දැහැමි දැක්මක් තුළ ගුරුවරයා සහ දරුවා සතුටින් බැඳේ
ගුරුතුමා ගැන කතා කරන විට අපි අහල තියෙන්නෙ දිසාපාමොක් ඇදුරු සහ ඔහුගේ ගෝලයන් පිළිබඳවයි.
එම සම්බන්ධතාවය අධ්යයනය කිරීමේදී පෙනී යන්නේ ගුරුවරයා දරුවාට ආදරය කළා මෙන්ම දරුවන්ද ගුරුවරයාට අසීමිත ගෞරවයක් මෙන්ම ආදරයක්ද දැක්වූ බවයි.
මෙම ගුරු-ගෝල සබඳතාවය තුළ ගැටුම් සිදු වූ බවක් අපට පෙනෙන්නට තිබුනේ නෑ. අද මෙම සබඳතාවය කුමන ආකාරයකට පැවතිය යුතුදැයි මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ ළඟම ඇතිවූ සිද්ධියක් දෙස බලන විට දරුවකුට පහරදුන් ගුරුවරයකුට අධිකරණය මගින් අවුරුදු 5ක සිරදඬුවමක් නියම වී තිබුණා.
ගුරුවරයා විසින් දරුවාට ශාරීරිකව හෝ මානසිකව දඬුවම් කිරීමට පෙළඹීමට හේතු කීපයක් මුල්වේ.
1. දරුවාගේ කරදරකාරී හැසිරීමට හේතු නිසි ලෙස අවබෝධ කර නොගැනීම (දරුවාගේ මානසික ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම)
2. ගුරුවරයාගේ ආතතිය සහ මානසික පීඩනය
අද නිර්මාණය වී තිබෙන ගැටලුකාරී පරිසරය තුළ පාසල් ගුරුවරු සියලුම විනය ක්රියා පටිපාටිවලින් ඉවත්වන බවට රජයට තර්ජනය කර තිබෙනවා. මෙම අදහසට කිසිම විද්යාත්මක පදනමක් නෑ. විනය කියන වචනය ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගෙන තිබෙනවා. දරුවාගේ ගැටලු අවබෝධ කර ගැනීමට අසමත් වීම නිසා බොහෝ පාසල් ගුරුවරු තමන් විසින්ම මෙම ගැටලු නිර්මාණය කරගෙන තිබෙනවා.
ගුරුවරයාගේ මේ මානසික ආතතියට ආගමික වශයෙන් ලබා ගත් හැකි සහන බොහෝයි.ජීවිතයේ අනියත ගැටලු රාශියකට මුහුන දීමේ ආතතිය… දහම හරහා සමතයකට පත්විම අපේක්ශා කළ හැකියි.
එසෙ මනෝ වෛද්යවරුන්ට යොමුවුණු ගැටලු කීපයකින් ,එකක් මෙසේ අපි සාකච්ඡා කර බලමු.
සුපුන්ගේ වයස අවු.12යි. කොළඹ පාසලක 7 වැනි ශ්රේණියේ සුපුන් ඉගෙනුම ලැබුවා. හොඳින් ශිෂ්යත්වය සමත් වීම නිසා සුපුන්ට ජාතික පාසලකට ඇතුල්වීමට අවස්ථාව ලැබුණා. දැන් මාස 6කට වැඩිය නෑ. සුපුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. සුපුන්ට හරියට තරහ යනවා. පාසලේ ළමුන්ට පහර දෙනවා. රණ්ඩු ඇතිකර ගන්නවා. සමහර දවස්වලට පාසල් එන්නෙත් නැහැ. පාසලෙන් දෙන Home Work ටික කරන්නෙත් නැහැ. මේ ළඟදී පංති භාර ගුරුතුමා දෙන Home Work කරන් නැත්තෙ ඇයිදැයි විමසූ විට ගුරුතුමා සමග වාදයකට පැටලුනා. පසුව ගුරුතුමා ඔහුට පහර දුන්නා. සුපුන්ගේ පාසල් යාම සම්පූර්ණයෙන්ම නතර වුණා. මෙසේ පාසල් නොයන විට අපට සුපුන්ව යොමු කළේ ඔහුගේ මවයි. ඇඬූ කඳුළින් මව මෙසේ කීවා.
“සුපුන් හරිම දක්ෂ ළමයෙක්. ඔහුගේ හැසිරීම වෙනස් වුණේ මමයි මගේ මහත්තයගෙයි ගැටලුවක් නිසා. කිසිම හේතුවක් නැතුව මගේ මහත්තයා මාව සැක කරන්න පටන් ගත්තා. සැකය මුල් කරගෙන ගෙදර නිතරම රණ්ඩු. සුපුන් මේ රණ්ඩු දැක්කා. මුල් කාලයේදී සුපුන් ගෙදර හිටියේ හරිම බයෙන්. ටිකෙන් ටික හරියට තරහ යන්න පටන් ගත්තා. දැන් හරිම දරුණුයි. පුංචි දේටත් තරහ ගියාම ගෙදර බඩු පොළොවේ ගහනවා. මහත්තයාගේ බොරු සැකය නිසා මා සමඟ ඇතිවන රණ්ඩුවල කෙළවරකුත් නැහැ. ශිෂ්යත්වයත් පාස්වෙලා හොඳට ඉගෙන ගත්ත මේ දරුවාගේ ජීවිතේ දැන් අවුල් වෙලා.”
මේ සිද්ධිය අධ්යයනය කිරීමේදී ගුරුවරු විනය කියල අදහස් කරන්නෙ මේ දරුවාට පහර දී බයකර පාලනය කිරීමද? එහෙමත් නැත්නම් මෙම දරුවාගේ මානසික තත්ත්වය තේරුම් ගෙන ඔහුගේ ජීවිතය වෙනස් කර ගැනීමට උදව් කිරීමද? මේ අනුව ඉහත කී ගුරුවරයා විසින් දරුවාට පහරදීම කිසිසේත්ම විනය ක්රියා පටිපාටියක් ලෙස අපට විස්තර කළ නොහැක. එය සැබැවින්ම ගුරුවරයා දරුවාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන එක් සිද්ධියකි.
මෙහි එන සුපුන් මනෝ විද්යාත්මක විග්රහය අනුව සැබැවින්ම ගොදුරු වී සිටියේ දැඩි මානසික ආතතිය නමැති රෝගී තත්ත්වයටයි. ඊට හේතු වූයේ ගෙදර පරිසරයයි. සැබැවින්ම ගුරුවරයා විසින් කළ යුතුව තිබුණේ මෙම දරුවා හඳුනාගෙන මනෝ වෛද්යවරයකු වෙත යොමු කිරීමයි. මෙම තත්ත්වයෙන් දරුවා මුදවා ගැනීමට වෛද්ය සායනය තුළදී පහත සඳහන් ක්රියාකාරකම් වලට යොමු විය.
1. දරැවා දැඩි ආතතියෙන් එළියට ගැනීමට අවශ්ය උපදේශනය ලබාදීම.
2. සුපුන්ගේ පියා “මායාකාරී රෝගය” නැමති මානසික රෝගයට ගොදුරු වී සිටියේය. ඔහුට අවශ්ය ප්රතිකාර සහ උපදේශනය ලබාදුනි. ඉන්පසු ක්රමක්රමයෙන් ඔහුගේ සැකය අඩුවිය.
දෙමාපියන්ගේ ගැටලු නිරාකරණය වී සාමකාමී පරිසරයක් නිවස තුළ නිර්මාණය වූ විට සුපුන්ගේ හැසිරීම සාමාන්ය තත්ත්වයට පත් වී අධ්යාපන කටයුතුද හොඳින් කරගෙන ගියේය.
අගමික පසුබිමක් මත හැදෙන වැඩෙන ඕනැම කෙනෙකු ගැටකුවක් පැමිණි විට ඒ සඳහා ප්රතිකර්ම දහම හරහා සෙවීමට උත්සාහ ගනී..සදාරනය හා හිත් තැලීමෙන් තොර පිලිතුරු හා ක්රියා මාර්ග ඒ හරහා අපට ගැනීමට හැකිවෙයි.
එසේම ඒ හරහා දරුවාට වහනය වන ගුණ සුවඳ මතින් වැඩෙන දරුවාද මනා පිරිසිදු අදහසින් පෝශනය වෙයි.එයම සමාජයක් ශක්තිමත් කිරීමේ ලා සහ සමාජයක් ගොඩනැගීමේලා මහඟු සේවයක් වනු ඇත.
ඒ වාගේමයි එවන් ගුන සපිරි ගුරුවරුන් සමග වැඩෙන දරුවන් ද සුවිශෙශීය..ඒ නිසාම ගුරුවරයාගේ ආදර්ශමත් වීම සාමජයක පෝශනයට වැදගත්ම සාධකයකි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood