Temples of Sri Lanka

අවිද්‍යාවට එරෙහිව විද්‍යාලෝකය පැතිර වූ උතුම් පොසොන් පෝය අදයි…

 

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

බුද්ධ වර්ෂ වර්ශ 236ක් වූ පොසොන් පුර පසළොස්වක් පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථේරවාදී බුදුසමය හඳුන්වා දුන් සේක. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය ,සම්බල, භද්දසාල, යන රහතන් වහන්සේලා සතර නමක් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ, භණ්ඩුක නම් අනාගාමී උපාසකත් ,යන රාජකීය ධර්මදූත පිරිස ලංකාද්වීපයට වැඩම කළ සේක .
මෙම ධර්මදූත කටයුත්තේ පසුගමන්කරු වූයේ ධර්මාශෝක අධිරාජ්‍යා ය.

 

මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන්, පැවති එම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.

 

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිස, එහි දී දේවානම්පියතිස්ස රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා🙏🙏🙏🙏🙏

 

එහිදී මිහිඳු මා හිමියෝ චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළ අතර උන්වහන්සේගේ මෙම දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවන්,බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුනහ. ගිනි දෙවියන් පිදීම සිවුකල වුන්, බුදුරජාණන් පිදූහ. මළවුන් ඇදහූවන් මළවුන්ට පින් අනුමෝදන් කර වීමෙන් එම යුතුකම් සිදු කළහ.

 

ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය ,චිත්‍ර ,මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය, යනාදියට පාදම මහින්දාගමනයයි. සිංහල අක්ෂර සම්ප්‍රදාය තත්ත්වයකට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

 

මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි කෙතයි යන සංස්කෘතික සබැඳියාවේ ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත්, අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකිය .

එකල ධර්මාශෝක අධිරාජ්‍යයා ලක්වාසින් හට ධර්මය ලබා දුන්නා සේ වර්තමානයේ දී ඉන්දු ලංකා සබැඳීයාව ඔපමට්ටම් කරන්නට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ එම ජනතාව ලක්වාසීන් කෙරෙහි දක්වන්නා වූ සහෝදරත්වය උතුම් පොසොන් පුන් පොහෝ දිනයේදී අප පුණ්‍යානුමෝදනා සිත් ඇතිව සිහිපත් කරමු.

සිත් පහන් වී දැල්වෙන, උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා !!

You might also like
en English
X
X