නිවන ලෞකික සිත් වලින් නොදැකිය හැකියි…
ලෞකික සිත් නම් ලෝකයට අයත් සිත්ය. මනුෂ්‍ය ලෝකය නම් මිනිසුන් අතර ඉපදීමයි ප්‍රේත ලෝකය නම් ප්‍රවේගයෙන් අතර ඉපදීමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යනු මෙසේයි මෙසේ මේ සියළු ලෝකයින්ට අයිති වන සිත් ලෞකික සිත්වේ. මේ සිත්වලින් නිවන දැකිය හැකි නොවේ. නිවන මේ සිත් වලට අරමුණු නොවේ මේ සිතට නිවන අරමුණු වන්නේ තණ්හාව මෝහය දෘෂ්ටිය මානය ගැන ආදී නරක ගති මේ සිත්වල ඇති නිසාය වලාකුළුවලින් වැසී තිබෙන විට ඇසට නොපෙනෙන්නාක් මෙන් මේ උපමාව සලකාගෙන බලන්න .
වැසි වලාකුළු සහිත රාත්‍රියක අහසේ මුදුන් වී තිබෙන සඳ බලන්නට වෑයම් කරන කෙනෙකුට ඝන වලාකුළු නිසා සඳ ඇති බවක් නොපෙනේ අහසේ සඳ තිබෙන බව ඔහු අසා තිබෙන හෙයින් නැවත නැවතත් ඒ දෙස බලයි මෙසේ බලමින් සිටින විට වළාකුළු තරමක් තුනී නොගොස් යන්තමින් ඔහුට සඳ දැකිය හැකි වේ සඳ අහසේ තිබෙන බවට දැන් ඔහුට කිසිම සැකයක් නැහැ අහසේ සඳ නැතැයි යමෙකුට ඔහුට කියවත් දැන් ඔහු එය පිළිගන්නේ නැහැ නැවතත් ඔහු සඳ බලන්නට උත්සාහ කරයි ඔහුගේ උත්සාහය විශ්වාසයත් ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි වර ඔහු දකින්නේ කවියන් දුටු තත්වයට වඩා පැහැදිලි සඳයි
මෙලෙසින් තුන්වැනි වර ඔහු සඳ දකින්නේ දෙවැනි වරටත් වඩා පැහැදිලි ලෙසටය ඔහු දැන් බොහෝදුරට ප්‍රීතිමත්ය සිව්වැනි වාරය සඳ බලා සම්පූර්ණ ප්‍රත්‍ය වීම ඔහුගේ අදහසයි දැන් වැසි වළාකුළු සඳ වලාකුළු සඳ අසලින් ඉවත්වෙමින් පවතී ක්‍රමයෙන් නිල්වන් අහස පිරිසුදු සෙ දක්නට ලැබේ පැහැදිලි ලෙස බබලයි අවසන් වරට සද බලා වළාකුළු සියල්ල දුරු වී ගිය බව සිතමින් ප්‍රීතියෙන් උදන් අනයි
මේ උපමාව දැක්වූයේ කරුණු කිහිපයකින් නිවන ගැන අවබෝධ කරවීම පිණිසයි
කෙලෙස් බර පුහුදුන් සිතට නිවන නොපෙනෙයි
සෝතාපත්ති මාර්ග සිතට නිවන අරමුණු වන්නේ යන්තමින්
ප්‍රථම වරට නිවන් දුටු ඔහු නිවන ඈතක බව හා ධර්මයක් බව සැක නැතිව ම සිතයි
දෙවැනි තෙවැනි වාර වල නිවන වසා ලන කෙලෙස් තවතවත් දුරු වෙයි
හතර වැනි වාරයේ සිතෙහි ඇති සියලු කෙලෙස් දුරු ව යෑමෙන් ඉතාම පැහැදිලි ලෙස නිවන දකී
ඉන්පසු ඔහුගේ සිතෙහි කෙලෙස් ගති කිසිවෙක් නැත
නිවන පළමුවරට වුවත් දැකිය හැකි වන්නේ ඒ නිවන දැකීමට නොහැකි වන තරමට හිතෙහි පැවති ඝන බහුල අන්ධකාරය වැනි මෝහය දුරු ව යෑමෙන් සෝවාන් මාර්ග සිතෙහි පවත්නා සම්මා දිට්ඨි නම් වූ ප්‍රඥා ආලෝකය ඇති වීමෙනි .
මේ ප්‍රඥා ආලෝකය පහළ වීමට ඔහුට උපකාර වන්නේ සත්වයා මිනිසා දෙවියා යන අප දකින හැටියට නොව මම මගේ යන හැඟීම් සහිත පංචස්කන්ධයක් ලෙසින් දැකීමයි මගේ යන හැඟීම සහිත රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන ගොඩවල් පහ අප දකින්නේ සත්වයා මිනිසා මව පියා යනාදී ආකාරයෙන් අප එලෙස දකින්නේ මම මගේ යන වැරැදි හැඟීමක් ද එලෙස අප සිත් තුළ පවත්නා නිසාය
මෙහි මම යන වැරදි දැකීම මිථ්‍යා දෘෂ්ටිය යි මාගේ ඇයි දැකීම තණ්හාවයි මේ තණ්හා දිට්ඨි සහිත පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධ යන්නයි අප සත්වයා මිනිසා යනාදී නම්වලින් ව්‍යවහාර කරන්නේ මේ පංච උපාදානස්කන්ධ නම් වූ ගොඩවල් පහ ටයි මේ ගොඩවල් පහළ වීමට අප කියන්නේ ඉපදීම කියා. මේ ගොඩවල් පහ බිඳීයාමට කියන්නේ මරණය කියායි.
ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී සියල්ල ඇති වන්නේ මේ පංච උපාදාන උපාදානස්කන්ධ ඇසුරු කරගෙන, එබැවින් වහන්සේ දුක්ඛ සත්‍ය කියා දක්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධයයි කාමතණ්හා ආදී ත්‍රිවිධ තණ්හාව මේ දුක ඇතිවීමට මුල් වෙනවා දුක්ක සමුදය සත්‍යය නම් මේ ත්‍රිවිධ තණ්හාව යයි වදාළේ ඒ නිසයි නිර්වාණ හෙවත් නිවන යන මෙහි වාන නම් නම් වූ තණ්හාව නැති යන තේරුමට නිර්මාණය යයි කියනුවාණය යයි කියනු ලැබේ දුක් අයිති වන්නේ තණ්හාව හේතු කොට ගෙනයි එවිට තණ්හාව නැති කිරීමෙන් දුක නැති වෙයි දුක්ඛ නිරෝධ සත්‍ය යන තුන් වැනි සත්‍ය මෙයින් විස්තර වෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ නිවන ලබන ප්‍රතිපදාවයි මේ ආර්ය සතර එකවිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නේ නිවන අරමුණු කරගෙනයි නිවන් දකිත්වා කියන්නේ මෙසේ සෝවාන් ආදී මාර්ග සිත් හතරටත් ඵල සිත් හතරටත් අරමුණු වීම වශයෙන් නුවණින් දැකීමයි .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood