Temples of Sri Lanka

කාමභෝගී ගිහි ජීවිතය සහ චතුරාර්ය සත්‍ය ධර්මය

බොහෝ විට අනුරාධපුර යුගයේ අවසාන කාලය සහ පොළොන්නරු යුගයේ මුල් කාලය මේ බුද්ධ දේශනා පිළිබඳව වැරදි පණිවිඩ අපේ දෙසවන් වැකුණු යුගයන්…ඒ තමයි අපට බුද්ධ ධර්මය අවබෝධ කරන්නට තරම් සුදුසුකම් නොමැති බව..එහෙමත් නැත්නම් පාරමී මදි බව මේ නිසාම කෙමෙන් කෙමෙන් පින් පුරා ගෙන අනාගතයේ බුදුවන මෛත්රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉතිරිය සම්පූර්ණ කරගත යුතුයි නැතිනම් බැහැ කියලා හිතුවා.

 

මේ ධර්මය අවබෝධ කර ගැනීමට ගිහි ජීවිතය ගත කරන පිරිසට අපහසු බවක් තමයි කාලාන්තරයක් තිස්සේ සියවස් ගණනාවක් මුල් බැසගෙන තිබුණේ මේ සමාජයේ කවුරුත් මේ කරුණු ශාස්තෘන් වහන්සේගේ ශාසනය නෙමෙයි කියලා ප්රතික්ෂේප කිරීමට බය වුනා නමුත් බුදු දහම හොඳින් හදාරන විට පේනවා ගිහි ජීවිතය ගත කරන පිරිසටත් රැකී රක්ශා කරමින් අඹු දරුවන් පෝශනය කරමින් ඉතාමත් ධාර්මික ජීවිතයක් ගොඩනඟාගෙන ශ්රාවකයෙක් ලෙස තමන්ගේ ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට පුළුවන් බව..

 

ඒ වගේම ගිහි ශ්රාවකයා මේ කිසි කාලයක ගිහි බන්ධන වලින් වෙන් වෙලා ගිහි ජීවිතය තුළම සුදුවත් හැඳ ගෙන බ්රහ්මචාරී ව ඉතුරු මාර්ගඵලය දියුණු කරගන්න පුළුවන් බව .
මේ කාරණාව ප්රකටව තිබෙද්දී දැන් සිදුවන්නේ ප්රකට වීම වෙනුවට මෙය නැවත නැවත සැඟවී යාමට කරුණු සැලසී තිබීමයි ඒ නිසා ඉතාම පැහැදිලියි චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරගන්න ගිනි ශ්රාවකයාට පූර්ණ රැකවරණයක් සහිතව ජීවත් වීමටත් මිය යාමටත් පුළුවන් බව

 

ඒ වගේමයි මේ සත්ය හතර අවබෝධ කිරීමට කැමති පුද්ගලයෙක් වේ නම් ඒ සදහා මුලින්ම කළ යුත්තේ ශ්රද්ධාවට පැමිණීමයි චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීමට පෙර කොතරම් දේ කිරීමට තිබෙනවාද කියලා දොස් කියන පිරිස අපි අතර බොහොමයක් ඉන්නවා ඒ සියලු දෙනාම ශ්රද්ධාව ඇතිකර ගැනීමයි මුලින්ම කරන්නට ඕනේ
ශ්රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාසය කිරීමයි තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන අවබෝධය යි උන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්රද්ධාව ඇතිකර ගත්තා නම් ඒ පුද්ගලයා මරණින් පසු නිරයේ ඉපදීමට ඉඩකඩ නොතිබෙන බව අවබෝධ කරගන්නවා

 

ආර්ය සත්යය අවබෝධ නොකළ නිසා ප්රේත ලෝක තිරිසන් ලෝකවල ඉපදීමට ඇති ඉඩකඩ වැඩි බව ඉතාමත් පැහැදිලිව ඉතාමත් ප්රකටව බුදු රජාණන් වහන්සේ මතු කොට පෙන්වා දී තිබෙනවා ඒ නිසාම අපට උවමනා කර තිබෙන්නේ ශ්රද්ධාව . ශ්රද්ධාවට පැමිණි තැනැත්තාට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම ඉතා පහසුයි

 

ඒ වගේමයි කෙනෙක් මෙලෙස චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කළ හොත් ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබෙන ප්රයෝජන බොහොමයක් තිබෙනවා චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමෙන් ලෞකික ලෝකෝත්තර දෙයාකාරයටම ප්රතිඵල ලැබෙනවා චතුරාර්ය සත්ය අවබෝධ වීමට අවස්ථා හතරක් තිබෙනවා සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් .
මෙහි මූලිකම අවස්ථාව සෝවාන් ඵලය අවබෝධ කරගැනීම. සතර ඥානය ශාක්ෂාත් කරගැනීම කියලත් එය හඳුන්වනවා
සෝතාපන්න ගිහි ශ්රාවකයෙක් තමයි බිම්බිසාර රජතුමා.

 

ඔහු සෝතාපන්න ශ්රාවකයෙක් ලෙස රාජ්ය පාලනය කරගෙන ගියා පාපමිත්ර සේවනයට හසුවූ තම පුතා වූ අජාසත්ත රජ කම ඉල්ලුවා .රජකම දුන්නා. නමුත් අජාසත්ත රජ බිම්බිසාර රජු සිර කර තැබුවා.
දෙපතුල පලා ලුණු දැම්මා ගිනි ගොඩේ ඇවිද්දුවා . නමුත් ඒ කිසිම දෙයකින් බිම්බිසාර රජතුමා කම්පා නොවී වෛර ක්රෝධ නොකර එකට එක නොකර ඒ සියලු දේම ලෝක ධර්මයක් ලෙස මුහුණ දීලා හිත සනස ගත්ත නිසා මරණයෙන් පසු සුගතියේ ඉපදුනා
රජතුමාට ඒ ශක්තිය ලැබුණේ මේ ආර්ය සත්ය ධර්මය අවබෝධ කරගෙන සිටිය නිසයි මේ ධර්මය අවබෝධ නොකර සිටියා නම් බිම්බිසාර රජු මියයන්නේ අජාසත්ත රජුට සාප කරමින් ක්රෝධයෙන් වෛරයෙන් පලිගැනීම් හිතේ තද කරගෙන අකුසල් සහිත පුද්ගලයෙක් ලෙසයි නමුත් මෙයින් අත් මිදීමට හැකි වීම ලෞකික වශයෙන් එතුමා ලැබූ ලොකුම ලාබයයි මරණයෙන් මතු ජනවසභ කියලා දිව්ය රාජයෙක් වෙලා එතුමා උපත ලැබුවේ මේ ධර්මය පිහිට කර ගෙනයි

 

ඒ නිසා පැහැදිලියි සෝතාපන්න වූ ශ්රාවකයා කිසිම දෙයක් නිසා පිරිහෙන්නේ නැහැ රාජ්ය පාලකයෙක් මේ ධර්මය නිසා එතරම් ලාභයක් රැකවරණයක් ආරක්ෂාවක් ලැබුවා නම් සාමාන්ය ජීවිතයක් ගතකරන අපට කොයි තරම් ආරක්ෂාවක් රැකවරණයක් මෙයින් ලබා ගත හැකිද මදකට ඔබ සිතා බැලිය යුතුයි…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X