නිවුණු සැනසුනු ජීවිතයකට මග සොයමු
ගෘහ දිවියේ සරු ඵල නෙලන්නට…
ගෘහ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය කුමන තැනක පිහිටනවාද යන්න අපි මෙහිදී සොයා බලමු..
“පෘථග්ජන” යන ව්‍යවහාරය සමඟ ම බෞද්ධ කමක් තිබේයැයි අවිවාදයෙන් බොහෝ දෙනා පිළිගෙන තිබෙන බවක් සමාජයෙහි පෙනෙන්නට තිබේ.
එබඳු පිළිගැනීමකට වැටී තිබෙන්නේ බෞද්ධකම යන්න කවර අයුරකින් අර්ථ කරගත යුතු වේද? යන්න පිළිබඳ ව ඇති අනවබෝධය නිසයි.
ඒ නිසා යුග ජීවිතය, සමාජ ජීවිතය, ආර්ථික ජීවිතය සමඟ බැඳී සිටින ගෘහස්ථ කාමභෝගී පුද්ගලයාට සිය ජීවිතය උදෙසා ධර්මානුකූල වටිනාකමක් ලබාදිය නොහැකි යැයි බොහෝ දෙනා කල්පනා කරති. සමාජ ජීවිතයක් ගත කරන පුද්ගලයා සෑම විටම පෘථග්ජනයකැයි බුදුසමය සලක්නේ නැත. එහෙත් අද්‍යතන යුගයේ සමාජ ජීවිතය දැහැමි වටිනාකමකින් තොර එකක් ලෙසම සැලකීම නිසා ජීවිතයට ධර්මය සමීප කරගන්නා පුද්ගලයන් අඩු වී තිබේ.
විද්‍යුත් හා මුද්‍රිත වැනි ප්‍රබල මාධ්‍ය ඔස්සේ මිනිසාට ධර්මය සන්නිවේදනය කිරීමේ ක්‍රම උපායන් අද වන විට ශීඝ්‍රව සිදුවෙමින් පවතී. එහෙත් ඒ දේශනා පැවැත්වෙන තරමටම මිනිසා ගුණදහමින් දියුණු වන බවක් පෙනෙන්නට නැත.
කොතෙක් ධර්මය ප්‍රකාශ වුණද මිනිසා ධර්මයෙන් ඈත් වනුයේ එහි ඉගැන්වෙන කරුණු ප්‍රායෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක නොවීම නිසයි. එමෙන්ම අද බොහෝ දෙනා බුදු සසුන සංස්කෘතික ඇගයීම්වලින් පමණක් හෙබි ආගමික සංවිධානයක් ලෙස සිතන්නේ එහි දහම් පිළිවෙත හා ජීවිතය අතර පවත්නා සබඳතාව නොදන්නා බැවිනි.
බුදුසමය ගෘහස්ථ ජීවිතය ජීවිතයක් ලෙස ම නොදක්වයි. ගෘහස්ථ ජීවිතටද ආගමික වටිනාකමක් ලැබිය හැකිය. එය කෙසේද? යන්න පැහැදිලිව වටහා ගත යුතුය. විවිධ දුර්මත හමුවේ මෙවැන්නක් තේරුම් ගැනීම බෙහෙවින්ම අභියෝගාත්මක වූවකි.
බුදුසමය නියම වශයෙන් අර්ථවත් කරනු ලැබූ කල ගෘහස්ථ කාමභෝගී පිරිසත්, ගෘහස්ථ බ්‍රහ්මචාරි පිරිසත්, ප්‍රව්‍රජිත බ්‍රහ්මචාරි පිරිසටත් නියම ඵල දැරිය හැකි දහමක් බව වැටහෙනු ඇත. බුදු දහම මැනවින් ප්‍රකාශිත දහමක් (ස්වාක්ඛාත) ලෙස හැඳින්වෙන්නේ මිනිස් දිවිය හා ප්‍රායෝගික වන බැවින්ය. එහෙයින් මේ කරුණු ඉතා මැනවින් හා පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.
නූතන යුගයේ පුද්ගල ජීවිතයේ පුරුෂාර්ථයන් ධර්මයෙන් බැහැර වූ කරුණක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මිනිසා අධ්‍යාත්ම විද්‍යාවෙන් පිරිහෙන විට භෞතික සාරයන් ලුහුබැඳීම සාමාන්‍ය ස්වභාවයයි. බුදුරදුන් ලොවට හඳුන්වාදුන් සදහම් මඟට පුද්ගල ජීවිතය පිවිසෙන්නේ කෙලෙස ද යන්න අද බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. එනිසා කිසිදු භේදයකින් තොරව සදහම් මගට පිවිසීමට ඇති මුලික කරුණු පිළිබඳ මෙහිදී විස්තර කරන්නට අදහස් කරමු ..
මේ සඳහා මජ්ක්‍ධිම නිකායේ දෙවන කොටසේ එන මහා වච්ඡගොත්ත සූත්‍රයෙන් කරුණු ගෙන බලමු. මෙහි ඇතුලත් වී තිබෙන්නේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා හා බුදුරදුන් අතර ඇති වූ සංවාදයකි.
බුදුදහම ජීවිතය සමග සම්බන්ධ වීම පිළිබඳව කොතරම් බලාපොරොත්තු තිබිය හැකි ද ? යන්න මේ සූත්‍රයෙන් මොනවට පැහැදිලි වේ. සදහම් මඟෙහි ගමන් කර ඇති ප්‍රමාණය අනුව උපාසක උපාසිකාවෝ දෙකොටසකට බෙදනු ලබති.
1.ගිහී ඕදාතවසනා බ්‍රහ්මචාරි (කාමරාගයත්, පටිඝයත් ප්‍රහාණය කර ඇති බැවින් අනාගාමී වූ බඹසර වසන සුදුරෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)
2.ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරි (සෝතාපන්න හා සකදාගාමි අවස්ථාවන්ට පත් කාමභෝගී) සුදුරෙදි හඳින ගෘහස්ථ උපාසක උපාසිකාවෝ)
සුදුරෙදි හඳින කාමභෝගී ගෘහස්ථයන්ට ද උචිත ශාසනික මුහුණුවර එයින් කියවේ. ශාසනික කාර්යයෙහි නියුක්ත (සාසනකරො) තථාගත අවවාදය ක්‍රියාවට නඟන (ඔවාදපතිකරො) කුසලයෙහි සැක නැති කළ (තිණ්ණවිචිකිච්ඡො) අන්‍ය ශාසනයන් හි සාරයක් ඇත්ද යි කුහුලට නොපැමිණෙන (විගතකථංකථො) විශාරද භාවයට පත් වු (වෙසාරජ්ජප්පත්තො) මේ ශාස්තෘ ශාසනයෙහි ම තහවුරු වූ (අපරප්පච්චයො සත්ථුසාසනෙ) එනම්, සෝතාපන්න හෝ සකදාගාමී හෝ උපාසක උපාසිකා පිරිසක් ශාසනයට අයත් වෙති. මේ ශාසනික මුහුණුවර දැක් වූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඔබවහන්සේ සදහන් කරන මෙබඳු වූ උපාසක උපාසිකාවෝ ශාසනයෙහි එක් අයෙක්වත් සිටිත්දැයි “ ප්‍රශ්න කළේය. මෙහිදී බුදුරදුන් එක්අයකු දෙන්නකු නොව සිය ගණනක් නොව බොහෝ ගණනක් සිටින බව සඳහන් කරති.
මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වන්නේ ආය¸ ප්‍රවේශයට ගිහි පැවිදි භේදයක් නොවන බවයි. පැවිදි පක්ෂයට මෙන්ම ගිහියාට ද මාර්ග ඵල ලබා ගැනීමට ඉඩකඩ ඇත. මෙහිදී ගිහියාට වඩා පැවිද්දා වේගවත් වනු ඇත.
“සිඛී යථා නීලගිවෝ විහංගමො
හංසස්ස නොපෙති ජවං කුදාචනං
එවං ගිහි නානුකරොති භික්ඛුනො
මුනිනො විවත්තස්ස වනම්හි ඣායතො”
මොනරා ජව වේගය අතින් සලකා බලන විට හංසයා පසු නොකරයි. මේ පක්ෂීන් දෙදෙනාගේ රූප ස්වභාවය අනුව ද මේ උපමාව හොඳින් ගැළපේ. මොනරා වර්ණවත් විසිතුරු සතෙකි. හංසයා බෙහෙවින් චාම් සංවර බවක් පෙන්නුම් කරයි. ගෘහස්ථයා මොනරා මෙනි.
පැවිද්දා හංසයා මෙනි හංසයා ජවයෙන් මොනරාට වඩා ඉදිරියෙන් සිටින්නාක් මෙන් පැවිද්දා ආර්ය මාර්ගයේදි ගෘහස්ථයාට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. වෙනස එයයි. එහෙත් මාර්ගය පැවිද්දාට මෙන් ම ගිහියාට ද එකසේ විවෘතව පවතී. එබැවින් මෙය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
සදහම් මඟ පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ කුමන අයුරකින් ද? යන වග මූලික වශයෙන් වටහාගෙන සිටිය යුතුය.යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බේ තෙ සම්බෝධිපරායනා” මෙහි භික්ෂු පිරිස පිළිබඳ සඳහන් වන නමුත් ගිහිපිරිස ගැන නැති බැවින් “සද්ධානුසාරි” බව හා “ධම්මානුසාරී” බව පැවිද්දන්ට පමණක් ඇති කර ගත හැකි විශේෂත්වයක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන.
මේ සඳහා සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයේ සරකානි සූත්‍රය වැදගත් වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරි පුද්ගලයන්ගෙන් පටන්ගෙන රහතන් වහන්සේ දක්වා කරුණු ප්‍රකාශ කර ඇත. දිගු කලක් තිස්සේ තෙරුවන් සරණ ගොස් සිටි සරකානි දුගතිගාමි නොවන බව බුදුරදුන් එහි දී පවසති. අංගුත්තර නිකායේ මීගසාල සූත්‍රය අද්‍යතන යුගයේ මිනිසාට දහම් මඟට බැසීම සඳහා ඉතා වැදගත් වන සූත්‍රයකි. මීගසාලා උපාසිකාවගේ නිවසට ආනන්ද ස්වාමින් වහන්සේ වැඩම කළ අවස්ථාවක ඇය විසින් උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් මෙහි ඇතුළත්ව ඇත. ස්වාමීනි, පුරාණ යනු මගේ පියා ය, ඔහු මිය යන විට ගත කරමින් සිටියේ බ්‍රහ්මචාරි ජීවිතයකි. මාගේ පියා මියගිය පසු බුදුරදුන් ඔහු සකෘදාගාමී අයකු ලෙසත් තුසීත කායිකව උපත ලබා තිබෙන බවත් පැවසූහ. මෙයින් පසුව මාගේ සුළු පියා ද මිය ගියේය. “ඉසි දත්ත” නම් ඔහු ගත කරමින් සිටියේ කාමභෝගී ජීවිතයකි. (කාමභෝගී) හෝ බඹසර වසමින් සිටියෙක් නොවේ’. (අබ්‍රහ්මචාරි) ස්වකීය බිරිඳ හා සතුටු වෙමින් සිටි අයෙකි, (සදාරසන්තුට්ඨි) ඔහු මියගිය පසුද බුදුරජාණන් වහන්සේ ඔහු සකෘදාගාමී පුද්ගලයෙකු බවත් තුසීත කායිකව උපත ලබා ඇති බවත් වදාළහ. මෙසේ මේ දෙදෙනා ස්වරූප දෙකකට ජීවත්ව තිබියදී සකෘදාගාමි බව මේ දෙදෙනාට ම සමාන කොට වදාළේ ඇයි දැයි මීගසාලා උපාසිකාව අනඳ හිමියන් වෙතින් විචාළාය.
මීගසාලා උපාසිකාව විසින් අසනු ලැබූ මේ ප්‍රශ්නය තථාගතයන් වහන්සේ විසින්ම විසඳිය යුතු කරුණක් වන බැවින් මෙය යොමු කරන ලදී. මෙහි දී වැදගත් වන්නේ බඹසර විසුවාද? නැද්ද? යන්න නොව සදහම් ඇසීමත් සම්‍යග්දෘෂ්ටි වීමත් සද්ධර්ම මනසිකාරයෙන් පී‍්‍රති ප්‍රමෝදයට පැමිණීමත් බව උන්වහන්සේ වදාළහ. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥාව යන මෙකී ගුණාංගයන්ගෙන් සමන්විත වු තෙමේ පහත සඳහන් විශේෂතාවන්ට හිමිකම් කීමට සුදුසු වේ.
1.අගන්තා නිරයං – එවෙනි කෙනෙක් නිරයගාමී නොවේ
2. අගන්තා පෙත්ති විසයං – එවෙනි කෙනෙක් ප්‍රේත ආත්මභාවයට පත් නොවේ
3. අගන්තා තිරච්ඡානයෝනිං – එවෙනි කෙනෙක් තිරිසන් බවට පත් නොවේ
4. අගන්තා අපාය දුග්ගතිං විනිපාතං – එවෙනි කෙනෙක් දුගතිගාමී නොවේ’. සැපයෙන් පිරිහීමක් නොවේ.
සාමාන්‍යයෙන් පොදුවේ මිනිස්සු කල්පනා කරන්නේ “අපි ඉතිං පෘථග්ජනඅයනේ, පුළු පුළුවන් හැටියට පිනක් දහමක් කරගන්න එකයි ඇත්තේ. මැරුණම මොන විදියෙන් උපත ලබයිද කවුද? දන්නේ “ යනුවෙන් මෙවැනි මුසාවන් කියනු අප අසා ඇත්තෙමු. එවැනි සංකල්පනා ඇති වීමට හේතුව වන්නේ ධර්මය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමයි. ධර්මය නිවැරදිව අල්ලා ගැනීමට නොහැකි වීමයි..
සාරවත් යුගදිවියක් සඳහා නම්….අපිදහමට නැඹුරු විය යුතුමයි…
ලෞකික ජීවිතය යනු විවිධ අංගෝපාංග රැසක එකමුතුවයි. සමාජ, සංස්කෘතික, දේශපාලන ආදී විවිධාංග අතර සාර්ථකමත් යුග දිවියක් හිමිවීමද ඉතා වැදගත් වූවකි. මේ අනුව යුග ජීවිතය මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා පවතින වග කිවයුතු සම්බන්ධතාවයකි. මෙකී සම්බන්ධතාවය ඉතාමත් අවබෝධයෙන් යුතුව සිදුකිරීමට නොහැකි වුවහොත් යුග ජීවිතය දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇත. වර්තමාන සමාජය තුළ බොහී විට අද අපට අසන්නට දකින්නට ලැබෙන සිද්ධීන් දෙස විමසුම් ඇසින් බලන කල මේ බව මනාව තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. ස්වාමි භාර්යා දෙදෙනාගේ විශ්වසනීයත්වය,අවංකත්වය ආදී ගුණාංගයන්ගෙන් සමන්විත නොවීම මෙයට බලපානු ලබන මූලික කාරණා වේ.ආර්ථික කළමනාකරණය , විවිධ සමාජ සම්බන්ධතාවයන් ආදී දෑ මගින් ගැටුම් නිර්මාණය වීම, නිර්මාණය කිරීම නිසාවෙන් බොහෝවිට මෙම විවාහ ජීවිත දෙදරායාමට ඉවහල් වේ. මේ තත්ත්වය මඟහරවා ගනිමින් යහපත් යුග දිවියක් ගත කරන අයුරු බුදුරදුන් මනාවට පෙන්වා වදාළහ. යුග ජිවිතය පවත්වන අයට ධර්මානුකූල වටිනාකමක් ලබා දීම ඉතාම වැදගත්ය. එවැනි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් යුග ජීවිතය අවුල් වී යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව දත යුතුය. එයට ධර්මානුකූල වටිනාකමක් දීමෙන් එය විනාශය කරා නොයන අර්ථවත් දෙයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනු ඇත. යුග ජිවිතයේ ඇති කම්කටොළු පවසමින් බුදුරදුන් වෙත පැමිණි ඇතැම් අය “ස්වාමීනි, අපට දෙලොව වැඩ සැලසෙනු පිණිස සුදුසු ධර්මයක් දේශනා කරන්න” යනුවෙන් ඉල්ලා සිටිය හ. එසේම ඔවුන් ගතකරන ජීවිතය සම්බන්ධව ද මෙහි සඳහන් කර ඇත.
1.මයං භන්තේ ගිහි කාමභෝගී – ස්වාමීනි අප කාමභෝගී ජීවිත ගත කරන ගිහි උදවිය වෙමු .
2.පුත්ත සම්බාධ සයනං අජ්ඣාවසාමා – දරුවන් නිසා බාධක වු සයනයක නිදන අය වෙමු.
3.කාසික චන්දනං පච්චනුභෝහ – කසී රටින් ගෙනා සඳුන් පරිහරණය කරන අය වෙමු.
4.මාලා ගන්ධ විලේපනං ධාරයාම – මල්ගඳ විලවුන් ආදිය දරන අය වෙමු.
5. ජාත රූප රජතං සාදියාම – රන් රිදී පරිහරණය කරන ගනුදෙනුකාර ලෝකයේ ජීවත් වෙමු.
“අපගේ කාමභෝගි ජීවිතයේ ස්වරූපය මෙයයි. මේ ස්වරූපය පැවැත්වීම අපගේ කැමැත්තයි. එසේ කැමති වන අපට දෙලොව වැඩ සැලසෙන ධර්මයක් දේශනා කරන්නයි” ඔවුහු ඉල්ලා සිටිති.
සම්‍යක්දෘෂ්ටිකත්වය යනුවෙන් මෙහි දක්වා ඇත්තේ පුද්ගලයකු තමාගේ පැවැත්ම පිළිබඳවත් සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත් ක්‍රියාත්මක නියාමය හොඳ හැටි හා පැහැදිලිව දැකීමෙන් ඒ තැනැත්තා තුළ ඇතිවන මානසික පරිවර්තනයයි. මෙය සිදුවනුයේ සද්ධර්මය අසා ධර්මය ප්‍රත්‍යක්ෂණය කිරීමෙනි. “ධම්මං සුත්වා සද්ධං පටිලභති” යනුවෙන් දක්වා ඇති පරිදි ධර්මය අසා ශ්‍රද්ධාවට පත්වීම සම්‍යක් දෘෂ්ටිය ලෙස හැඳින්විය හැකිය. මේ දැක්මට පැමිණි පසු පුද්ගලයා තමන්ට පැමිණෙන ජීවන හෝ ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව ප්‍රතිචාර දක්වයි. තමන් අරමුණු කරගත් ජීවිතයට මේ පරිවර්තනය ඉතා වැදගත්ය
පෙර කී ජීවන ස්වරූපය එක්වර ම බැහැර කිරීමට බුදුරදුන් ප්‍රකාශ කර නැත. එවැන්නක් අපේක්ෂා කිරීම පුද්ගල ජීවිතය හා ප්‍රායෝගික ද නොවේ. බුදුරදුන් සද්ධර්ම මාර්ගය හඳුන්වාදෙන්නේ මනුෂ්‍යයාගේ මනෝවිද්‍යාත්මක ස්වභාවයන් හැඳින එයට යෝග්‍ය ලෙසය. සද්ධර්ම මාර්ගය හඳුන්වා දීමේ දී ගෘහස්ථ ජීවිතය සම්බන්ධකොට දේශනා කර ඇති සූත්‍ර විශාල සංඛ්‍යාවක් ඇත. මුලින් සඳහන් කළ පරිදි මිගසාලා සූත්‍රයේ එන වැදගත් කරුණක් මෙහිදී සලකා බැලීම වැදගත් වේ.
බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ “පුරාණ” නමැති අයද අබ්‍රහ්මචාරීව කාමභෝගීව ස්වදාරසන්තෘෂ්ටියෙන් සිටි “ඉසිදත්ත” නමැති අයද සම්බන්ධයෙන් සකෘදාගාමි බව සමාන ධර්මයක් ලෙස බුදුරදුන් වදාළහ. මේ සඳහා උන්වහන්සේ කරුණු සතරක් දක්වති.
ස්වනේනපි කතං – සද්ධර්මය අසා තිබීම
බහුසච්චේනපි කතං – සද්ධර්මය බොහෝ කොට අසා දැන තිබීම
දිට්ඨියා ච සුප්පථිවිද්ධං – දෘෂ්ටිය පැහැදිලි කරගෙන සිටීම, එනම්, සම්‍යක්දෘෂ්ටික භාවයෙහි ස්ථිරව පිහිටා තිබීම
සාමයික විමුත්තිං ලබති – වරින්වර සද්ධර්මය ශ්‍රවණය මඟින් සද්ධර්ම මනසිකාරයෙන් පී‍්‍රති ප්‍රමෝදයට පත්වීමි.
මෙම ගුණ සතර තිබේනම් බඹසර නොවසන ගෘහස්ථයාට ආය¸ ශ්‍රාවකභාවය තිබේ. සම්‍යක්දෘෂ්ටිකත්වය යනුවෙන් මෙහි දක්වා ඇත්තේ පුද්ගලයකු තමාගේ පැවැත්ම පිළිබඳවත් සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත් ක්‍රියාත්මක නියාමය හොඳ හැටි හා පැහැදිලිව දැකීමෙන් ඒ තැනැත්තා තුළ ඇතිවන මානසික පරිවර්තනයයි. මෙය සිදුවනුයේ සද්ධර්මය අසා ධර්මය ප්‍රත්‍යක්ෂණය කිරීමෙනි. “ධම්මං සුත්වා සද්ධං පටිලභති” යනුවෙන් දක්වා ඇති පරිදි ධර්මය අසා ශ්‍රද්ධාවට පත්වීම සම්‍යක්දෘෂ්ටිය ලෙස හැඳින්විය හැකිය. මේ දැක්මට පැමිණි පසු පුද්ගලයා තමන්ට පැමිණෙන ජීවන හෝ ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව ප්‍රතිචාර දක්වයි. තමන් අරමුණු කරගත් ජීවිතයට මේ පරිවර්තනය ඉතා වැදගත්ය.
මිනිසා සමාජය විවිධ සම්බන්ධතාවන්ගෙන් බැඳී පවත්නා බව ප්‍රකට කරුණකි. සමාජයෙහි කුඩාම ඒකකය පවුලය. ප්‍රජාව තෘප්තිමත් දිවි පෙවතට යොමුවන්නේ යහපත් සමාජ සම්බන්ධතා පවත්නා කල්හිය. ප්‍රාථමික ගෝත්‍රික සමාජවල සිටි සංවර්ධිත විදග්ධ සමාජය දක්වා වනු සමාජවල විවිධ සම්බන්ධතා ගොඩනැගී ඇත්තේ එකී සම්බන්ධතාවයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වූ විටය. මේ ඉගැන්වීම යහපත් සමාජයක් ගොඩනැඟීමට අත්‍යන්තයෙන් උපකාරි වෙයි.
