Temples of Sri Lanka

හඳුනා ගත්තාද ඔබ මේ මග

නිදහස් චින්තනයක් සඳහා සහනශීලී පැවැත්මක් බුදු දහමෙහි ඉහළින්ම විස්තර කෙරෙනවා. මේක මනා ලෙස අවබෝධ කරගන්න අවස්ථාවක් හැටියට කාලාම සූත්රය සඳහන් කරන්නට පුළුවන්.
විවිධ ආගම් පිළිගන්නා පිරිස් පැමිණ තමන්ගේ ආගම ඉතා උසස් හා තමාගේ ආගම් වල කියැවෙන බොහෝ දේ පවසා සෙසු ආගම් පහත් බව හුවා දක්වමින් කරුණු කීම කාලාම වැසියන් ට තිබු ප්රධාන ගැටළුවක්
මේ නිසා පිළිගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සහ බැහැර කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ගැටළුවක් ඔවුන්ට පැන නැගුනා. කාලාම වැසියන් බුදුරජාණන් වහන්සේ හමුවට යන්නේ මේ ගැටලුවළුවට පිළිතුරක් සෙවීම සඳහායි . මෙහිදී බුදුරජාණන් වහන්සේ කරුණු දහයක් ගෙනහැර දැක්වූවා
*අනුන්ගෙන් අසන්නට ලැබීම
*පරම්පරාවෙන් පැමිණීම
*මෙය මෙසේ යැයි කියනු ලැබීම
*පෙළ දහම හා සැසඳීම
*කියන්නාගේ පූජ්යත්වය හා
*ගුරුවරයා ගේ ප්රකාශයක් වීම යන කරුණු කිසිවක් ඒ හැටියෙන් ම පිළි නොගත යුතුයි.
යමක් පිළිගත යුත්තේ කුසල අකුසල විනිශ්චය කිරීමෙන්. එනම් හොඳ හෝ නරක පිළිබඳව එළඹුම ක ට පැමිණීමෙන්. තවත් අයුරකින්
කියනවා නම් මේක හොඳයි මේක නරකයි යැයි තමන් ප්රත්යක්ෂයෙන්ම අවබෝධ වේ නම් පමණක්.
එවිට එය පිළිගත යුතු කාරණයක් බවට පත්වෙනවා.
තමන්ගේ ප්රදේශයට පිටින් එන ශ්රමණ බ්රාහ්මණයන්ට තමන් ගරු කරන පූජකවරුන් හා සම තත්වයේ ලා සලකා ගරු සැලකිලි දක්වන්න. ඒ අයුරින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට උපදෙස් දුන් බව මහාපරිනිබ්බාණ සූත්රයෙහි සඳහන් වෙනවා
කේවට්ට නම් ගෘහපති පුත්රයෙක් දිනක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ඉල්ලීමක් කරන ලදි . භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පොහොසත් ඉසුරුමත් බොහෝ ජනයාගේ පිරි පවතින නාලන්දාවෙහි නගරවාසීන්ගේ වඩාත් පැහැදීම සඳහා උතුරු මිනිස් දහමින් පෙළහර පාන ලෙස භික්ෂු නමකට අණ කරන්න.
බුදුන් වහන්සේ මේ ඉල්ලීම ප්රතික්ෂේප කළා. තමන් වහන්සේ අනුගමනය කරන්නේ අනුශාසනය නැමැති ප්රාතිහාර්ය ක්රමය බව එහිදී උන්වහන්සේ පෙන්වාදුන්නා.
බුදුන් වහන්සේ තමන් දේශනා කරන පිළිවෙත් ක්රියාවෙන්ම පෙන්වා මාහැඟි ආදර්ශයක් ලබා දුන්නා. මහාවීරයන්ගේ ශ්රාවකයෙකු වූ පාලි නමි ගෘහපති පුත්රයා දිනක් බුදුරජාණන් වහන්සේ හා වාද කරමින් පරදවා බුදුරජාණන් වහන්සේ ජෛන ආගමේ අනුගාමිකයෙකු කරගැනීමේ අදහසින් උන්වහන්සේ කරා එළඹ සිටියා .එහෙත් වාදයෙන් උපාලි පැරදුනා ඉන්පසු තමා බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙකු කරගන්න යැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා. .
ගෘහපතිය විමසා බලන්න. ඒ අනුව කටයුතු කරන්න. විමසා බලා කටයුතු කිරීම ඔබ වැනි ප්රකට පුද්ගලයින් හට යහපත්.
මෙයින් පැහැදුණු උපාලි තමන් තෙරුවන් සරණ ගිය උව සුවකු කරගන්නැයි ඉල්ලා සිටියා. වෙනත් ආගමික නායකයෙකුගේ ශ්රාවකයෙකු වූයේ නම් ඔවුන් කොඩි ඔසවා තමන් නාලන්දා නුවර වටේ ගෙන යනු ඇතැයි ද උපාලි ප්රකාශ කළා.
එවිට බුදුන් වහන්සේ මෙසේ ද දෙසන සේක්… ගෘහපතිය මෙතෙක් බොහෝ කල් කල් ඔබේ නිවස නිගන්ටයින් ට ඉතා හොඳින් සංග්රහ කළ තැනක් ඒ නිසා මින් පසුත් ඔබේ නිවසෙහි එම පිළිවෙත අනුගමනය කළ යුතුයි මා දහම් දෙසුවේ ඔබ මාගේ සිසුවකු කර ගන්නට නොවේ .ඔබේ ගුරුතුමා තවදුරටත් ඔබේ ගුරුතුමා වේවා!!!
පුද්ගල විවිධත්වය සහ පුද්ගලයා සතු විභව ශක්තීන් කෙරෙහි බුදු දහම දැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම මිනිසාට ඉදිරියට යෑමේ ශක්තියක් බලවත් වීර්යයක් සහ ස්ථාවර ව සිටීමේ ශක්තියක් ඇති බව අත්තකාර සූත්රයෙහි දී බුදුරජාණන් වහන්සේ කියා දෙනව.
දෘෂ්ටි ග්රහණය කර ගැනීමේ සීමාසහිත පිළිවෙල සඳහන් උපමා කතාවකුත් දීඝ නිකායේ ඡන්ද වර්ගයෙහි සඳහන් වෙනවා
මෙය සුප්රකට අලියා සහ අන්ධයෝ උපමාවයි එය නම්….
එක් රජ කෙනෙක් නගරයෙහි සිට සියලු අන්ධයන් කැඳෙව්වා. ඉන්පසු අලියා අතගා බලා අලියාගේ ස්වරූපය කියන්න අණකළා.
අලියාගේ කන අත ගෑ අන්ධයා අලියා කුල්ලක් වැනි යැයි පැවසුවා. මෙසේ තම තමන්ගේ අතට හසුවූ ශරීරාංග අනුව අලියගේ ස්වරූපය පිළිබඳ ව අදහසක් ඇතිකර ගත් අන්ධයෝ තම මතය නිවැරදි බවත් අනිත් මත වැරදි බවත් කියමින් මහත්සේ ඝෝෂා කළා
අලියාගේ ශරීර අංගයක් ග්රහණය කරගත් අන්ධයෝ අලියාගේ සමස්ත රූපය නොදකී
මේ උපමාව බුදුරජාණන් වහන්සේ විසින් ගෙනහැර දක්වා ඇත්තේ විවිධ ලබ්ධිකයන් අතර තම තමන්ගේ දෘෂ්ටිවාද සම්බන්ධයෙන් ඇති වී තිබෙන අනවරථ අරගලය සංසිඳවීම ටයි.
බුදුදහමෙහි එන ඉගැන්වීම් මිනිසාගේ පොදු යහපත විනා තනි පුද්ගල හෝ කණ්ඩායම් වල යහපත ඉලක්ක කරගෙන පැවැත් වූවක් නොවෙයි .එය මැනවින් වටහාගත යුතුයි.
නිදහස් චින්තනය සඳහා බුදු දහමේ පිටුවහලක් ලැබුණේ මෙන්න මේ ආකාරයටයි. නිදහසේ ජීවත් වීම නිදහසේ සිටීම නිදහසේ අදහස් ප්රකාශ කිරීමට අවශ්ය මානසික සුවය හා ධාර්මික සුවය බුදු දහම තුළින් නිරන්තරයෙන්ම ලැබෙනවා.නිදහස් චින්තනය සඳහා මඟ හෙළි පෙහෙළි කළ මහා නායකයාණෝ බුදුරජාණන් වහන්සේ යි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X