Temples of Sri Lanka

කුසල් සිත් වඩමු

දහමට ලැදි දහමින් පෝෂණය වූ සැදැහැතියෝ පන්සිල් ආරක්ෂා කිරීමට මහත් සේ වෙර දරති පන්සිල්හි පිහිටා එය වගකීමෙන් ආරක්ෂා කිරීම තුළ තම ජීවිතය දෙලොව යහපත කරා රැගෙන යාම නිරායාසයෙන්ම සිදුවන්නකි
සිත තුළ තුළ යෝනිසෝමනසිකාරය ඇතිකර ගැනීමෙන් මේ මොහොතේ අවධානය නොකඩවා රැකගත හැකි වෙයි එවිට අපේ සිත තුළ ඇතිවන අකුසල ධර්මයන් ඒ මොහොතේ ම යටපත් කර දැමීමට අපට පුළුවන් මේ සඳහා යෝනිසෝ මනසිකාරය ඉතාමත් වැදගත් සාධකයක්.

 

පුහුදුන් මිනිසුන් වන අප සිත් තුළ ක්ලේශයන් ඇතිවීම නිරතුරුවම සිදුවන දෙයක් .නමුත් අපට ම එය පාලනය කර ගන්නට පුළුවන් නම් එය ඉතා වැදගත් .එසේම නවතා දැමිය හැකි නම් එය ඉතා වැදගත්.
ද්වේෂය ,වෛරය, ඊර්ෂ්යාව ,ක්රෝධය, පළිගැනීම, වැනි ක්ලේශ සහිත පුහුදුන් මිනිසුන් ගේ සිත් තුළ හට ගැනීම වැළැක්විය නොහැක ත්රිලක්ෂණය අනිත්ය දුක්ක දුක්ඛ අනාත්ම යන මෙනෙහි කරමින් නිරතුරුවම යෝනිසෝ මනසිකාරය සිත තුළ වඩවා ගැනීමෙන් මේ මොහොතේ අවධානය අප තුළ ඇති කර ගැනීමෙන් කර ගැනීමෙන් මේවා ගැන අවදියෙන් සිට යටපත් කර දැමීමට අපට පුළුවන්
සිත පිළිබඳව තමන් විමසිල්ලෙන් සිටින විට එය අවබෝධ කරගන්නට හැකියාවක් පවතිනවා අපේ ගැන අපට වඩාත් සුපැහැදිලි මාවතකට එළඹිය හැකි තවත් අවස්ථාවක් තමයි අපේ මේ ශරීරය ගැන යථා ස්වභාවය මෙනෙහි කිරීම .
ලේ මස් නහර වලින් සමන්විත ඉන්ද්රිය සමූහයක් ඇටසැකිල්ලකින් ආවරණය කර සමකින්ද පොරවාගෙන සිටින මේ ශරීරයෙහි ගතයුතු දෙයක් නොමැති බව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් නොයෙකුත් පහසුකම් සලසා දෙමින් බැස ගන්නා මේ සිරුර දුර්ගන්ධය හමන අසූචි නිරන්තරයෙන් රැඳී ඇති අසූචි වළක් සේ දකින්නට හැකියාවක් ඇත්නම් එය එතරම් ම පිළිකුල් සහගත බව හැඟෙනවා

 

ඔබ අප කෙතරම් අගය කලත් අපගේ ශරීරය කිසිදු වැඩකට නැති දෙයක් මෙයාකාරයට සිටීමත් යෝනිසෝමනසිකාරයෙන් සිදුකළ යුත්තක් සිත පැහැදිලි අවස්ථාවට පැමිණි විට අපට අනෙකුත් දේවල් සිතට ඇතුළු වීම වැලැක් වෙනවා එවිට මේ අසුභය වැඩීම සිදු කරන්නට පුළුවන් නොකඩවා මෙය වැඩීමෙන් අපට මෙසේ මේ ආකාරයෙන් පංචස්කන්ධය පිළිබඳව ඇති අනවබෝධය දුරු කරන්නට හැකියාව ලැබෙනවා

 

සිතට වේශයක් ඇතුලු වුන විට එය නැතිකර දැමීමට අප උත්සුක වෙන්නේ නැහැ එය තව තවත් වැඩි කර ගැනීමටයි අප උත්සාහ ගන්නේ මෙය සිතේ ස්වභාවයයි එහෙත් කයට පුංචි සීරීමක් තුවාලයක් ඇති වූ විට එසැණින්ම එය සුවකර ගැනීමට බෙහෙත් ගල්වනවා මේ ආකාරයට සිත රැක ගැනීමට නොව වැඩකට නැති අය රැක රැකගැනීමටයි අප නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ
මොහොතක් සිතා බැලුවොත් අප මේ කය මොන තරම් ආදරයෙන් රැක ගත්තත් එයින් ප්රතිඵලයක් අත්වන්නේ නැහැ අප රැකගත යුත්තේ අපගේ සිතයි කෙලෙස් වලින් අප සිත රැක ගත යුතුයි ප්රාණය නිරුද්ධ වූ විට මේ කය කිසිවකු අගය කරන්නේ නැහැ එය එයට දැමීම හෝ පුළුස්සා දැමීම සිදු වෙන දෙයක් හැකි ඉක්මනින් නිවසින් හෝ තමා සිටින ස්ථානයෙන් ඉවත් කිරීමට තමයි උත්සාහ ගන්නේ එසේ කරන්නේ ඇයිදැයි සොයා බැලුවොත් සිත වෙන් වූ විට කයෙන් වැඩක් නැති නිසා කය පාලනය කරන්නේ සිතට උවමනා උවමනා ආකාරයට නිසා පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුවේ නැතිවී තිබෙන මේ පංච උපාදානස්කන්ධය විඥානයෙන් තොර වූ විට කිසිවෙකුට ප්රයෝජනයක් නැති නිසයි

 

තවත් මරණ සතිය වැඩීමෙන් මරණය ගැන සිතේ පවත්නා අවිනිශ්චිතතාවය බියජනක බව නැතිකර ගන්නට පුළුවන් කටට ගත්තු බත් කට ගිලින්නට හැකි වේවිද කියා හිතාගන්න බැරි ආකාරයට මරණය ළඟා වෙයි ද එසේ නැතහොත් ගත්ත හුස්ම හෙලන්න පුළුවන් වේද කියා සිතන්න බැරි තරමට එතරම් ඉක්මනින් මරණය සිදු වී යැයි සිතා මරණ සතිය වඩන්නා අප්රමාදී ලෙස මරණ සතිය වඩන්න ලෙස අපගේ සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා

 

මරණය ස්වාභාවික වන අතර ස්වභාවයටම ආවේණික වූ දෙයක් මරණය ඒ හෙයින් කිසිවෙකුට එයින් පලා යා නොහැකි එයින් ජය ගත හැකි වන්නේ රහතන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට බුදුවරයානන් වහන්සේලා ටයි මරණසතිය වැඩීමෙන් මරණය හමුවේ සිත නොසැලී පවත්වා ගන්නට අපට හැකියාව තිබෙනවා
කුසලයෙහි සිත පිහිටුවා අකුසලයෙන් සිත මුදවා ගන්නා විට සිත පිරිසිදු වේ…..
ඔබට තෙරුවන් සරණයි!!!

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X