තිසරණය කිළිටි කර නොගනිමු
අප සමාදන් වූ තිසරණය අහිමි වීමටත්, කිලිටි වීමටත් හේතු කිහිපයක්ම තිබෙනවා.
බුදුරජාණන් වහන්සේටත් ඒ ශ්රී සද්ධර්මය ටත් බුද්ධ ශාසනයේ වැඩවෙසෙන මාර්ගඵල සංඝරත්නයටත් ගැරහීමෙන් අප සමාදන්වූ තිසරණය කිළිටි වී යනවා. ඒ පිරිස මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. ඒ වාගේමයි චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් සසර දුකින් එතෙර වීමට පුළුවන් බවත් ඒ අය පිළිගන්නේ නැහැ. එම ධර්මය අවබෝධ කරගත යුතුයි කියා සිතීමටත් උත්සාහ ගන්නේ නෑ. ඒ නිසා ඒ සියලුම දෙනා තිසරණය තුළ කිලිටි කරගත් පිරිසක් .
බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා සත්ත්වයා සසර අගතියෙන් මිදීමට නම්, මේ මාර්ගඵල අවබෝධය සම්පූර්ණයෙන්ම කරගත යුතුයි කියලා කෙනෙක් හිතුවොත් චතුරාර්ය සත්ය ධර්මය ට පෙර අපට අවබෝධ කර ගැනීමට කෙතරම් දේවල් තිබෙනවාද කියලා. ඒ සමගම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හෑල්ලුවට ලක්වෙනවා. ඔය සියලු දෙනා අයත්වන්නේ ශ්රාවකත්වය බැහැර වූ පිරිසකට .
ශාසනය තුළ ශ්රාවකත්වය ලැබෙන්නේ අවබෝධයෙන් තිසරණයේ පිහිටීම තුළින්. ඒ වගේම තිසරණය අහිමි කරගන්නා තවත් පිරිසක් අප අතර ඉන්නවා. ඔවුන්ට දුකක් කරදරයක් කම්කටොලු වක් ඇතිවුණාම මුලින්ම සිහිවන්නේ මෙතෙක් මිථ්යාදෘෂ්ටියෙන් කරගෙන ආ සිරිත් විරිත් පමණයි. ඒ සමඟම තිසරණය අත්හරිනවා. බුද්ධ ධර්මයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ ඉපදීම දුකක් සසර දුකක් කියලා නමුත් එය තේරුම් ගන්නේ නුවණින් විමසන්නේ බොහොම සුළු පිරිසක් අනෙක් සියලුම දෙනා මිත්යා දෘෂ්ටියට හසුවෙලා තිසරණය අහිමි කරගන්නා පිරිසක් බවට පත්වෙලා තියෙනවා.
අපේ සමාජයේ එක පිරිසක් බොහෝවිට එක් පුද්ගලයින් සහ වෙන වෙන දෙවිවරුන්ට පහන් දල්වලා ඒ ඒ පෘථග්ජන දෙවිවරු දෙවිවරු ඇදහීමට පුරුදුව සිටිනවා. මේ සියලුම දෙනාගේ තිසරණය කිළුටු වෙනවා. සමහරු ආරක්ෂාව පිණිසයි කියලා එක එක හින්දු චාරිත්ර වාරිත්ර පුද පූජාවන් සිදු කරනවා. ඒ සෑම දෙයක් කරන අතරම ලෙඩක් දුකක දී පන්සල් යනවා. පල්ලි දේවාල වලත් යනවා. කේන්ද්ර සරණත් යනවා. මෙවැනි බෞද්ධ පිරිස තමයි අද සමාජයේ වැඩි පිරිසක් ම සිටින්නේ. ඒ පිරිස තිසරණය මුළුමනින්ම කිළුටු කරගත් පිරිසක්.
තමන්ට ශ්රද්ධානුසාරි වීමට තිබෙන අවස්ථාව තමන් විසින්ම අහිමි කරගෙන තිබෙනවා. මෙසේ තිසරණය කිළුටු කරගත් පිරිස තමන්ගේ තිසරණය අහිමිවුණා කිලිටි වුණා කියන්න වත් දන්නෙ නෑ. ඒ දැනීමවත් නෑ. එයයි ඔවුන් කරගන්නා ලොකුම පාඩුව.
එසේ නම් අද සමාජය තුළ විශාල ලෙස පැහැදිලිවම අඩුපාඩුවක් කරගෙන තියෙනවා. අද තිසරණය අත්හැර දාලා නිහඬවම සිටීම තමයි මූලික වැරැද්ද මේ සමාජයේ සිටින නායක කරදීම් පිරිසක් සමාජයේ ඉහළ තලයේ සිටින පිරිසක් බොහෝවිට තිසරණය අත්හැරලා සිටින පිරිසක් තිසරණය පිළිබඳව මූලික අවබෝධයක් ඇතිකර ගැනීම තමයි මූලිකවම කළ යුත්තේ. එවිටයි සමාජයට සැබෑ ලෙසම උපකාරයක් කිරීමට හැකි වන්නේ.
ඒ වගේම අපේ ශාස්තෘන් වහන්සේ දේශනා කරල තියෙනවා මේ ලෝකෙ කළගුණ දක්වා අවසන් කිරීමට නොහැකි කරුණු තුනක් පිළිබඳව. ඒ තමයි අම්මා තාත්තා ට සැලකීම, වැඳුම් පිදුම් කිරීම අනෙක් කරුණ තමයි අවබෝධයෙන් තමා තිසරණයේ පිහිටුවන පුද්ගලයාට වැඳුම් පිදුම් කිරීම. එසේ නම් අපට පැහැදිලියි මිනිස් වර්ගයා අවබෝධයෙන් තිසරණ පිහිටුවනවා නම්, ඒක මිනිස් වර්ගයාට කොයිතරම් සෙතක් ද කියලා. මවුපියන්ට පුළුවන් දරුවන් පෝෂණය කරන්න දරුවන්ගේ දියුණුවට කටයුතු කරන්න. නමුත් දරුවන්ට අවබෝධයෙන් තිසරණ ඒ පිහිටුවන පිරිස ඉතාමත් අඩුයි අවබෝධයෙන් තිසරණ තුළ පිහිටන එක කෙතරම් ශ්රේෂ්ඨ දෙයක්ද කියලා අප ද කියලා අපි ඉතාමත් හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වටිනවා.
අංගුත්තර නිකායේ ගාථාවක් තිබෙනවා සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියාට ප්රති උපකාරයක් ලෙස ධර්ම දානය උපකාර කරන්න කියලා. එනම් මනාව පැහැදිලි ධර්මදානයේ අඩුවක් නිසා මෙය සිදුවූයේ බව තිසරණය විස්තර නොකර දහම් පාඨයක් අරගෙන පෞද්ගලික මතිමතාන්තර ගොඩක් තියාගෙන යාම නිසයි. මේ අඩුපාඩු අවම කරගනිමින් තිසරණයේ පිහිටුවීම තුළ චර්යාවන් හා මානසික අධ්යාත්මික ලැබෙන පිටුවහල සුළු පටු නොවන බව වටහා ගන්නට අවශ්යයි ….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood