Temples of Sri Lanka

බුදු සිරිතෙන් අපේ දිවියට

බුදු සිරිත අපට අගනා ආදර්ශ සපයයි. එසේම අපේ දිවිය මහත්සේ සරු බවට පත් කරයි. බුදු සිරිත මුළු මහත් ලෝකයාටම ආදර්ශ සාගරයක් වගෙයි. අපට කළ හැක්කේ ඒ මහා සාගරයෙන් දිය දෝතක් ගෙන හැර පෑම පමණයි.

 

බුදුරජාණන්වහන්සේ ලොවට පළමුවෙන්ම දුන් ආදර්ශය වන්නේ කෙළෙහි ගුණ සැලකීමයි. එතුමාණෝ බුදු වීමට පිහිට වූ බෝධීන් වහන්සේ දෙස සතියක් බලා සිටිමින් සත්ත්වයාට පමණක් නොවෙයි ගස්වැල් වලට පවා කෙළෙහිගුණ දැක්විය යුතු බව හෙළි කළා.
බුදුරජාණන් වහන්සේ දින චර්යාවක් අනුව කටයුතු සංවිධානය කර ගත්තා මුළු දවස ම අර්ථවත් ලෙස ගත කිරීම සඳහා කාල සටහනක් පිළියෙල කර ගැනීමේ වැදගත්කම ඉන් ලැබෙන ආදර්ශයයි මෙහිදී අප කළ යුත්තේ අපට සරිලන දින චරියාවක් සැලසුම් කොට ගෙන ඒ අනුව දවස ගෙවීමයි එවිට අපේ කාලය ඉතා ප්රයෝජනවත් අයුරින් ගත කරන්නට අපට හැකියාව ලැබෙනවා ගෙවීගිය කාලය අපට ආපසු ලබා ගන්නට නොහැකි නිසාම සෑම මොහොතක්ම අර්ථවත්ව ගත කිරීමට වෑයම් කළ යුත්තේ ඒ නිසයි ඒ සංවිධානාත්මක ජීවිතයයි.

 

ලෝකානුකම්පාවෙන් කටයුතු කිරීම බුදු සිරිතෙහි දක්නට ලැබුන තවත් සුවිශේෂි ගුණයක්
පිහිටවිය යුත්තන්ට පිහිටවීම පිහිට වීම මෙම ගුණයෙහි ස්වභාවයයි අපටද ශක්ති පමණින් මෙම මහඟු කාර්යය කරන්නට පුළුවන් ඒ ඒ අවස්ථා අනුව අපට ද අන්යයන්ට උපකාර කළ හැකි අපේ ඥාතීන්ට හා මිත්රයින්ට පමණක් නොවෙයි මගතොටේ සිටින්නවුන්ට පවා සුළුවෙන් හෝ උපකාර කිරීම අපේ ලෝකානුකම්පාව ට ඇතුළත් කර ගන්නට පුළුවන් පාසලේ හෝ පන්තියේ නැතිබැරි ළමයෙකුට අසරණයෙකුට පිහිටවීම බුදු සිරිතෙහි සුවිශේෂී ගුණයක් බුදුන් වහන්සේ සෝපාක නම් කුඩා දරුවාට පිටවූ අවස්ථාව අපට සිහිපත් කළ හැකියි තවද පූතිගත්ත තිස්ස තෙරුන්ට පිහිට වූ අවස්ථාව ද පිහිට වූ අවස්ථාව ද සිහිපත් කරන්නට පුළුවන් උපකාර කිරීමට අපි සිතට ගනිමු පාසලට යන එන විට අපි දකින දුගියකු මගියෙකු හෝ යාචකයෙකු වෙත අනුකම්පාව යොමු කර උදව් කළ හැකි නම් එයත් යහපත් කාර්යයක් එය ලොවට අනුකම්පා කිරීමයි

 

රෝගීහු ද අබල දුබලයෝද අප අවට කොතෙකුත් සිටී සමහරු අපේම වැඩිහිටි ඥාතීහු දැන් ශ්රී ලංකාවේ ලෝකයේ වෙනත් රටවල වැඩිහිටියන් අසරණ වීම දුර්ලභ දෙයක් නොවෙයි කළ යුත්තේ ඔවුන් අප ඇසුරේම තබාගනිමින් සත්කාර කිරීමයි රැකබලා ගැනීමයි අසරණ වැඩිහිටි නිවාස වල යැවීම හෝ මහ මගට බැස්ස වීම සුදුසු නොවෙයි රෝගීන්ට අපේ විශේෂ අවධානය යොමු විය යුතු යි බුදුරජාණන් වහන්සේ ගිලන්ව සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට සියතින් ම උපස්ථාන කිරීමෙන් අපට ලබා දුන් ආදර්ශය ගිලානෝපස්ථානය කළ යුතු බවයි පූතිගත්තතිස්ස තෙරුන් ගැන ඉගනීමෙන් පමණක් ප්රයෝජනයක් නැහැ මේ අසරණයන්ට පිහිට වීම තුළ අප ලබාගන්නා සතුට ඉමහත්

 

අධ්යාපනික කරුණු පිළිබඳව සාකච්ඡා කරන විට මැනවින් අධ්යාපනය ලැබීම අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක් අධ්යාපනය ලැබිය යුත්තේ කෙසේ ද යන්න අපට බුදු සිරිතෙහි වටහාගන්නට පුලුවන් බුදුරජාණන් වහන්සේගේ දම්සභා මණ්ඩපය අපට ආදර්ශ කළ හැකි අධ්යාපන කේන්ද්රයක් ප්රශ්න ඇසීම ප්රශ්න වලට පිළිතුරු දීම දේශනා කිරීම සාකච්ඡා කිරීම දම්සභා මණ්ඩපයෙහි විශේෂ ලක්ෂණ අප අධ්යාපනික කරුණු ගැන පමණක් නොවෙයි කවර කරුණක් ගැන වුවත් කළ යුත්තේ විමසීම සහ සාකච්ඡාවයි එවිට ඒ පිළිබඳව මනා අවබෝධයක් වගේම සන්නිවේදනය කුත් ඇතිවෙනවා අධ්යාපනික ක්රියාවලිය පන්ති කාමරයට ම සීමා කර නොගැනීම බුදු සිරිතෙහි ලද හැකි ආදර්ශයක් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කර වූයේ දම්සභා මණ්ඩපයේදී පමණක් නොවේ උන්වහන්සේ උද්යාන ගල් තලා වැලිතලා ගංඉවුර රුක් සෙවන පැල්පත් රජමාලිගා යන මේ කවර තැනකදී වුවත් කරුණු පැහැදිලි කළා ඉගෙනීමට තැනක් නොතැනක් නැති බව අප ඉගෙන ගත ගත යුතු ආදර්ශයක්

 

ඒ වගේමයි මිනිසෙකුට සැහැල්ලු පැවතුම් තිබිය යුතුයි සතුට රඳා පවතින්නේ පරිහරණය කරන ලද භාණ්ඩ ඇසුරෙහි නොවෙයි. සිතෙහියි. ඒ බව බුදු සිරිත අපට කියා දුන්නා සිදුහත් කුමාර අවධියේ මාලිගාවල සැප විඳි බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ගස් යටත් ගල්තලා මතක් සොහොන් බිම් වලත් දෙව්රම් වෙහෙරේ හා සෙසු වෙහෙර වලත් වෙනසක් නැතිව වැඩ සිටියා දැන් සමාජය අප පොළඹවන්නේ බොහෝ භාණ්ඩ ඇති ව විසීමට බොහෝ දෙනා ජීවිතයේ සතුට හා වාසනාව ලෙස සලකන්නේ හැකිතාක් සුඛෝපභෝගී ජීවිත ගත කිරීම ජනමාධ්ය හා ප්රචාරක දැන්වීම් දේ සඳහා අනුබල දෙනවා මේ නිසා වත්මන් සමාජයේ ණය වෙමින් හෝ අනවශ්ය ලෙස භාණ්ඩ රැස් කිරීමට පෙළඹෙනවා

 

ආදායම ඉක්මවා වියදම් කිරීමෙන් ජීවිතයේ සමබරතාවය ඒ නිසාම පරම ධනය වන සතුටත් අහිමි කරගන්නවා බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගෙන අපිත් චාම් සරල දිවි පෙවෙතක් ගත කරමු වර්තමානයේ බොහෝ දෙනාට ඔපවත් ඉන්නේ ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදියෙහි දී නවීන විලාසිතාවන්ට අනුව කටයුතු කිරීමේ තරඟයට මුහුණ දීමටයි. බුදුරජාණන් වහන්සේ පරිහරණය කළේ නොවටිනා රෙදි කඩකින් සකසාගත් සිවුරක් ආහාර පාන ලෙස වැළඳුවේ ලැබෙන දෙයක් ඇතැම් දිනෙක රජමැදුරක දානයක් තවත් දිනෙක දුගී පැල්පතක දානයක් උන්වහන්සේට මේ දෙකෙහිම වෙනසක් වුණේ නෑ අප දැන් වෙසෙන්නේ ආහාරපාන ඇඳුම් පැළඳුම් පිළිබඳව ප්රචාරක දැන්වීම් වලින් පිරුණු ලොවක එහෙත් ඒවාට නොරැවටී අපට අවශ්ය දෑ ද බුද්ධිම තෝරාබේරාගෙන තෘප්තිමත්ව විසීමට අපි ඉගෙන ගන්නට අවශ්යයි

 

කුලය ධනය හෝ බලය නොතකා සියලු මිනිසුන්ට පිහිට වීමේ ගුණය බුදු සිරිතෙන් අපට ගන්න පුළුවන් ආදර්ශයක් බුදුරජාණන් බුදු රජානන් වහන්සෙගෙ පිහිට ලැබූ සුනීත රජගහ නුවර විසූ කසල ශෝධක යෙක් සෝපාක පහත් යැයි සම්මත කුලයක දරුවෙක් පුණ්ණා ධනවත් නිවසක දාසියක් රජ්ජුමාලා දාසියක් බුදුරජාණන් වහන්සේ තම පුත් රාහුල තෙරුන් ටත් මේ සියල්ලට ද සැලකුවේ එකම ආකාරයකින්

 

ස්වාමිවරුන් ගෙන් තාඩන පීඩන ලබන සේවක සේවිකාවෝ අදත් බහුලව ඉන්නවා
ළමයින් සම්බන්ධයෙන් මේ තත්ත්වය තවත් උග්රයි බුදු සිරිතෙන් මග පෙන්වීමක් ලද හොත් අප කිසි දිනෙක අසරණ ළමයින්ට අසරනයින්ට දුගී දුප්පතුන්ට හා නිවසේ මෙහෙකරුවන්ට හිංසා පීඩා කරන්නේ නැහැ
බුදු සිරිතෙන් අපේ දිවිමගට ලද හැකි ආදර්ශ හා මඟ පෙන්වීම් බුදුගුණ තරම් අප්රමාණයි .බුදු පියාණන් වහන්සේ ලොවට දුන් ආදර්ශය අනුව අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට සිතට ගනිමු .මේ මහා කරුණාව අප තුළ පහළ කරගනිමු .

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X