Temples of Sri Lanka

අපි වෙමු දෙගුරුන් සලකන දරුවෝ

දෙගුරුන් නම් අපගේ මවුපියන් වෙයි. දරුවන් වූ අපට මවුපියන් නැගෙනහිර දිශාව වාගේයි. නැගෙනහිරින් උදා වන සූර්යයා සත්ව හා ශාක ජීවිතවලට විවිධ වූ බලපෑම් කරයි. දවස ආලෝකවත් වන්නේ ද පෙරදිගින් එන ආලෝකයෙන්…. දරුවන්ගේ ජීවිත පුබුදුවා ආලෝකමත් කරන්නෝ මව්පියෝ වෙති දරුවන්ගේ නැගෙනහිර දිසාව මවුපියන් යැයි සඳහන් වන්නේ එම කරුණු සැලකිල්ලට ගැනීමෙන් …

 

බ්රහ්ම, පුබ්බාචරිය ආදී නම්වලින් ඔවුන් හඳුන්වනු ලබන්නේ එනිසාමයි මෙබඳු උත්තම ගුණයෙන් යුක්ත වූ මවුපියන්ට නිසි ලෙස සැලකීම දරුවන් වන අපගේ මහා යුතුකමක් වන්නේය.
බුදු දහමෙහි සඳහන් වන පරිදි මව්පියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කාරණයක් ද වන්නේය. මංගල කරුණු ලෙස දැක්වෙන්නේ දියුනුවට හේතුවන කරුණු… මවුපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවන කරුණක් වෙයි. වයස්ගත මවුපියන්ට නොසලකන දරුවා ඉතා පහත් පුද්ගලයකු ලෙස එනම් වසලයකු ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් සේක.
මවුපියන්ට සලකන දරුවා තුළ උතුම් මිනිසෙක් ඇත සත්පුරුෂයෙක් ඇත පැසසුම් ලැබිය යුතු පුද්ගලයෙක් ඇත. එබඳු සත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේගේ පැසසුමට නිරන්තරයෙන්ම ලක් වූහ.

 

ස්වාමීන් වහන්සේ නමක් පිඩු සිගා ලබාගත් දෙයින් වුවත් තම මවුපියන් පෝෂණය කරන්නේ නම්… එය ඉතා උතුම් ක්රියාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එසේ දේශනා කළේ කුඩා කල තමන් පෝෂණය කළ මවුපියන් තමන්ට හැකි අවස්ථාවේ පෝෂණය කිරීම දරුවන්ගේ යුතුකමක් බව පෙන්වා දෙමින් ….සිඟාලෝවාද සූත්රයෙහි සඳහන් වී තිබෙන්නේත් දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතු යුතුකම් අතර පළමුවැන්න ලෙසයි.
දෙමව්පියෝ තම දරුවන්ට පෝෂණය කිරීමට සඳහා විවිධ කරදර හිරිහැර විදිනවා. දරුවන් කිරි බොන වයසේ සිටියදී මව කිසියම් ආහාරයක් ගන්නේ නම් එසේ කරන්නේ ද දරුවාට කිරි දීමට ලබා ගන්නා ආහාරයක් යන සිතුවිල්ලෙන් ….
දරුවා මව් කුසේ සිටියදී බිහිවීමෙන් පසු කිරි බොන වයස පසු කරන තුරුත් මවගේ පෝෂණය ගැන පියා වැඩි සැලකිල්ලක් දක්වන්නෙ එය දරුවාගේ පෝෂණයට අවශ්යයෙන්ම යුතුකමක් වන නිසයි
කිරිබොන වයස පසු කළ දරුවන්ට අඩුපාඩුවක් නොදැනෙන සේ ආහාරපාන පිළියෙල කර දෙන ඇතැම් මවුපියෝ තමන්ගේ කුසට හරිහැටි ආහාරයක් නොගනිති. අගහිඟකම් අඩු ආර්ථික අතින් ශක්තිමත් පවුලක් වුවත් ආහාර පාන ගන්නා විටෙක ඔවුන් කරන්නේ තමන් බෙදා බෙදාගැනීමට පෙර දරුවන්ට බෙදා දීමයි. එසේ පෝෂණය කළ මවුපියන් අපහට හැකියාව ඇති අවස්ථාවේදී පෝෂණය කිරීම අපගේ යුතුකමක් ලෙස දකිමු.

 

පෝෂණය තනිකර අපට පමණක් කළ නොහැකි නම් අපගේ අනෙකුත් සහෝදර සහෝදරියන් හෝ නෑදෑ හිතවතුන්ගෙන් සුදුසු පරිදි ආධාර ලබාගෙන හෝ මවුපියන් පෝෂණය කිරීමට බැඳී සිටින බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි.
මවුපියන් දරුවන් පෝෂණය කරන්නේ ශාරීරික වශයෙන් පමණක් නොවෙයි
🍂පවින් වැලැක්වීම
🍂යහපත් කටයුතුවල යෙදවීම …..
ආදියෙන් කරන්නේ ගුණ දහමින් පෝෂණය කිරීමයි දරුවන් විසින් මවුපියන් පෝෂණය කරනු ලැබීමේදී ඒ ගැන සැලකිලිමත් වීම වටිනවා.
ඔවුන්ට ගුණ දහම් දියුණු කර කර ගැනීමට පින්දහම් කර ගැනීමට යම් දරුවකු උපකාර කරන්නේ නම් එය මව්පිය පෝෂණයේ කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන් උතුම් මවුපිය උපස්ථාන යක් වන්නේ ඒ නිසාමයි දිනපතා නිවසේ තෙරුවන් වැදීම සඳහා මවුපියන්ට සහභාගී කරවා ගැනීම, සිය කැමැත්තෙන්ම වදින පුදන මවුපියන්ට මල් පිළියෙල කර දීම වැනි ක්රියාවන්ගෙන් අප කරන්නේ අපේ මවුපියන් පෝෂණය කිරීමයි.

 

පොහෝදා සිල් සමාදන් වන මවට හෝ පියාට හෝ දෙදෙනාටම හෝ ආහාර පාන රැගෙන ගොස් උපස්ථාන කරන දරුවා කරන්නේ මව්පිය පෝෂණයක්.
ඔවුන්ට ගුණ දහමින් පෝෂණය වීමට උපකාර කිරීමක් ඒ තුළින් සිදුවෙනවා…. ශාරීරික පෝෂණයට වුවත් ආහාර පාන සැපයීම පමණක් ප්රමාණවත් වන්නේ නෑ ඒ සඳහා සැනසිලිදායක සිතක් තිබීමත් අත්යවශ්යයි දිනපතා බුද්ධ වන්දනාව වෙන් වන්දනා ගමන් යෑමෙන් පින්දහම් කිරීමෙන් මවුපියෝ මහත් සතුටක් ලබනවා ඒ සතුට ඔවුන්ගේ ශාරීරික සෞඛ්යය කෙරෙහි බලපානවා අනෙක් අතට ඔවුන් බලවත් ලෙස සතුටු වන්නේ දරුවන් හොඳින් සිටිනු දැකීමෙන් ඒ නිසා මවුපියන් ගේ සිත සැනසෙන ආකාරයට අප කටයුතු කරන්නේ නම් එයත් මවුපිය පෝෂණය ම කොටසක් බවට පත් වෙනවා.
දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතු දෙවන යුතුකම වන්නේ ඔවුන්ගේ කුදු මහත් කටයුතු කිරීමයි මවුපියන්ට කර ගැනීමට අපහසු එහෙත් කළ යුතු දේ තිබේ නම් ඒවා කිරීමට උදව් දීම දරුවන්ගේ යුතු කමයි ඇතැම්විටපවුලට ගමට රටට ඔවුන් ඉටු කළ යුතු එසේම ඉටුකර ගෙන ආ දේවල් තිබෙන්නට පුළුවන්.
ඒව තම යුතුකම් ලෙස බාරගෙන ඉටු කරන්නේ නම් එසේ කරන දරුවා මව් පියන්ගේ කටයුතු කරන්නේ සතුටින්… කුඩා කල මවුපියන් ගේ එම පොදු කටයුතු වලට මෙන්ම පවුලේ කටයුතුවලටත් අපට සහය වෙන්න පුළුවන් එය මවුපියන්ට කරන යුතුකම් ඉටුකිරීමක්.
මවුපියන් ආරක්ෂා කරගෙන ආ පරපුර හා එම පරපුරේ යහපත් ගති සිරිත් ආරක්ෂා කිරීම ඔවුන්ට කරන සැලකීමක් තමන් රැකගෙන ආ ජාතික හා ආගමික සිරිත් දරුවන් අතින් නොලැඛෙන විට හෝ හිතාමතා ම කඩ කෙරෙන විට මවුපියෝ දැඩි කම්පාවට පත් වෙනවා ඇතැම් විට කොතරම් ආහාරපාන ඇඳුම් පැළඳුම් ආදිය ලබා දුන්නත් එම මවුපියන්ට සැනසීමක් ලැබෙන්නේ හොඳ සිරිත් ආරක්ෂා කිරීම දරුවන්ගේ යුතුකමක් ලෙස සුරැකී දුන්නොත් පමණයි දරුවන් වන අපේ මව්පිය පරපුරේ සිරිත් විරිත් දැන ගැනීම මෙන්ම ඒවා සුරැක දීම ඉතාමත් අවශ්ය කාරණාවක්
ඇතැම් දරුවන්ට දායාද වශයෙන් මවුපියන්ගෙන් ලැබිය යුතු දේ නොලැබී යනවා එසේ නො ලැබෙන්නේ දෙමාපියන්ගේ වරද නිසාම නොවෙයි ලැබෙන දෙය ආරක්ෂා කර වැඩි දියුණු කරගෙන කටයුතු කළ හැකිදියුණු කරගෙන කටයුතු කළ හැකි තත්ත්වයක් දරුවන් තුළ දක්නට නොලැබීම නිසා ඒ නොලැබීම පොදු වෙනවා.

 

එබැවින් තමන් ගෙන් ලැබෙන දෑ විනාශ නොකර ආරක්ෂා කරනු ඇත යන හැඟීම මවුපියන් තුළ ගොඩනැගෙන සේ ක්රියාකිරීම ලැබුණට පසුව හොඳින් රැකබලා ගෙන වැඩි දියුණු කර ගැනීමත් දරුවන්ගේ යුතුකමක් ලෙස සළකන්නට පුළුවන් අපට ඉතා සුළු දෙයක් මවුපියන්ගෙන් ලැබුණත් ඒ ඉතා සැලකිල්ලෙන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් දෙමව්පියන්ටද කරන උපස්ථානයක්
දරුවෙක් ගෙන් මවුපියන්ට ඉටුවිය යුතු යුතුකම් ජීවත්ව සිටින කාලයට සීමා වෙලා නැහැ මිය ගියාට පසුවත් කලයුතුදෑ තිබෙනවා.
එනම් පින් පෙත් අනුමෝදන් කිරීම අනෙකුත් නෑදෑයකු මිය ගිය පසුවත් පින් අනුමෝදන් කිරීම අවශ්යයෙන්ම කළ යුතුයි මව්පියන් මියගිය පසුව එසේ කළ යුත්තේ දෙමාපියන් ගේ ජීවිතය සුවපත් වේවා යන උතුම් හැඟීමෙන් …ඔවුන්ගේ කරදර විපත් පැමිණෙතැයි යන බිය පදනම් කරගෙන එම පුණ්ය ක්රියා කිරීම යුතු නොවේ මෙම යුතුකම් ඉටු කරන දරුවන් දෙගුරුන් සලකන දරුවන් වෙයි අපිත් එම දරුවන් අතරට පත් වීමට ඉටා ගනිමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X