Temples of Sri Lanka

ජාත්‍යන්තර ඇසළ උත්සවය ‘අසාද පූර්ණිමා 2021’ උත්කර්ෂවත්ව සැමරේ

අසාද පූර්ණිමා හෙවත් ධර්ම චක්‍ර දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇසල උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධානයෙන් ඊයේ දින සමරු උත්සවයක් සහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවක් ද මාර්ගගතව ලොව පුරා බෞද්ධ රටවල් 40 ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පෙරවරු 7. 30ට, බුදු හිමියන්ගේ මුල්ම ධර්ම දේශනය සිදු වූ බරණැස ඉසිපතනාරාම මිගදායේ සහ සාරානාත් මුලගන්ධකුටි විහාරයේ දී ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනාවක් පැවැත්වුණු අතර එයින් සමාරම්භය සනිටුහන් වන ලද අසාද පූර්ණිම සමරු උත්සවයේ උදෑසන ඉතිරි කොටස ඉන්දියාවේ අතිගරු ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “රාෂ්ප්‍රති භවන්” ජනාධිපති මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි. ගරු ජනාධිපතිතුමන් සහ සම්භාවනීය ආරාධිතයන් එම ස්ථානයේ වඩා සිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව එම උත්සවයට සමගාමීව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකූර ශාඛා වහන්සේ නමක් ද එම පරිශ්‍රයේම ජනපතිතුමන්ගේ සුරතින් රෝපණය කරන ලදී. තවද මෙම අවස්ථාවට අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය ධම්මපිය නාහිමිපාණන් වහන්සේ මෙන්ම සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගන්ගපුරම් කිශාන්‍ රෙඩ්ඩි මැතිතුමා, ශ්‍රී අර්ජුන් රාම් මේග්වාල් මහතා සහ මීණාක්ෂි ලේඛි මහත්මිය වැනි පිරිසක් ද සම්බන්ධ වූ අතර ගරු ජනාධිපතිතුමන් මෙන්ම, අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ද සකල බොදු සැදැහැවතුන් අමතා තම සුභාශිංසන ප්‍රකාශ කළ අතරම උදෑසන උත්සවයේ පුණ්‍යානුමෝදනාව අතිපූජ්‍ය ආචාර්ය ධම්මපිය නාහිමියන් විසින් පවත්වන ලද සේක.

සකල සතම සනසාලූ තුන්කාලීන පිවිතුරු බුදු දහම පහළ වූ දේශය ලෙස සැමදා එකලෙස ඊට මහත් ගෞරවපූර්වකව අනුග්‍රහය දක්වන භාරත දේශය බොහෝ ආගම් සහ දර්ශනයන් වෙනුවෙන් ආගමික නිදහස ලබාදීමෙහි ප්‍රමුඛත්වයක් ගත් රාජ්‍යයක් ලෙස සපයන පූර්වාදර්ශය අතිමහත් ය. සර්වාගමික සහජීවනය අර්ථයෙන්ම පෙරටු කොටගෙන ඉන්දියානු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වර්තමානයේ වුවද බුදු දහමට දක්වන ලැදියාව අගය කළ මනාය. ජාත්‍යන්තර ඇසල උත්සවය වෙනුවෙන් ඉන්දීය රජය විසින් සිදුකළ මෙම බෝධි රෝපණ පුණ්‍යකර්මය ද අගය කරන අතරම එය සමස්ත අනෙකුත් බෞද්ධ රාජ්‍යයන් වෙත ද සැපයෙන අපුරු සුසමාදර්ශයකි.

උදෑසන සමරු උත්සවයෙන් පසු මාර්ගගත විශ්ව සැමරුම් උත්සවය ඇරඹි අතර එයට දෘෂ්‍ය තාක්ෂණය ඔස්සේ සුබාශිංසන සෙත් පැතුමෙන් අති උත්තරීතර දලයි ලාමා මහ නාහිමියන් වහන්සේ වරක් ප්‍රමුඛ ලෝක සුපූජිත මහ නාහිමිවරුන් වහන්සේලා රැසක් සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක ධූරීන අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ද අනුශාසනාවකින් එක්වූ සේක.

ඉන්පසුවට මධ්‍යහන 12 සිට ශ්‍රී ලංකාවේ ඓතිහාසික අභයගිරි විහාරස්ථාන පුදබිමේ සිට ධම්මක්චක්කපවත්ත සූත්‍ර සජ්ඣායනාවක් පැවැත්වුණු අතර එහිදී ද බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම ප්‍රමාණික විද්වතුන් කිහිපදෙනෙක්ම අදහස් සහ සෙත් පැතුම් ප්‍රකාශනයෙහිලා සම්බන්ධ වූහ. අවසාන වශයෙන් භූතානයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්‍යාලයේ දී පැවැත්වුණු දේශනයකින් නිමාව දුටු සමස්ත වැඩසටහන ලොව පුරා බෞද්ධ සැදැහැවතුන්ගේ නොමද පැසසුමට ලක්වන්නේය.

මුළු ලොවක් එකලෙස කොරෝනා රෝ බියෙන් ඇලලී සිටින සමයක, ඇසල පොහෝ දිනය වෙනුවෙන් ලොවක් එක්ව මෙලෙස විශ්වීය වශයෙන් පවත්වන ලද සමරු උත්සවය වෙනුවෙන් සම්බන්ධ වූ සියලු රටවල ගිහි පැවිදි සියලු දෙනාටම ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞර්වපූර්වක පුණ්‍යානුමෝදනාව හිමිවනු ඇත.

You might also like
en English
X
X