මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී
යහපත් මිතුරන් ඇසුරු කරමු…යහපත් දිවියක් ගොඩනගමු..
ඔයාලට ගොඩාක් යාළුවෝ ඉන්නවා නේ ද? ඉස්කෝලෙ, දහම් පාසලේ, ගෙවල් ළඟ, උපකාරක පන්තිවල දරුවන්ට වගේම වැඩිහිටියන්ටත්…මේ වගේ තැන්වලට ඔයාල නිතර යන නිසා ම ගොඩාක් යාළුවෝ ඔයාලට හම්බ වෙලා ඇති. ඔයාලා ඒ අයත් එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා ඇති. එහෙත් හොඳට හිතල බලන්න ගොඩාක් යාළුවෝ හිටියත් සැපේදි විතරක් ඉන්න යාළුවෝ විතරක් නම් ඔයාට ඉන්නේ දුකේදි කවුරුවත් ඔයාට උදව්වට හරි, අඩුම ගානෙ හිත සනසන්න වචනයක් හරි කියන්න නැත්නම් ඒ අයගෙන් වැඩක් තියෙනව ද? ඒ අය බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන විදිහට කල්‍යාණ මිත්‍රයෝ නම් නෙමෙයි.
විපතේ දී විතරක් නෙමෙයි, තමන් වරදක් කරනව දැක්කම තමාව ඒ වරදින් මුදවලා හොඳ මඟට යොමු කරන්නත් කල්‍යාණ මිත්‍රයො උදව් කරනවා. නරක යාළුවෙක් නම් එයා කරන්නේ ඔයා වැරදි කරද්දි තව තවත් කරන්න අනුබල දෙන එක. ඒ කියන්නෙ උදව් දෙන එක. ඒකෙන් ඔයා තව තවත් වැරදිවලට යොමු වෙලා ලොකු කරදරවලට වුණත් මුහුණපාන්න පුළුවන්.
අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත් වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට පමණි.
බුදු දහමට අනුව විමසා බලන කල අපට සිටින උතුම්ම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන උතුමෝය. එයට හේතුව නම් සංසාර දුකින් මිදීම පිණිස නිවැරැදි මාවත පෙන්වා දෙන උතුම් ආර්යයන් වහන්සේලා වන බැවිනි. ඒ උතුමන් වහන්සේලා මුළු මහත් සත්ත්ව ප්‍රජාව කෙරෙහි දිවා රාත්‍රී දෙකෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් ක්‍රියා කරති. එම උතුමන් වහන්සේලා පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කිරීම තුළින් අපටද උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගත හැක්කේ ය.
ඔයා හොඳ මිතුරෙක් වුණොත් ඔයාගෙ යාළුවන්ව වරදින් මුදවලා, කරදරයක් වුණ වෙලාවට දුක සැප හොයලා බලලා එයාට හොඳ මඟ පෙන්නලා දුන්නොත් ඔයා හොඳ යාළුවෙක් කියලා එයාලා පිළිගන්නවා. එයාලත් හොඳ දේවල් කරලා ඔයා වගේ වෙන්න උත්සාහ ගන්නවා. එහෙම වුණොත් ඔයාට හම්බවෙන්නෙත් ඔයා වගේ ම හොඳ කල්‍යාණ මිත්‍ර ගතිගුණ ඇති යාළුවෝ තමයි. එහෙම වුණාම හැමෝට ම සතුටින් හොඳින් ජීවත් වෙන්න පුළුවන්.
අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත් වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට පමණි.
බුදු දහමට අනුව විමසා බලන කල අපට සිටින උතුම්ම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන උතුමෝය. එයට හේතුව නම් සංසාර දුකින් මිදීම පිණිස නිවැරැදි මාවත පෙන්වා දෙන උතුම් ආර්යයන් වහන්සේලා වන බැවිනි. ඒ උතුමන් වහන්සේලා මුළු මහත් සත්ත්ව ප්‍රජාව කෙරෙහි දිවා රාත්‍රී දෙකෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් ක්‍රියා කරති. එම උතුමන් වහන්සේලා පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කිරීම තුළින් අපටද උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගත හැක්කේ ය.
අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත ගාථාවෙන්ද ඇසුරු නො කළ යුතු පාප මිතුරන් හා ඇසුරු නො කළ යුතු අධම පුද්ගලයන් මෙන්ම ඇසුරු කළ යුතු මිත්‍රයන් හා ඇසුරු කළ යුතු උතුම් පුද්ගලයන් පිළිබඳව මනා විවරණයක් දක්නට ලැබේ. ඒ අනුව ගාථාවේ සරල අදහස නම් “පවිටු මිතුරෝත් අධම මිනිස්සුත් ඇසුරු නො කළ යුත්තාහ. කලණ මිතුරෝත් උතුම් මිනිස්සුත් ඇසුරු කළ යුත්තාහ” පින්වතුනි අප මෙහිදී මුලින්ම පවිටු මිත්‍රයෝ නම් කවරහු දැයි විමසා බැලීම කළ යුතු ය. එනම් සතුන් මරණ, සොරකම් කරන, දුරාචාරයෙහි හැසිරෙන, බොරු කියන, මත්වතුර බොන, ආදී පාප ක්‍රියාවල යෙදෙන මිනිසුන්ය. තවද අධම මිනිසුන් නම්, ගෙවල් බිඳීම්, මං පැහැරීම්, මිනී මැරීම් ආදි බිය උපදවන සැහැසිකම් කරමින් අනුන්ට දරුණු විපත් පමුණුවන මිනිසුන්ය.
මෙම ලක්ෂණයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්ය. එපමණක් ද නොව අප ඇසුරු නිසුරු කරන පුද්ගලයන් ළඟ මෙම ලක්ෂණ තිබේ නම් ඒ අය කෙරෙහි අනුකම්පාව උපදවාගෙන එම වැරදිවලින් මුදවා ගැනීම මුළු මහත් සමාජයටම විශාල අභිවෘද්ධියක් සැලසෙන බව කිව යුතු ය.
ඒ නිසාඔයාලත් හොඳ මිතුරන් ඇසුරු කරන ගමන් ඔයාලත් කල්‍යාණ මිතුරෙක් වෙන්න උත්සාහ කරන්න. නරක මිතුරන් දහස් ගණනක් ඉන්නවට වඩා එක හොඳ මිතුරෙක් තමන්ට හිටියොත් තමන්ගේ ජීවිතය ආලෝකවත් වෙන එක පුදුමයක් නෙමෙයි ..
තෙරුවන් සරණයි!
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood