Temples of Sri Lanka

මිනිස් දිවිය තණ අග පිනි බිදු වැනිය…

තණ අග රැඳි පිනි බඳු මිනිස් දිවිය ….

කෙසේ හෝ මිනිසත් භවයක් ලැබුවත් එය රැකගැනීම එයටත් වඩා අතිශය දුෂ්කර කාර්යයක් සත්ත්වයාගේ ජීවිතය තණ අග පිනි බිඳක් වැනි ය.තණ ගස අග රැඳි පිනි බිඳ හිරු පායන විට හෝ සුළං රැල්ලකින් හෝ මොහොතකින් බිමට වැටෙන්නේ ය. ජීවිතයක අස්ථිර භාවය ද එසේමයි.

මිනිසාගේ ජීවත්වීම පිණිස ආහාර වාසස්ථාන ඇඳුම් පැළඳුම් සහ බෙහෙත් ආදිය අවශ්‍ය වෙයි. ප්‍රධාන වශයෙන් ආහාරය අවශ්‍ය වේ. එය නිසි ලෙස නොලැබෙන විට ජීවිතය නොරැකේ.

විශේෂයෙන් මෙහිදී අදහස් කරන්නේ මිනිසකු වශයෙන් උපත ලබා වැඩි කාලයක් ජීවත්වීම පිළිබඳව කරුණු නම් නොවෙයි. මිනිසකු වශයෙන් උපත ලබා මිනිසකු වශයෙන් ජීවත්වීමේ දුෂ්කරතාවයයි.

තිරිසන් සතුන්ද ආහාර පාන ගනිති. බොහෝ කාලයක් ජීවත් වෙති. තිරිසනකුට වඩා මිනිස් ජීවිතයක විශේෂත්වයක් තිබිය යුතුය. එනම් මිනිස් ගුණධර්ම මිනිසා ළඟ තිබිය යුතුය. මෙහිදී දුෂ්කර කාර්යක් යයි වදාරා ඇත්තේ එම මිනිස් ගුණධර්ම ආරක්ෂා කරගනිමින් ජීවත් වීමයි.

හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක් නැති බොහෝ මිනිස්සු පාපී චේතනා වන්ට වසඟ වී තිරිසනුන් ලෙස ජීවත් ජිවත් වෙති. මෛත්‍රිය කරුණාව ආදිය සත්පුරුෂ ගුණ ධර්ම නොහඳුනන ඔවුහු එබැවින්ම මිනිසුන් වශයෙන් උපත ලැබුවත් එකිනෙකා වෛර කර ගනිමින් තිරිසන් ලෙස ජීවත් වෙති. මේ නිසා මිනිස් ජීවිතයක් සාර්ථක කර ගැනීමට නම් නියමිත මග පෙන්වීමක් හා සත්‍ය ධර්මයක් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. ධර්මය අනුගමනය කිරීමෙන් මිනිසාට මිනිස්කම රැක ගන්නවා පමණක් නොව මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවයට පත්විය හැකි වේ.

මිනිස්කම රැකීමට ධර්මය මග පෙන්වන්නේ නමුදු නියම හරි මඟ පෙන්වන ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබීම ද පහසු දෙයක් නොවෙයි. එය ද ඉතා දුෂ්කර කාර්යයක්. බුදුරජාණන් වහන්සේ පහළ වන විට භාරතයේ ධර්මය යනුවෙන් ප්‍රකාශ වූ ආගම් වාද සැට දෙකක් තිබූ බව දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වෙයි .එහෙත් ඒ එකකවත් එකකුදු ධර්මයක වත් මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවය නිර්මාණය කරා යා හැකි මඟ පෙන්වන්නක් නොවූ බැවින් බුදුරජාණන් වහන්සේ ඒවා සියල්ල මිත්‍යා දුෂ්ට ලෙස ප්‍රතික්ෂේප කර වදාරා ඇත

බුදුරජාණන් හමුවට පැමිණි විවිධ තරාතිරමේ ජනතාව එදා උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ
“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස…අප නොයෙක් ශාස්තෘවරුන් ළඟට ගොස් මෙලොව පරලොව යහපත් කරගත හැකි කිසියම් ධර්මයක් ඔබ වහන්සේලා ළඟ තිබේ නම් අප කෙරෙහි අනුකම්පාවෙන් එය අපට දේශනා කරන්නේ නම් මැනවි, යයි ඉල්ලා සිටි නමුත් එම කිසිම කිසි ම ශාස්තෘවරයෙක් අපට සෑහීමකට පත්විය හැකි ධර්මයක් පැහැදිලිව දේශනා නොකළ බැවින් අප ඔබ වහන්සේ සොයා ආවේ මා ආවෙමු අපට යහපත් ධර්මයක් දේශනා කරන මැනවි ලෙසයි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පවා කාලයාගේ ඇවෑමෙන් විවිධ ආචාර්ය මතවාද විවිධ උගතුන් ගේ වාද විවාද හා අදහස් ආදී එකතු වීමෙන් වෙනස් වීමට භාජනය වන්නට කොතෙකුත් ඉඩ තිබේ. බුදුරජාණන්ල්ල් වහන්සේ පිරිනිවන් පිරිනිවන්පා අවුරුදු සියයක් ඉකුත් වන විට භික්ෂු සමාජයේ ඒ ඒ භික්ෂූන් වහන්සේලා විවිධ අදහස් ගැනීමට හේතු කොට ගෙන එහි නොයෙක් නිකාය වාද ඇති වූ බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි ව පෙනේ මේ නිසා සත්‍ය වූ ධර්මය ශ්‍රවණය කිරීම දුෂ්කර කාර්යයක් බව පැහැදිලි වේ

මුලින් විස්තර කළ පරිදි යහපත් ධර්මයක් ඇසීම දුෂ්කර වන්නේ ලෝකයක බුදුවරයකු පහළ වීම ද අතිශය දුර්ලභ වූ දුෂ්කර වූ කාර්යයක් වන නිසාය බුදුවරයකු ලෝකයේ පහළ වන්නේ වර්ෂ සිය ගණනක් නොව කල්ප ගණනක් ඉකුත් වීමෙනි

බුද්ධ චරිතය දැක්වෙන ආකාරයට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ම එම ශ්‍රේෂ්ඨ බුද්ධත්වය ලබා ගැනීම පිණිස අවුරුදු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූරණය කළ සේක.

සිද්ධාර්ථ ගෞතම භවයෙහි උපත ලද පසුව ද එම බෝධිසත්වයන් වහන්සේ බුදුවීම පිණිස මිනිසකුට නොකළ හැකි තරමේ අති විශාල පරිශ්‍රමයක් දැරූ හ.අභිනිෂ්ක්‍රමණය කළ උන්වහන්සේ ඉවසිය නොහැකි තරමේ දුක් විඳිමින් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළහ.ක්‍රියා කළ කාලය තුල ගත කළ ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් උන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ මහා සිහනාද සූත්‍රයේ සඳහන් කොට ඇත.එසේම දුර්ලභව ලැබෙන මිනිස් ජීවිතය ද ඉතා දුෂ්කර ලෙස ලබාගත යුත්තක් බව ද වටහා ගත යුතුයි .

මහණෙනි මම වඩාත් අදහමින් පිටත ගහමින් පිට අතගාමින් බඩ අතගාමින් ආදී වශයෙන් පිට සමත් බඩ සමත් එක් එක් වන තරමට මෙසේ දුෂ්කර ක්‍රියා කළේ ඇයිද එහෙත් එම දුෂ්කර ක්‍රියාවෙන් නිවන් සෙවිය නොහැකි වී යැයි එහි දැක්වේ

අවසානයේ උන් වහන්සේ නිවන් අවබෝධ කරගනු ලැබුයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් ඒ තුළින් උන්වහන්සේ චතුරාර්ය සත්‍යය සොයා ගනු ලැබූ සේක. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ පහළවීම අතිශය දුෂ්කර දෙයක් බව සැලකිය යුතුයි

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X