Temples of Sri Lanka

සසර සරසන සක්කාය දිට්ඨිය

පංච උපාදානස්කන්ධය මම, මගේ, මගේ ආත්මය වශයෙන් හිතාගෙන සිටීම සක්කාය දිට්ඨිය කියා හඳුන්වනවා.
“සක්කාය” කියන්නේ පංච උපාදානස්ඛන්ධයට කියන නමක්. මොනවද මේ පංච උපාදානස්ඛන්ධ ?

 

1.)රූප උපාදානස්කන්ධය
2.) වේදනා උපාදානස්ඛන්ධය
3.) සංඥා උපාදානස්කන්ධය
4.) සංස්කාර උපාදානස්කන්ධය
5.) විඥ්ඥාන උපාදානස්කන්ධය

 

මේ පංච උපාදානස්කන්ධය මමය, මගේය , මගේ ආත්මයය වශයෙන් හිතාගෙන සිටීම සක්කාය දිට්ඨියයි.
සක්කාය දිට්ඨිය ප්රහාණය කලවිට එවැනි ආත්ම දෘෂ්ටියක් ඇතිවෙන්නේ නෑ. සසර ගමනක් සකස් වෙලා තියෙන්නේ මුලිකවම මම, මගේ, මගේ ආත්මය කියල දැඩිව බැඳී තිබීම හේතු කර ගෙනයි..

 

සසරට බැඳුනු පුද්ගලයා ඇස මම කියල හිතාගෙන එය බැඳීමෙන් කෙලෙස් ඇතිකරගන්නවා. ඇස මගේ කියල හිතාගෙන එය අනුසාරයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. ඇස මගේ ආත්මයයි කියල හිතාගෙන එය මගින් කෙලෙස් ඇතිකරගන්නවා. කන මම කියල හිතාගෙන එමගින් කෙලෙස් ඇතිකරගන්නවා. කන මගේ කියල හිතාගෙන කෙලෙස් ඇතිකරගන්නවා. කන මගේ ආත්මයයි කියල හිතාගෙන එමගින් කෙලෙස් ඇතිකරගන්නවා. නාසය මම කියල හිතාගෙන එය මගින් කෙලෙස් ඇතිකරගන්නවා. නාසය මගේ කියල හිතාගෙන එය අනු සාරෙන් කෙලෙස් ඇතිකරගන්නවා. නාසය මගේ ආත්මයයි කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. දිව මම කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. දිව මගේ කියල හිතාගෙන එමගින් කෙලෙස් ඇතිකරගන්නවා. දිව මගේ ආත්මයයි කියල හිතාගෙන ඒ නිසා කෙලෙස් ඇතිකරගන්නවා. කය මම කියල හිතාගෙන කෙලෙස් ඇතිකරගන්නවා. කය මගේ කියල හිතාගෙන එය කෙලෙස් ඇතිකරගන්නවා. කය මගේ ආත්මයයි කියල හිතාගෙන එය කෙලෙස් ඇතිකරගන්නවා. සිත මම කියල හිතාගෙන කෙලෙස් ඇතිකරගන්නවා. සිත මගේ කියල හිතාගෙන කෙලෙස් ඇතිකරගන්නවා. සිත මගේ ආත්මයයි කියල හිතාගෙන කෙලෙස් ඇතිකරගන්නවා.

 

මේ ආදී වශයෙන් සිදුවන විට මේ ක්රියාවලිය හරහා නැවත භවයක් සකස් වෙන එක වලක්වන්න බෑ.
සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා “හයේ ගොඩවල් හයක්” මම, මගේ, මගේ ආත්මය කියල හිතාගෙන ඉන්නවා.

 

1වෙනි ගොඩවල් 6 තමයි – ඇස, කන, නාසය, දිව, කය, සිත
2 වෙනි ගොඩවල් 6 තමයි – රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු
3 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ විඥ්ඥානය, කනේ විඥ්ඥානය, නාසයේ විඥ්ඥානය, දිවේ විඥ්ඥානය, කයේ විඥ්ඥානය, මනෝ විඥ්ඥානය
4 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය
5 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව, දිවේ වේදනාව, කයේ වේදනාව, සිතේ වේදනාව ( වේදනා කීවහම තුන් ආකාරයේම වේදනා මෙතන අයිතියි. දුක්, සැප, උපේක්ෂා)
6 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ තණ්හාව, කනේ තණ්හාව, නාසයේ තණ්හාව, දිවේ තණ්හාව, කයේ තණ්හාව, සිතේ තණ්හාව.

 

සෝවාන් මාර්ග ඥානය උපදවාගෙන ඉන්න පුද්ගලයා ඔය කියපු කාරණා 36 ගැනම නුවනින් දකිමින් වාසය කරනවා.
මම, මගේ, මගේ ආත්මය වශයෙන් දැඩිව අල්ලගන්න්නේ නැහැ. ආර්ය න්යාය හෙවත් පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයෙන් ඉන්නවා.

 

සෝවාන් ඵලයට පත්වූ විට තුන් සංයෝජන ( සක්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාස ) ප්රහාණය වෙලා නැවත පහත නොවැටෙන ස්ථිර අවබෝධයක් ඇතිවෙනවා. ඒකට කියන්නේ සෝවාන් ඵල ඥානය කියල. සෝවාන් ඵලයට පත්වූ විට උපරිම වශයෙන් නැවත ඉපදෙන්නේ 7 පාරයි. අනිවාර්යෙන්ම නිර්වාණය අවබෝධකරගෙන සියලු සසර දුක් නිමාකරගෙන පරිනිර්වාණයට පත්වෙනවා.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X