Temples of Sri Lanka

අද උතුම් වූ බිනර පුර පසළොස්වක පොහොය දිනයයි…

සිහිල් වූ සොබාදහම ක සිහිල් වූ සිතකින් ජීවත් වන විට ගුණධර්ම  හා පින පින-පව වටහා ගැනීම ආදිය කෙරෙහි සිත් යොමු වීම සිතෙහි ස්වභාවයයි.

යහපත් ධර්මයක් පිළිගන්නා විට මේ යහපත් මනුෂ්‍ය ස්වභාවය වඩාත් යහපත් අතට හැරේ

වස්සාන සමයෙහි මනුෂ්‍ය සිතෙහි මුහුදු මුහුදු වූ මොළොක් වූ බවක් ඇතිවන අතර බලාපොරොත්තු රහිත විපත් සිදු නොවේ නම් …භික්ෂූන් වහන්සේ නමකගේ චිත්ත ස්වභාවය ද එසේමයි.

බුදුරජාණන් වහන්සේ මේ කාලයේදී භික්ෂු සිත භාවනාව කෙරෙහි සහ ධර්මය සිහි කිරීම කෙරෙහි වඩාත් හොඳින් යොමු කරන්නට අනුශාසනා කර තිබෙනවා ඒ ඒ භික්ෂූන් වහන්සේගේ හිතට ගැලපෙන පරිදි කමටහන් නොහොත් භාවනා අරමුණු දී නිවන් මග වටහා ගන්නට අවවාද කර තිබෙනවා

වස් හාර මාසය පුරාම භික්ෂූන් වහන්සේ තමාගේ අධ්‍යාත්මික විමුක්තිය කෙරෙහි සිත යොමු කළ යුතු වුණා තමා විසින් පරිහරණය කරනු ලබන අල්ප වූ සිවුරු පිළි මසා සකස් කර ගැනීම ආදිය කරගැනීම ආදියත් මේ කාලයේ කරන්නට පුරුදු වීම නිසා වර්තමානයේ දක්නට ලැබෙන වස් අවසානයේ පවත්වන මහා කඨින පූජාවන්ගේ ආරම්භයටද මෙයින් පදනම වැටුණා

වර්ෂා කාලයේ ජරාජීර්ණ ව යන සිවුරු පිරිකර වෙනුවෙන් අලුත් සිවුරක් පූජා කරන්නට එයට මැහුමක් දමන්නට බෞද්ධයන් තුළ තිබෙන්නේ අසීමිත වූ ඕනෑකමක් සහ ආශාවක්… එය මහා පුණ්‍ය කර්මයක් ලෙස ද සලකනු ලැබුවා

ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට බිනර පෝය වඩා වැදගත් වන්නේ තපස්සු භල්ලුක දෙදෙනා විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා ගන්නා ලද කේශ ධාතු නිධන් කොට තැනූ හිරිගඩු සෑය සුවිශේෂ පුද පූජා දිනය බිනර පෝය ට යෙදී තිබීමයි.තපස්සු භල්ලුක දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් දහම් සරණ ගිය පළමු උපාසකයෝ.එසේම සහෝදරයෝ දෙදෙනෙක්… බිනර පෝය ට යෙදී ඇති තවත් උත්සවයක් නම් සේරුවාවිල මංගල මහා සෑයේ වාර්ෂික පින්කම සේරුවාවිල  සෑයෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු නිදන් කොට ඇතැයි පිලිගන්නවා එසේම මහියංගන රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර ද ඒ හා  බැඳී පවතිනවා

එසේම කෘෂිකාර්මික ජීවිතයේ බිනර මාසය ගොවියා බිම් බහින මාසය හෙවත් බිම සකස් කරන විශේෂයෙන් වගාවන් ආදිය කිරිම සඳහා හිත යොමු වන මාසය ලෙස ද පිළිගන්නවා

කාන්තා මහණ දම නැතහොත් භික්ෂුණී භාවයට, භික්ෂුණී ශාසනයට, අවසරය ලැබෙන්නේ බිනර පොහොය දිනයේ දී වීමත් ඉතාමත් වැදගත් සිද්ධියක් .මහා ප්‍රජාපති ගෝතමිය විසින් මහණ වීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප තත්ත්වයට පත්වුණා .පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් අවසරය ලබා ගැනීමට හැකියාව ලැබුනා ඒ අද වන් වූ බිනර පොහොය දවසකයි.

මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියයක් දෙනා මෙහෙණි සසුනට ඇතුළු වූයේ බිනර පොහොය දවසකයි ඒ සමගම උපසම්පදාවද කාන්තා මෙහෙණින් වහන්සේට උරුම වුණා වුණා තවද… අෂ්ටගරුධර්ම පැනවීමට සිදුවුණේ ද බිනර පුන් පොහෝ දිනකයි.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාත් පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාව තුළ ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාත් කාන්තාවන්ට පැවිද්ද නො ලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැලලක් වීම නිසාත් කාන්තාවන්ට සසුන් දොර විවර වීම අදවන් වූ උතුම් බිනර පොහෝ දිනක සිදුවූ වගට තොරතුරු සපයනවා…

සියලු සිත් සතන් සුවපත් කරන දහම් ඒකා ලෝකයෙන් ලොව බබලවන පින්බර බිනර පොහෝ දිනක් ඔබ සැමට

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood 

You might also like
en English
X
X