මනුෂ්‍යත්වය ලැබීම අති දුෂ්කර කාර්යයකි ..
ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළව වැඩ සිටියහ උන් වහන්සේගේ කාලයෙහි වැඩ සිටි එක් ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේ කෙනෙක් සුළු හෝ ඇවතකට පත් නොවෙමින් ඉතා පිරිසිදු භික්ෂු ජීවිතයක් ගත කළහ
දිනක් එම භික්ෂූන් වහන්සේ ගඟකින් එතෙරවීම පිණිස නැවකට නැඟ ගංතෙරවූ ඒ රක ගසක අත්තක් අල්ලා ගත්හ නැව දියඹට ඇදෙද්දී උන්වහන්සේ අල්ලාගත ඒ රක ගහේ කුඩා ඉත්තක් කැඩී තමා අතට ආවේය
ගසක කොළයක් කැඩීමෙන් කුඩා ඇවතක් සිදුවන බව උන් වහන්සේට සිහිපත් වුවත් එම ඇවතින් පිරිසිදු වීම පිණිස අවශ්‍ය විනය කටයුතු කිරීම සුදුසු භික්ෂුවක් එම ගමනේ දී හමු නොවූයෙන්, එම ඇවතින් පිරිසිදු වීමට අවස්ථාවක් නොලැබිණි
පුරා විසි වසක් පැවිදි ජීවිතය ගත කළ උන්වහන්සේ මහලු වී මරණ මොහොතේ එළඹියේය එම අවස්ථාවේ උන්වහන්සේට එයට බොහෝ කලකට පෙර තමන් අතින් සිදු වූ ඇවතින් පිරිසිදු වීමට නොහැකි වූ බව සිහි වී මහත් පසුතැවිල්ලට පත් වූහ පසුතැවිලි සිතින් මිය ගිය උන්වහන්සේ එම ගංතෙර විශාල නා රජකු වී උපත ලැබුවේය දීර්ඝ කාලයක් එහි ජීවත් වූ ඔහු අඩ මසක් පාසා ස්වකීය දියනිය ලබා ගී කියන්නට වීමේ සිරිතක් දිගටම කර ගෙන ආවේය බොහෝ දෙනා ගොස් එය බලා එම ගීයට හෝ නැටුමට සමාන ගී ගයා එම දියණියගේ සිත් ගැනීමට උත්සාහ කළත් කිසිවෙකුටත් එය කළ නොහැක්කක් විය
මේ සමය වන විට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ ව සිටියහ උන් වහන්සේ දිනක් එම ගංතෙර වූ එක් මහරි ගසක් මුල වැඩ සිටින විට ඒ අසලින් උත්තර නම් මානවයා යනු දැක ඔහුට කතා කොට කොහි යන්නේ දැයි විචාළේය නා රජුගේ දියණියන්ට ප්‍රතිඋත්තර ගීතා ඇගේ සිද්ධි නෑ ගැනීම සඳහා යන බව ඔහු කීවේය ඇයට පිළිතුරු ඔබ දන්නේද යි බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් විචාළ සේක දනිමි කියා ඒතමා දත් ගීය කීවේය
ඔහු කෙරෙහි අනුකම්පා කළ බුදුරජාණන් වහන්සේ එය වැරදි ගියක් බව පවසා නා රජුගේ දියණිය ගයන ගීතයට ගැයිය යුතු පිළිතුරු ගිය ඔහුට ප්‍රකාශ කළේය බුදුරජාණන් වහන්සේ වෙතින් එය ඉගෙන ගත් මානවකයා නා රජුගේ දර්ශනය වෙත ගොස් දියණිය ගී ගැයූ විට තම පිළිතුරු ගීය ගායනා කළේය එය අසා මහත් සතුටට පත් නා රජු සහ දියණිය එය කවරකුගෙන් උගත් දේ දැයි විචාළහ ගඟ අසල ගසක් මුල වැඩ වැඩහුන් බුදුරජාණන් වහන්සේගෙන් එය ඉගෙන ගත් බව ඔහු කීවේය එවිට බුදුරජාණන් වහන්සේ දැකීමේ බලවත් ආශාවක් ඇතිවිය
බුදුරජාණන් වැඳ නමස්කාර කොට තමාට මෙතෙක් කල් එම තත්ත්වයෙන් මිදී මිනිසත් බවක් ලබන්නට නොහැකි වීම ගැන දුකට පත්ව හඬන්නට පටන් ගත්තේය ඔහුට ආදරයෙන් ඇමතූ බුදුරජාණන් වහන්සේ පසුතැවිලි නොවන ලෙස වදාරා මෙම ගාථාවෙන් ධර්මය දේශනා කළ සේක
කිච්චෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
අනන්ත අප්‍රමාණ වූ සත්ව ලෝකය තුළ ජීවත් වන සත්වයින් අතර අසිරිමත් ම සත්වයා මිනිසා වන්නේ ය ඔහුට දෙපයින් නැඟී සිටිය හැකිය තමාට සුදුසු වාසස්ථාන තමාට රිසි සේ තනා ගත හැකිය ඒ සියල්ලටම වඩා වැදගත් දෙය අන් සියලු සත්වයින්ට වඩා උසස් මනසක් තිබීමයි මිනිසා යයි ව්‍යවහාර කරනු ලබන්නේ එම මනසෙහි උසස් භාවය නිසා ම යි වර්තමානයේ මනස ශිල්පීය වශයෙන් දියුණු කර ගත් විද්‍යාඥයෝ ස්වභාවධර්මය ක්‍රියාකාරීත්වය පවා වෙනස් කිරීමට තරම් සමත්ව සිටිති
මිනිසා සතු මනස පුදුම ලක්ෂණයන්ගෙන් යුක්ත වූවත් එය කිසිදු අරමුණක දිගටම එල්බගෙන නොසිටි ,මොහොතක් පාසා වෙනස් වීමට භාජනය වෙමින් වෙනත් අරමුණු වල එල්බ ගනිමින් එය ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද උත්තරීතර දියුණුව කරා යොමු කරවිය හැකි වෙයි .
