Temples of Sri Lanka

මෙත් වඩමු

අපි කිසිවෙක් දුක් විඳීමට නො කැමැති වෙමු අපට රිදෙනවාට අපි කැමති නැහැ අපට අනුන් බනිනවට කැමති නැහැ අපිව මරනවට අපි කැමති නැහැ මේ ජීවිතයට අපි ඉතාමත් ආදරේ කරනවා අප වගේම අනෙක් සෑම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරය කරනවා අනෙක් සතුත් ඔවුන්ගේ ඇඟට පතට වෙන කවුරුත් රිදවනවාට කැමති නැහැ අනෙක් අය වගේම අනුන් බනිනවා ට කැමති නැහැ අප අකැමති දෙයට අනිත් අයත් අකමැතියි ඒ නිසා අනෙක් අයගේ ඇඟ හිත හෝ රිදවන කිසිවක් කිරීමට බෞද්ධ දරුවන් නො පෙළඹිය යුතුයි

 

මිනිසුන් වගේම අනෙක් සත්තුත් ඔවුන්ගේ ජීවිතයට බොහෝ ආදරේ කරනවා මිනිසුන්ට වගේම ඔවුන්ටත් රිදෙනවා ඒ නිසා අප ඔවුන්ට රිදවීම හොඳ නැහැ බඩගින්නේ ඉන්න දුගීන්ට හිඟන්නන්ට වගේම සත්තුන්ටත් අපට හැකි සෑම විටම කෑමක් බීමක් දීලා සතුටු වෙන්න පුළුවන් සුබවාදී හිතක් අප ගාව තිබිය යුතුයි

 

කූඩුවල ඉන්න කුරුළු පැටවුන්ට හිංසා කිරීම හෝ එහි තිබෙන බිත්තර ගැනීම පොඩි කිරීම බෞද්ධ දරුවන්ට සුදුසු නැති වැඩ
කුරුලූ පැටියෙක් හෝ බිත්තරයක් හෝ නැති වුවහොත් මවු කිරිල්ලිය මොන තරම් දුක් වෙනවද මිනිස් දරු පැටියෙක් නැති උනහම අම්මෙක් තාත්තෙක් උහුලන වේදනාව දන්න මිනිසෙක් කවදාවත් එවැනි වැරදි ක්රියාවල යෙදෙන්නේ නෑ ඒවාට පෙළඹ වෙන්නේ නැහැ ඒවා දැක්ක දුටු තැනඒවායින් ගලවාගැනීමට වැඩිහිටි සමාජය දිරිපත් විය යුතුයි
අසරණ සතුන්ට හිංසා කිරීම බෞද්ධ දරුවන්ට සුදුසු වැඩක් නොවෙයි හැමදාම අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්රී භාවනාව වඩනවා එසේ කරන අපගේ ද ඒ භාවනාව අනුව ම ජීවිතය හැඩගසා ගන්නට අපට හැකියාව ලැබෙනවා…

 

මෛත්රී සිතින් තමන් කුමක් හෝ කාර්යයක් සිදු කරන විට අප මෛත්රී සිතට අනුගත වෙනවා වගේම අපට ලැබෙන දේවල් වලත් හොඳ ප්රතිපල ලබා ගන්නට පුළුවන් මෙත් සිතින් ප්රාර්ථනා කරන සියලුම දේ සාර්ථක නොවුණත් සාර්ථක වුවත් අපගේ ක්රියා ක්රියාපටිපාටිය තුළ අප බලාපොරොත්තු වන බොහෝ දේ ළඟා කරගන්නට මේ මෛත්රි සිත අපට ඉවහල් වනවා මිනිසත් භාවයන් තහවුරු කරන මෛත්රී සිත පුබුදුවාලූ විට මිනිසත් ගුණ අපෙන් ඉස්මතු වෙනවා වගේම අප කරා ළඟා වන්නේත් මෙත් සිතින් අප ප්රාර්ථනා කරන දේවල් වලටම ප්රතිඵලයි…එනිසා සුබවාදී ජීවිතයක් ගත කිරීම සඳහා මෙත් සිතින් ප්රාර්ථනා කරන්න…මෙත් සිත පතුරවන්න….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

 

© Buddhist Brotherhood
You might also like
en English
X
X