Temples of Sri Lanka

කුසල් මග පුරවමු

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා බුදු දහමේ තරම් පැහැදිලිව වෙන කිසිම ආගමක දානය පිළිබඳ විස්තර වන්නේ නැහැ කියලා.

තවත් ආගම් වල දීම පිළිබඳව සඳහන් වෙනවා. නමුත් එහි තියෙන්නෙ සිත පහදවා ගෙන දීමක් ගැන නෙවෙයි..
ඒ වගේම තවත් ආගම් වල දීම පිළිබඳව සඳහන් වෙන්නේ හරි හම්බ හම්බකරන දෙයින් සියයට ගණනක් ආගම වෙනුවෙන් දිය යුතුයි කියලයි. ඔවුනුත් සිත පහදවා ගෙන දීමේ ආනිසංස දැන ගෙන දෙන දෙයක් නොවෙයි ඒ දීම .
ඒ නිසා ඒ දීම සඳහා දානය කියන වචනය තෝරන්න අපහසුයි අපට පේනවා දානයට පුරුදු නො වූ සමාජයක තත්ත්වය ඉතාම කනගාටුදායක තත්වයකට වැටී ඇති බව ඔබට මතක ඇති විවිධ අවස්ථාවල විවිධ ආකාරයේ අගහිඟකම් වලට රටවල් පවා මුහුණ දුන්නා.
ඒ අවස්ථාවල වතුර පොදක් වත් නැතිව දින ගණනක් දුක් විඳින්නට සිදු වූ අවස්ථා බොහොමයක් තිබුණා දන් නොදීපු සමාජයක ආගමික බද්දක් ගෙවන සමාජයක දානය දන්නෙ නැහැ ඒ නිසා අසරණ කෙනෙකුට තවත් කෙනෙකු තමන් සතු දෙයක් දෙන්නට මැලි වෙනවා.

 

නමුත් අපේ රට තුල ඕනෑතරම් ව්යසන සිදු වූ අවස්ථාවන් වල මේ දීමේ පැහැදිලිකම හේතුකොටගෙන මිනිසුන් දන් දුන් ආකාරය අපට මතකයට ගන්නට පුළුවන් තමන්ට කන්න තිබෙන දේ අඳින්න තිබෙන දේ පමණක් නොවෙයි.  තමා සතු කණකර ආභරණ පවා දානය සඳහා යෙදවූවා අපේ මේ රටේ රටේත් දියුණුයි කියා කියන රටවල් වලත් විශාල වෙනසක් දකින්නට තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා ඒ පැහැදිලිවම දානය වටා තිබෙන්නේ නීතියක් නොවේ .එහෙම තියන තැනක දානය සම්මත කරන්නට බැහැ.
බෞද්ධ අප කීප ආකාරයකට දානය දෙනවා අප දුගී මගී යාචකයන් සඳහා අප සතු දේ දන් දෙනවා එහි දී කිසිසේත් ම ඔහුගේ ආගම කුමක් දැයි හොයන්නෙත් නෑ වැඩිහිටි නිවාස වල ළමා නිවාස වල අයට දන් දීමේදී කිසිවක් නොසොයාම අප දන් දෙනවා ඒ අයගේ අසරණ තත්ත්වයෙන් මුදා ගැනීමේ අරමුණින් තමයි අප ඔවුන් සඳහා දානය දෙන්නේ.

 

බෞද්ධ මිනිසා තරම් දන්දීමේ කැමැත්තක් දක්වන වෙනත් ජනතාවක් මේ ලෝකේ නැති තරම් ඇස් දන්දීම ලෝකයාට හඳුන්වා දුන්නේ බෞද්ධ අපි අන්ය ආගමික රටවල අය ඇස් දන් දෙන්නේ නැහැ.
බෞද්ධ රට වලින් තමයි ඒ ඇස් අරගෙන ගිහින් ඔවුන්ට බද්ධ කරන්නේ වකුගඩු වත් එහෙමයි වකුගඩු දන් දෙන රට ශ්රී ලංකාව වෙන්න ඇති තමන්ගේ වකුගඩුව තව කෙනෙකු උදෙසා දන් දෙනවා ලේ දන් දීමත් එහෙමයි ලෝකයේ කිසිම රටක නැති විදිහට අපේ රටේ මිනිස්සු තව කෙනෙකු උදෙසා ලේ දන් දෙනවා.
ඉතාමත් ආශ්චර්ය දන් දීම් තවත් අපේ රටේ තියෙනවා බොහෝ දෙනෙකු මේ සියලු දන්දීම් කරන්නේ මේ තාවකාලික ජීවිතයෙන් ප්රයෝජනයක් ගත යුතුයි කියන අදහසින් ඒ වගේමයි තමන්ට කිසියම් පිනක් සිදුකර ගැනීමත් ඒ අතර සිද්ධ වෙනවා

 

බුද්ධ ධර්මයෙන් අප ආමිස දානය පිළිබඳව කතා කරනවා ඉඩකඩම් ගේදොර යානවාහන දේපල දන්දීම ඒ වගේ සතුන් නිදහස් කිරීම අපේ රටේ බොහෝ සිදුවෙන දෙයක් එය අභය දානය ලෙස හඳුන්වනවා.
මීට අමතරව අපේ රටේ බොහෝ දෙනා කැමැති දානයක් තියෙනවා ඒ තමයි ධර්ම දානය මිනිස්සු දස දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරමින් දහම් පොත් මුද්රණය කරමින් ධර්ම දානය දෙනවා මෙයින් අපට පැහැදිලි වෙනවා දානය ඉතාම පුළුල් ලෙස සිදු වන්නේ බෞද්ධ සමාජය තුළ කියලා දානය විවිධාකාරයෙන් බෙදෙනවා කෙනෙකුට දාන වේලක් දීමේදී ඉතාමත් පිරිසිදුව ප්රණීත ව ඒ දානය දිය යුතුයි ඇයි තම වැදගත් කරුණක්.
ඒ වගේමයි මේ දානය දීමේ දී එය මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද කියලා අපට අවබෝධයක් තියෙන්න ඕන
කාටදන් දීමෙන්ද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ…..

 

දන් දිය යුත්තේ පැහැදුනු කෙනාට ඒ වගේමයි මහත්ඵල මහානිසංස වන්නේ සීලාදී ගුණ ධර්මවලින් යුක්ත ඉන්ද්රිය සංවරයෙන් යුක්ත රාග ද්වේශ මෝහ නසන ප්රතිපදාවෙන් යුක්ත එබඳු අයට දෙන දානය මහත්ඵල මහානිසංස වන්නේ ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
එයින් අපට පැහැදිලි වෙනවා මහත්ඵල මහානිසංස කියන්නේ ඒ දානය ලබා ලබාගන්න තැනැත්තාගේ ගුණවත්කම ට දානය ලබා ගන්නා තැනැත්තා ජීවිතය පිළිබඳව කල්පනා කරන විදිහට සිත කය වචනය හසුරුවන ආකාරය සම්පූර්නයෙන් ම බලපානවා
දානය දීපු පිරිස දන් දෙන්නේ දුස්සීල කෙනකුට නම් දුස්සීල කෙනෙකුට දීපු දානයේ විපාක තමයි ඒ දන් දීපු පිරිසට තිබෙන්නේ
ඒ සඳහා හොඳ උදාහරණයක් තියෙනව බුද්ධ දේශනාවෙ ..

 

සච්චක වාද කරලා පැරදිලා දමනය උනා. දමනය වෙලා ඔහුට උවමනා වුණා දානයක් දෙන්න එයාගෙ සේනාවට නියෝග කලා නුඹලා හෙට දවසේ කෑම බීම හදාගෙන ඇවිත් මට දෙන්න කියලා ඉතින් මිනිස්සු දානමාන පිළියෙල කරලා එයාට දුන්නා අර මිනිස්සු දුන් දානයේ පින තමයි ඔවුන්ට තිබෙන්නේ සච්චක කලේ ඒ දානය අරගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට පූජා කළා එහිදී බුදුරජාණන් වහන්සේට පූජා කළ පින තිබෙන්නේ සච්චකට.
සච්චක දානය දීලා බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි නගරයේ පිරිස මේ ආකාරයට දානය ගෙනැවිත් මට දුන්නා කියලා එවිට බුදුරජාණන් වහන්සේ වදාළා ඔබට යමක් දුන්න නම් ඔබට දීපු පින ඔවුනට තිබේවී. ඔබ මට දාන දුන්නා නම් මට දානය දුන් පින් ඔබට තිබේවී…. කියලා….

 

එහිදී අපට පැහැදිලිව පේනවා දානය දීමේ දී දන් පිළිගන්නා අයගේ සිල්වත් බව ඒ අයගේ යහපත් ජීවිතය කතාබස් කරන කල්පනාවන් සම්පූර්ණයෙන්ම දානයක් මහත්ඵල මහානිසංශ වීමට හේතු වෙනවා කියන කාරණාව.
යම් පුද්ගලයෙක් ලෝකයට කරුණාවන්ත නම් හිතානුකම්පා නම් කිරීමට තිබෙන්නේ තමන් සිල්වත් වීම
තමන් සිල්වත් වීම තුළින් අනිකුත් අය සලකන කොට එයින් පිනක් සිද්ධ වෙනවා
බුද්ධ දේශණාවේ මජ්ඣිම නිකායේ පිණ්ඩපාත පාරිශුද්ධ දේශනාවේ තියෙනවා ගිහි පිරිස දන්පැන් සේනාසන ආදී සිවු පසයෙන් උපස්ථාන කරද්දී මහත් ඵල මහානිසංස වීමටනම්, පැවිදි පිරිස කළ යුත්තේ ධර්මයේ හැසිරීම මයි.
භික්ෂූන් වහන්සේ පිරිසිදුව නිවැරදිව ධර්මයේ හැසිරෙනවා නම්… මහත්ඵල මහානිසංස වෙනවා .
එනිසා අපට ඉතාම හොඳින් පැහැදිලි යි…දානයක් මහත්ඵල මහානිසංස වීමට ලබාගන්නා ගේ ගුණවත්කම සිල්වත්කම වගේම දානය ලබා දෙන්නාගේ ගුණවත් සිල්වත් කමත් සම්පූර්ණයෙන් ම බලපාන බව

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X