Temples of Sri Lanka

අකුසල මූලයක් වන මෝහය….

නිවෙස් වල හෝ විහාරස්ථානවල දානමය පින්කම් අවස්ථාවලදී එම දානය මහත්ඵල  මහා ආනිසංස වීමටනම් අලෝහ අදෝෂ අමෝහ යන කුසල් සිත් ඇති කර ගත යුතු බව  අපට අවබෝධයි.

මෝහ යන අකුසල් මුල් විස්තර කිරීමට ඒ අතර ලෝභය දෝෂය පදනම් වූ මෝහය මිනිස් ජීවිතයට හානිදායක වන්නේ ඇයිදැයි සවිස්තර කිරීමට බලමු..

ලෝභය හා ද්වේෂය යන අකුසල් මූල දෙක නිතරම මෝහය සමඟ සම්බන්ධ වී පවතිනවා තෘෂ්ණාවත් වෛරයත් අප කොතරම් දුරට අන්ධභාවයට පත් කරනවා ද කියනවා  නම් අප හඹා යන දේවල් වල ඇති අන්තරාය අපට පෙනෙන්නේ නැහැ.අපව අන්ධභාවයට පත් කරන්නේ අපේ තෘෂ්ණාව හා වෛරය යටින් ඇති මෝහයයි

මෝහය අපව මං මුළාවට පත් කරනවා  ලෝභය යනු අඩු ප්‍රමාණයේ වරදක්. සාමාන්‍ය ජනතාවට ජීවිතය ගෙන යාම සඳහා ලෝභය යම් ප්‍රමාණයකට අවශ්‍යයි එය ස්වභාවික වූවක් එහෙත් මසුරුකම හෙවත් අභිනව ජනජීවිතය විපතට පත් කරවනවා ලෝභියා මරණින් පසු උපදින්නේ දුප්පත් ලෙසයි.එහෙත් මසුරා උපත ලබන්නේ පෙරේත ආත්ම භාවය කයි

කෙසේ හෝ ලෝභය කලකදී මන්දගාමීව හෝ මැකී යනවා මෙය කායික හා මානසික පීඩා ඇති කරන බරපතළ දෝෂයක් බවට පත්වෙනවා එයත් ලෝකය තේරුම් ගැනීමත් සමග අඩුවෙලා යනවා මෝහය ඊටත් වඩා ලොකු දෝෂයක් එය මිනිස් මනසෙන් ඉවත් වන්නේ ඉතාමත් සෙමින්

මෝහය සියලුම දොස් වල ඇරඹුමයි ජීවිතයට අසහනකාරී අනර්ථකාරී සියලු දෙයට වගකිවයුත්තේ මෝහයයි මෝහය මුල් වූ විට සිතට ඇසට මනසට කිසිවක් පෙනෙන්නේ නැහැ වෙනත් කිසියම් ජන වර්ගයකට හෝ පන්තියකට ආගමික මතයකට ඇතුළත් ජනයා වෛරයට සුදුසු පිරිසක් යැයි සලකා කටයුතු කිරීම මෝහයේ අනර්ථ ප්‍රතිඵලයක්

හුදු මෝඩකමද සැබැවින්ම මෝහයේ විශාලවූ… භාවයක්. මේ මුලා වීම නිසා අවුල් වී කැළඹීමට හා බියට පත්ව තමන්ට පිළිසරණක් නොමැති යන හැඟීමෙන් හටගෙන වැරදි මතයක දැඩි සේ එල්බගෙන අනුවණ ප්‍රතික්‍රියා දැක්වීමට යාමෙන් චරිත ඝාතන මිනිස් ඝාතන ආදී අපරාධ රැල්ලට ද මුල පුරනවා

යම් පුද්ගලයෙක් මෝහයෙන් මඩනා ලදුව බොරු හේතු ගොතමින් අන්‍යයන් මරණයට පත් කිරීම  සිරගෙයි දැමීම දේපළ රාජසන්තක කරවීම බොරු චෝදනා කිරීම පිටුවහල් කිරීම ආදී හිරිහැර සිදු කරයි නම් ඔහු මෙහිදී මෙහෙයවනු ලබන සිතිවිල්ල නම් නම් මට බලය ඇත මට බලය අවශ්‍යයි අවශ්‍ය යන සිතිවිල්ලයි මේ සියල්ල අකුසල් මෙයාකාරයෙන් මෝහය හේතුකොටගෙන නපුරු අකුසල් රාශියක් පහළ වෙනවා

සදාකාලික ආත්මයක් ඇති යැයි විශ්වාස එය හා බැඳී පවතින උඩඟුකම මිථ්‍යා සංකල්ප සියලු දේ පවතින්නේ තමන් වටා යි යන අදහස නිසා අහංකාරය ඉපදී තම පවුල පවුල ගම කේන්ද්‍ර කරගෙන සදාචාර විරෝධී ගැටුම් රාශියක් ඇති කරගන්නවා

මෝහය කොයිතරම් දුරට පුළුල් ලෙස හැම කාරණයකට ම පදනම් වී දැයි අවිද්‍යාව යන නාමය යටතේ එය පටිච්ච සමුප්පාදය ක්‍රියාදාමයේ පළමුවැන්න ලෙස සඳහන් වීමෙන්ම පෙනී යනවා උප්පත්තිය මරණය ආදී වූ චක්‍රය නොනැවති කරකැවෙන්නේ පවතින්නේ අවිද්‍යාවෙන් ලැබෙන බලශක්තිය නිසාය යන්න.

සත්‍ය වශයෙන්ම එය විශාල වරදක් වන අතර එය මැකී යන්නේ ඉතා සෙමින් යැයි කීම ද මේ අනුව සැබැවින්ම සත්‍යයක්

අනුවණකම නොපුබුදු බව ව්‍යාකූලත්වය මෝඩකම චතුරාර්ය සත්‍යය නොදැන සිටීම මෝහය වන අතරම අකුසල් සහගත වූ හැම දේකටම මුල ද එය බවට විසුද්ධිමාර්ගය කරුණු ඉදිරිපත් කරනවා මෝහයේ සැබෑ ස්වරූපය සම්පූර්ණයෙන් පසක් කළා වූ මෝහය දුරු කළා වූ බුදුරජාණන් වහන්සේ මෝහයට හිමිතැන සනාථ කර දක්වා තිබෙනවා

අමෝහය නම් ප්‍රඥාවන්ත භාවය දැනුවත්කම වටහා ගැනීම අවබෝධය බුද්ධිමත්භාවය විචක්ෂණශීලී ත්වය අපක්ෂපාතී කම හා හිතේ සමබරතාව උපේක්ෂා සහගත භාවය යනාදි  වශයෙන් අර්ථකථනය කරන්නට පුළුවන්

එසේ නම් මෝහයෙන් ගොඩ ඒමට හැකි නම් ඔහු හෝ ඇයට ජීවිතය කොතරම් සාර්ථකව කළමනාකරණය කරගත හැකි වන්නේද…

මෝහයෙන් මිදුණු තැනැත්තා නිතරම තමා ගෙන අනුන්ට අයහපතක් සිදුවන්නේ දැයි සිතමින් යම් ප්‍රශ්නයක් ද මැදිහත් ලෙස බලමින් ජීවිතය සම්පූර්ණත්වයට පත් කර ගැනීමට කල්පනා කරනවා

ලොව සියල්ල ත්‍රිලක්ෂණයට යටත් හෙයින් ස්ථිර දෙයක් නොමැති යැයි අවබෝධය තුළින් දුක තුනී කර ගැනීම අමෝහය එක් ලක්ෂණයක් මෝහයෙන් තොර පුද්ගලයා තුළ කිසිදු පුද්ගලයෙකු කෙරෙහි හෝ අන් සතු වස්තුව කෙරේ දැඩි බැඳීමක් ඇති වන්නේ නෑ

අමෝහය මගින් අනාත්මය යන අවබෝධ වෙනවා  කුමක් නිසා ද යථාර්ථය අවබෝධ කර ගැනීමේ කුසලතාව ඔහු සතු තිබෙන බැවින් අප ගන්නා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තුළින් ප්‍රෝටීන් නිෂ්පාදනය කොට එම ඉන්ද්‍රියන් බෙදාහැරීම සිදු වන්නේ කුමණ බලවේගයද ශරීරය තුළට පැමිණෙන අපමන බැක්ටීරියා වෛරස් සමග සටන් කොට පලවා හරිමින් අප ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙහෙය වන්නේ කුමන බලවේගයකින්  ද යනාදී වශයෙන් සිතමින් ආත්මයක් කියා දෙයක් නොමැති බව තේරුම් ගැනීම අමෝහය සතු පුද්ගලයාගේ විශේෂිත වූ හැකියාවකි

ලෝභය ද්වේෂය මෝහය යන චේතනාවකින් උපදින කර්ම අකුසල කර්ම වශයෙන් සැලකෙනවා කුසලකර්ම වන්නේ අලෝභ අදෝස අමෝහ යන චේතනාවකින් උපන් කර්ම යි බුදු දහම අනුව කුසල කර්ම වශයෙන් සැලකීම සඳහා ඉහත ප්‍රමිතින් දෙක සම්පූර්ණ කිරීම අවශ්‍ය වන අතරම එයින් එක ප්‍රමිතියක් නොසලකා හැරීමෙන් කරන ප්‍රමිතිකරණය අනුමත කළ නොහැකි ත්‍රිපිටක ග්‍රන්ථවල ප්‍රමිතිය වෙනස් වුවද ලංකා බෞද්ධ සම්ප්‍රදායේ වැඩි අවධානයක් දක්වා ඇත්තේ චේතනා ප්‍රමිතියට පමණක් බව පෙනෙනවා….

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood

You might also like
en English
X
X