මනුෂ්‍යයකු වශයෙන් උපත ලද බුදුරජාණන් වහන්සේ ලෝකයේ යථා තත්ත්වය අවබෝධ කරගනු ලැබූයේ මනස එසේ ලෝකෝත්තර වශයෙන් උපරිම තත්ත්වයකට දියුණු කිරීමෙන් එය සත්ත්වයාට ලැබිය හැකි උත්කෘෂ්ට ම සැපය ලෙස බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති අතර ඒ සඳහා ගමන් කළ හැකි මඟ ද උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබ ඇත අතීතයේ ජීවත් වූ දහස් ගණන් මිනිස්සු එම මඟ අනුගමනය කොට මනසෙන් උත්තරීතර භාවයට පත්වූහ මෙහි ඇති වැදගත්ම දෙයනම් මනසින් එසේ උත්තරීතර භාවයට යා හැක්කේ සියලු සත්වයන් අතරින් මිනිසාට පමණක් වීමයි මෙසේ අනෙක් සත්ත්ව කොට්ඨාසයන්ට වඩා විශේෂත්වයකින් යුත් මිනිසත් බවක් ලබා ගැනීම පහසු කරුණක් නොවේ .අතිශය දුෂ්කර කාර්යයක් වන්නේ ය
බෞද්ධ ඉගැන්වීමට අනුව සත්ත්වයා ඒ ඒ කොට්ඨාස වශයෙන් වර්ග කරනු ලබන්නේ තමා විසින් කරනු ලබන හොඳ නරක ඇතුළත් කර්මයන් විසින් සත්වයෝ කර්මය දායාද කොට ජීවත්වෙති මේ නිසා උසස් මිනිසත් භවයක් ලැබීම පිණිස ජීවිතය සෑම මොහොතකම කුසල ධර්මයන් හි යෙදවිය යුතු වේ
සත්ත්වයාගේ ඊළඟ භවය උසස් හෝ පහත් භාවයට පත්වීම සිදු වන්නේ මිය යන මොහොතේ ඔහුගේ සිත තුළ ඇතිවන සිතුවිල්ල එනම් චුති සිත අනුවයි.
පුද්ගලයකු මිය යන විට බොහෝ විට ඔහුට සිහිපත් වන්නේ තම ජීවිතය නිරන්තරයෙන් පුරුදු පුහුණු කළ දේවල්. ඒ අනුව ඔහු ජීවිත කාලය තුළ උසස් කුසල කර්මයන් හි නිරත වී සිටියේ නම් මිය යන මොහොතේ එවැනි කුසල කර්මයක් පිලිබඳ සිතිවිල්ලක් පහළ වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත ජීවිත කාලය තුළ කොතෙක් කුසල කර්මයන් හි නිරත වුවත් මිය යන මොහොතේ අකුසල චේතනාවක් ඉදිරිපත් වූයේ නම් ඔහුගේ ඉපදීමට එය හේතුවක් වෙයි.
එසේ වුවත් කිසියම් අවස්ථාවක ඔහු කළ කුසල කර්මයන්හි උසස් අනුරූප විපාක තමාට ලැබෙනවා ඇත .මින්ස් භවයක් ලැබීම එතරම්ම දුෂ්කර කාර්යයක් යැයි වදාරා ඇත්තේ මේ හේතුව නිසයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood