Temples of Sri Lanka

පෙර අකුසල් සහ වැරදි සිහිකරමින් පසුතැවෙන ඔබට…..

ඔබ තවමත් පෙර කරන ලද වැරදි සිහි කරමින් පසු තැවි තැවී සිටින පුද්ගලයෙක් නම්, ඔබ ආදරයෙන් මෙය වැළඳ ගනීවි.
ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් අතර තුරදීත් පෙර කරන ලද අකුසල් හා වැරදි මතු වීම තුළ ඒවා නැවත නැවතත් ආවර්ජනය කර සිටීමෙන් ජීවිතයට සිදුවන්නේ හානියක් ද සතුටක් ද යන්න විග්රහ කර ගනිමු.

 

මොහොතකට මෙසේ සිතන්න… ඔබ පසුතැවීම තුළ ඒ වැරැද්ද ප්රමාණයකට හෝ නිවැරදි වෙනවා නම් එය සතුටකි..
වෙනත් ආකාරයකට කියනවානම්… ඔබගේ පසුතැවීම තුළ ඒ වැරැද්ද ඔබ විසින් සිදු නොකළා යැයි සිතා සතුටු වන්නට පුළුවන් නම් එයද සතුටකි.
එසේම එම වැරැද්ද ඔබ නොකළ කෙනෙක් බවට සතුටු වන්නට පුළුවන් නම් එයත් එක්තරා ආකාරයකින් සතුටකි.
පසුතැවීම තුළ කෙමෙන් කෙමෙන් හෝ ඔබ සිදුකරන ලද එම අකුසල කර්ම හෝ වැරදී ටිකෙන් ටික ගෙවී යනවා නම් එය ද යම් තාක් දුරකට සතුටක් ගෙන එන්නට ඉඩ ඇත.

 

සිදු කරන ලද අකුසල කර්ම සහ වැරැද්ද තුළ ලැබෙන විපාක කෙමෙන් කෙමෙන් අඩු වී යාමක් සිදුවේ නම්, ඔබ ඒ තුළ පසුතැවීම වැදගත් වෙයි.
එසේ නම් ඔබට සිතන්නට යමක් ඇත. පසුතැවීම තුළ සිදු වන්නේ කිසියම් දුරකට දුකක් පමණයි. පසු තැවුනා කියා ඔබට ලැබෙන සතුටක් නැහැ.වැරදි සහ කුසල කර්ම නිවැරැදි භාවයකට පත් වන්නේත් නැහැ. ඔබේ ජීවිතයේ සතුට නැති කිරීම පමණයි මේ පසුතැවීම මත ඔබට ලැබෙන පිළිතුර වන්නේ

 

ජීවිතයේ එක්තරා යුගයක සිදුවුණු වැරැද්දක් නිසා ජීවිතේ අප අවසන් කරන තුරු ම දුකින් කාලය ගත කිරීමට ඔබ සිතන්නේ ඇයි?
කිසිදු යහපතක් ගෙන නොඑන පසුතැවීම පසෙකට දා එක වැරැද්දක් නිසා විඳවන පසුතැවෙන එක ඔබ නතර කළ යුතු බව නොවැටහෙන්නේ ද…

 

අතීත ජීවිතයේ සිදුවීම් මතින් වර්තමාන ජීවිතය විඳවන තත්ත්වයකට ගෙන එන්නේද ඔබයි.
එය ඔබට කවුරුත් කර දෙන්නේද නැත.එනිසාම මේ අත්හැරීම සිදු කළ යුත්තේද ඔබ විසින්මයි.පසුතැවීම් විඳවීම් අතීතය වෙනුවෙන් ඔබ කරන ආවර්ජනය සියල්ල පසෙක දමා සිත අතීතය වෙනුවෙන් නොව වර්තමාන තත්ත්ව වෙනුවෙන් රඳා පවත්වා ගැනීම සහ සතුටින් ජීවිතය ගත කිරීම ඔබ සතුයි. ඔබ විසින් පසුගිය දේ අත්හැරීමට හිත පුහුනු කරමින් සකසා ගත යුතුයි.
වරදින් අත්මිදුණු පුද්ගලයෙක් වළාකුළින් මිදුණු පුන් සඳ මෙන් මුළු ලෝකෙම බබළවන ආලෝකයක් විහිදුවයි…
අතීත ආවර්ජනයන් තුළ අපිරිසුදු චේතනා වළක්වා පිරිසුදු චේතනාව තුළ වර්තමාන සමාජය දෙස බලන්නට…. ඔබ පසුතැවිල්ලෙන් මිදුණු ලෝකයක් කරා ගමන් කළ යුතුයි.

 

අතීත කුසල කර්ම සහ වැරදි සියල්ල සිහිගන්වමින් පසුතැවිල්ල සිදු නොකොට , වර්තමානය සුබපල ගෙන දෙන ක්රියාවන්හි නිරත වෙමින් වත්මන අස්වැසිල්ල කොට ගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට තිසරණ සරණ ලැබේවා….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X