටත් අනුන්ගේ යහපතටත් හේතුවන බව දැන් ඔබට වැටහෙනවා ඇති..
මේ ආකාරයෙන් සිත සන්සුන් කර ගැනීමේ ක්රම සොයා බැලීමට ඔබ සූදානම් වන්න මනස සන්සුන් කර ගැනීමේ විවිධ ක්රම විවිධ ආගම් ආගම්වල ඉගැන්වීම් කටයුතුවල සිදු කරනව එයින් බුදු සමයේ එන ක්රමය හැඳින්වෙන්නේ භාවනාව කියයි භාවනා යන්නෙහි තේරුම වැඩීමයි එනම් යහපත් සිතුවිලි අනුව සිත සකස්කර ගැනීමයි සිත දියුණු කර ගැනීමයි තමන්ට වඩා ප්රයෝජනවත් වන පරිදි හිත හැඩගස්වා ගැනීමයි ..

 

කෙලෙසුන් සිතින් තොර කළ සිතූ තනාමය
නිදුකින් ලැබෙයි බඹලොව සැප මනාමය
සුදසුන් නිවන් දෙයි මරසෙන් දිනාමය
පිනකින් උතුම් පින නම් භාවනාමය
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X