Temples of Sri Lanka

ඉන්දු ආර්ය මනුසත්බවේ සත්කාරය ‘ඉන්දු ලංකා’ ඉතිහාසයේ රනින් සටහන් විය යුතුමය

පරිවර්තනය – අකාශ් තාරුක පෙරේරා

ආර්ථික උද්ධමනයෙන් සහ ඩොලර් ඌණතාවයෙන් විතැන් වී සිටින ශ්‍රී ලාංකීය ජනතාව සහ රජය ඉන් මුදවාගනුවස් පසුගිය සති කිහිපය තුළ ලබා දුන් මානුෂීය ආධාර උදෙසා ඉන්දීය රජයට සහ ජනතාවට සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රශංසාව හිමි විය යුතුය. ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා මූල්‍ය ආධාර මත මානුෂීය අධාර, ගෘහස්ථ ගෑස් සහ ඉන්ධන ලබා දීමට ඔවුන් කටයතු කලේය. අඩපණ වී ඇති පොදු ප්‍රවාහන කටයුතු නිසා පීඩාවට පත්වී සිටින ජනතාව ඉන් මුදා ගනුවස් විශාල ප්‍රමාණයෙන් ඉන්ධන ද, රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිග වීමෙන් දුකට පත් වී ඇති ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ද, ඔක්සිජන් ද, කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා කොවිෂීල්ඩ් එන්නත් සහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ද ලබා දීම ඔවුන් තුළ ඇති කාරුණිකත්වය පිරි සහෝදරත්වය හිමාලයටත් වඩා උස බැව් අපට ප්‍රත්‍යක්ෂ කරයි.

පසුගිය සති කිහිපය තුළ එසේ ලබා දුන් නිර්ලෝභී මානුෂීය ආධාර අතර රුපියල් බිලියන තුනක් වටිනා ණය පදනම මත ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ද දින දෙකකට පෙර මෙරටට ළගා විය. එසේම ඊයේ රාත්‍රිය වන විට ඩොලර් බිලියන දෙකක් වටිනා සහල්, කිරි පිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ, මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙරටට ළගා විය. මෙම වාර්තාව සකස් කරන කාලය අතරතුරදී ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ද ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 40,0000ක් ද රැගත් නෞකාවක් මේ වන විට කොළඹ වරායට සේන්දු වී හමාරය.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක් ම සෑම දේශපාලන පක්ෂයක් ම ඔවුන්ගේ මතවාදී බෙදීම් නොසලකා භූ දේශපාලනික අවශ්‍යතා ඇති කලාපයේ රටවල් සහ ලෝක ජාතීන් මෙම සුහදතාවයේ සහ කරුණාවේ බැඳීම් කෘතඥපූර්වකව අගය කරයි.

එපමණක් නොව බෞද්ධ ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ඉන්දීය රජය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වෙන් කරන බවත් මෙහිලා සටහන් කළ යුතුම ය. සිතා ගත නොහැකි තරම් වූ මෙවැනි අති දැවැන්ත මානූෂීය සහ මූල්‍ය ආධාර ඉන්දීය රජය විසින් ලෝකයේ කිසිදු රටකට මෙතෙක් ලබා දී නැති අතර මෙය ඉන්දු – ලංකා සබඳතා ඉතිහාසයේ රන් අකුරින් සටහන් කළ යුතු මෙන් ම සිහිවටන ස්ථම්භයක ද කැටයම් කළ යුතු ඓතිහාසික සහෝදර සබඳතාවකි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ පිළිවෙලක් තුළ අප රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සුදුසු භූ දේශපාලනික මාවත වර්තමානයේ රජය විසින් නිවැරදිව තෝරාගත යුතුව ඇත.

අප කුඩා කාලයේදී ඉන්දියාව පිළිබඳ සිතන විට හෝ කතා කරන විට අපගේ මතකයට නැගුනේ බුදුරජාණන් වහන්සේ, ධර්මාශෝක නිරිදුන්, මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ වන නමුත් වර්තමාන කුඩා දරුවන් ඉන්දියාව පිළිබඳ සිතන විට හෝ කතා කරන විට ඔවුන්ගේ මතකය නැගෙන්නේ අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ම ය. බුදුන් වහන්සේ සේ ම අනෙකුත් ආගමික ශාස්තෘන් වහන්සේලාගේ ද ජන්ම ලාභයේ අනුහස ලද භාරත භූමියේ වත්මන් නායකත්වය දරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ ප්‍රතිරූපය වනාහී ආධ්‍යාත්මික සංවර්ධනයේ ලෝක කේන්ද්‍රයක් බඳු භාරත චින්තාවේ මුඛ්‍ය ප්‍රතිරූපය යැයි සිතීමේ වරදක් නැත. අර්බුද සහ දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව කෙරෙහි එතුමන් දැක්වූ සහෝදරත්වයේ කරුණාව සහ බුදුදහම කෙරෙහි එතුමන් දැක්වූ භක්ත්‍යාදරය ශ්‍රද්ධාව ද මෙහිදී සිහිපත් කළ යුතු ම ය.

අදින් වසර විස්සකට පමණ පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් පිළිබද පමණක් සැලකිලිමත් වන බවත් එම ප්‍රදේශවල ජනතාවගේ සුබසාධනය පිළිබද පමණක් උනන්දු වන බවත් මෙරට පැවති පොදු විශ්වාසය නොරහසකි. එහෙත් උතුර, නැගෙනහිර, බටහිර හෝ දකුණ යන සිව් දිගෙහි ම අය ලෙස සිතා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පොදු සුබසාධනය කෙරෙහි ඉන්දියාව අවධානය, සැලකිල්ල සහ උනන්දුව දක්වන බව මෙරට වැසියන් දැන් වටහාගත යුතුව ඇතැයි සිතමි.

මුල් ලිපිය -ආචාර්ය දමින්ද පෝරගේ

HISTORY HAS TO RECORD INDIA`S HELP IN GOLDEN LETTERS

You might also like
en English
X
X