සිඟාලෝවාද සූත්‍රය මුළුමනින් ම සමාජ සම්බන්ධතා සමූහයක් ඉතා ව්‍යක්ත ලෙස නිර්දේශ කරයි. එය දේශ කාල භේදයකින් තොරව ආගමික සම්බන්ධයකින් තොරව වුව ප්‍රගුණ කළ යුතු ඉගැන්වීම් පද්ධතියකි. එහි අඹුසැමි සම්බන්ධතාවය විස්තර කරනුයේ මෙපරිද්දෙනි. ස්වාමි පුරුෂයා තම භාර්යාවට පහත කරුණුවලින් සංග්‍රහ කළ යුතුය. ඒවානම්,
ස්වාමි පුරුෂයා භාර්යාවට ගෞරවාන්විතව කථා කරයි
නිග්‍රහ නොකරයි
පරස්ත්‍රීන් වෙත නොයයි
ගෙහි ස්වාධීනත්වය පවරා දෙයි
ආභරණාදිය ලබාදෙයි.
සිය සැමියාගෙන් ඉහත සඳහන් පරිදි සැලකිලි ලත් කාන්තාව ඉතාමත් සන්තෝෂයෙන් කටයුතු කරයි. සිය නිවෙසේ සියලු කටයුතු සොයා බලා නිසි වේලාවට අනුව නිසි පරිදි සිදු කරන්නීය. සේවක සේවිකාවන්ට කාරුණිකව සලකන්නීය. පරපුරුෂ සේවනය නොකරන්නී ය. ධනය ආරක්ෂා කරන්නීය. නිවසේ සියලු වැඩ කටයුතු දක්ෂව හා අනලස්ව සිදු කිරීමට උත්සුක වෙයි. මෙලෙස පී‍්‍රතිමත් යුග දිවියක කොටස්කාරියක වන කාන්තාව තෘප්තිමත් වූත් ප්‍රභාවත් වූත් දිවියක හිමිකාරිය වෙයි. එවැනි පි‍්‍රයංකර භාර්යාව මතු දැක්වෙන සේ ඇයගේ දෛනික ක්‍රියාවලිය සකසා ගනියි.
1.අභ්‍යන්තර හා බාහිර පිරිසුදුකම රැකගනියි
2.කෑමෙහි කෑදර නොවෙයි
3.පමණය කථාකරනු මිස දොඩමළු නොවෙයි
4.නිරතුරුව වැඩදායි කටයුතුවල යෙදෙයි
5. ගුණදහමින් පෝෂිතව වාසය කරයි.
6. දුටුවන්ට පි‍්‍රයමනාපව වාසය කරයි.
7.රෞද්‍ර පෙනුමින් මිදී මුදු මොලොක් ස්වභාවයක් දරයි
8.අනුන් හා අඬදබර නොකරයි
9.තමන් නොපිළිගත් නුසුදුසු ස්ථානයන්ට නොයයි
10. සුදුසු තැන්වලට ද නුසුදුස්සන් සමඟ නොයයි
11.ලද දෙයින් සතුටු වෙයි
12. අමුතු දේ නොපතයි
සිඟාලෝවාද සූත්‍රයෙහි යුග දිවිය හා අදාළ කරුණු රැසක් සඳහන්ව ඇත. පෙර සඳහන් කළ පරිදි ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් ඉටු කළ යුතු වගකීම් සහ යුතුකම් මැනවින් හදුනාගෙන කටයුතු කරන්නේ වී නම් පවුල් ජීවිතය අවුල් නොවනු ඇත. මෙහි දැක්වෙන අනතිචාරි බව සම්බන්ධව කරුණු කිහිපයක් සඳහන් කිරීම ඉතා වැදගත්ය.
මන්ද යත්” පවුල් ජීවිත අවුල් කරන ඉතා බරපතළ ප්‍රශ්නයක් වශයෙන් මෙය සමාජයේ පවතින නිසාවෙනි. මෙහි දී පැහැදිලි කරගත යුතු කරුණු වන්නේ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධවය.
ලිංගික චර්යාව ජීවන අවශ්‍යතාවයකි. එය බුදුසමය පිළිගනියි. අපචාරමය ලිංගික චර්යාවට බුදුසමය විරුද්ධය. පේ‍්‍රමණීය සිතිවිලිවලින් යුතු අඹු සැමි සබඳතා පවත්වා ප්‍රජාව වර්ධනය කිරීමද බුදුසමය අවධාරණය කරයි. කාමයෙහි වැරැදි ලෙස හැසිරීමට ගිය කල සමාජයෙහි යහ පැවැත්ම මුළුමනින්ම බිද වැටෙයි. පුද්ගලයාද පවුලද, සමාජය ද පිරිහෙයි. වර්තමානයේ භයානකව පැතිර යන ඒඩ්ස් රෝගය පිළිබඳව සලකන කල මෙහි ආදීනව තේරුම් ගැනීම අසීරු නොවෙයි.
සමාජ පිරිහීම පිළිබඳව බුදුරදුන් දේශනා කළ සෑම සූත්‍රයකම පොදු වචනයකි. “අඩම්මරාග“ යන වචනය. ලෝක සම්මත සදාචාර පැවැත්මෙන් පිට පැන මිනිසුන්ගේ නොහික්මුණු අභිප්‍රායන් ක්‍රියාත්මක වීම ආඩම්බරයයි. විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් වැඩි වීමෙන් මෙය උග්‍රවෙයි. අප රට වැනි දුප්පත් රටවල ආධම්මරාගය පිරිමසා ගැනීමට සංචාරයේ නාමයෙන් පැමිණෙන අයද වැඩි වී තිබේ. ඒ නිසා සිදුවන සදාචාරාත්මක හානියත්, සමාජ රෝග ව්‍යාප්තියත්, විසඳීමට අපහසු අර්බුදයක් වී තිබේ. එය මානව වර්ගයාගේ පැවැත්මට අභියෝගයකි. න්‍යෂ්ටික යුද්ධයත්,මේ මෛථූන දුරාචාරයත් එක හා සමාන ව්‍යසනයෝය. වෙනසකට ඇත්තේ මිය යන ක්‍රමයේ වෙනස පමණි.
බුදුරදුන් මෙහිදී ස්වාමියා මෙන්ම බිරිඳකගේ මූලික වගකීමක් වශයෙන් දක්වන්නේ වචන භාවිතයයි. බුදුරදුන් නකුල මාතා, නකුල පිතා නමැති ගෘහ ජීවිතයේ ආදර්ශවත් චරිත දෙක සම්බන්ධ කරමින් මෙය වඩාත් විස්තර වශයෙන් දක්වයි මේ යුගපතීන් ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ ශ්‍රද්ධා ගුණයෙන් ඔවුන්ගේ ධර්මානුකූල පදනම කියවේ. ඒ පදනම නොමැතිව මිල මුදල් ම පමණක් තිබූ පමණින් ජීවිතය සාර්ථක වන්නේ නැත
පවුල් ජීවිතය අවුල් කරන මෙන්ම දියුණු කරන ඉතා විශේෂ කරුණක් වශයෙන් බිරිඳකගේ දක්ෂ බව හා නොමැළිව ක්‍රියා කිරීම ද මෙහි දී සිහිපත් කරනු කැමැත්තෙමි. ගෙදර දොරේ පමණක් නොව සියලු කාර්යයන්හි දී කම්මැලි කමෙන් තොරව ඉතා දක්ෂව ක්‍රියා කිරීම බිරිඳකගේ වගකීමයි. එසේ දක්ෂව හා නොමැළිව කටයුතු කරන නිවෙස්වල නැන්දම්මා සහ ලේලිය අතර වියවුල්, ගැටුම් ඇති නොවේ. එවන් සාමයක් නොමැති නම් නැන්දම්මා සහ බිරිඳ අතර ආරවුලට මැදි වන ස්වාමිපුරුෂයා මහත් අසීරුතාවනට පත්වන අවස්ථා දැකිය හැකිය. මෙවන් තත්ත්වයන් මඟ හරවා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරමින් කටයුතු සංවිධානය කිරීම බිරිඳකගේ වගකීම වේ.
බුදුරදුන් මෙහිදී ස්වාමියා මෙන්ම බිරිඳකගේ මූලික වගකීමක් වශයෙන් දක්වන්නේ වචන භාවිතයයි. බුදුරදුන් නකුල මාතා නකුල, පිතා නමැති ගෘහ ජීවිතයේ ආදර්ශවත් චරිත දෙක සම්බන්ධ කරමින් මෙය වඩාත් විස්තර වශයෙන් දක්වයි. ඒ අනුව,
“උභෝ සද්ධා වදඤ්ඤු ච
සඤ්ඤත්තා ධම්ම ජීවිනෝ
තෙ හොන්ති ජානිපතයෝ
අඤ්ඤමඤ්ඤං පියංවදා”
සමජීවි සූත්‍රයේ සඳහන්වන ගාථා තුනින් එකක් මෙහි දක්වා ඇත. මේ යුගපතීන් ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ ශ්‍රද්ධා ගුණයෙන් ඔවුන්ගේ ධර්මානුකූල පදනම කියවේ. ඒ පදනම නොමැතිව මිල මුදල් ම පමණක් තිබූ පමණින් ජීවිතය සාර්ථක වන්නේ නැත.
ඊට කාරණා ලෙස පහත කරුණු ගෙනහැර දක්වයි.
වදඤ්ඤු – මෙයින් අදහස් කරන්නේ වචනය හඳුනා ගැනීමයි.
සඤ්ඤත්තා – මෙයින් අදහස් වන්නේ ආත්ම සංයමයයි. යුග දිවියේ සදාචාරය සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් ය.
ධම්මජීවිනො – දිවි පැවැත්ම ධර්මානුකූල විය යුතු ය. එවන් අය එකිනෙකාට පි‍්‍රයශීලි චරිත වශයෙන් කටයුතු කරයි.
සමජීවි සූත්‍රයේ සෙසු ගාථාවල තවදුරටත් මෙසේ දැක්වේ.
අත්ථාසම්පවුරා හොන්ති – ලෞකික පැවැත්මට අවශ්‍ය කරන සමෘද්ධිය බහුලව වර්ධනය කරයි.
ඵාසත්තං උපජායති – මේ දෙදෙනා එකිනෙකාට පහසුව සලසමින් එකිනෙකාට අනුකූලතාව දක්වමින් දිවි පවත්වති.
අමිත්තා දුම්මනා හොන්ති – මේ අන්‍යෝන්‍ය සම්බන්ධයේ ප්‍රසන්න බව දකින අමිත්‍රයන්ගේ සිත්වල නොසතුට ඇති වේ.
උභින්නං සමසීලිනං – මේ දෙදෙනා සීලයෙන් සමාන වෙයි. මෙයින් අදහස් වන්නේ දස කුසලයෙන් යුතු වීමයි.
මෙසේ සමශීලිව දෙදෙනා මේ ලොව ධර්මයෙහි හැසිර තමන් කැමති සම්පත්වල හැසිර සතුටු වෙමින් දිව්‍ය සැපතට පත් වෙති. යුග ජීවිතය හා වැදගත් කරුණු කිහිපයක් නකුල මාතා මනාපකායික සූත්‍රයෙහි තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත. බිරිඳ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරිපත් කර ඇති කරුණු රැසක් මෙහි දැක්වේ.
පුබ්බට්ඨායි – යම් බිරිඳක් සැමට පෙර අවදි වන්නේ නම් පච්ඡානිපාති, සැමට පසුව නිදන්නේ නම්, කිංකාර පටිස්සාවිනි, විමසා බලා කටයුතු කරන්නේ නම්, මනාපචාරී, පි‍්‍රයශීලී වචන කතා කරන්නේ නම්, පියවාදිනී, ඒ බිරිඳ යහපත් භාර්යාවකි.
“යෙ තෙ භත්තු ගරුනෝ හොන්ති මාතාතිවා …….” ස්වාමියා යම් කිසි අයකුට ගරු කරන්නේ නම්, බිරිඳ ද ඒ අයට ගරු කළ යුතු ය. ඒ අයුරින් ම බිරිඳ ගරු කරන අයට ස්වාමියාගේ ගරුත්වය ද හිමිවිය යුතු ය. මෙකී ගුණය නොමැති බොහෝ නිවෙස්වල ඉතා ප්‍රශ්නකාරී අවස්ථාවන් දක්නට ලැබේ. විශේෂයෙන් ම බිරිඳ විසින් ස්වාමියාගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් ලෙසත්, ස්වාමියා විසින් බිරිඳගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් වශයෙනුත් සැලකීම අපේ සිංහල චාරිත්‍රය වේ. නීතියෙන් මව, නීතියෙන් පියා ලෙස ගැනීමට වඩා එය ගෞරවනීය වේ.
එබඳු අය නිවසට පැමිණි කළ පය සේදීමට ජලය තැබීමෙන් අසුන් පැනවීමෙන් පුද සත්කාර කිරීම යහපත් ලක්ෂණයකි.
“යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා…..” ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්ත ආදියක් වේ නම්, ඒවා පිළිබඳ දක්ෂ වූ ද නොමැළිව කටයුතු කරන්නා වූ ද උපාය විමංසනයෙන් කටයුතු කරන්නාවූ ද සුදුසු කෘත්‍යයක් කරන්නා වූ ද තෝරාගත් කටයුතු පිළිබඳව මැනවින් කෘත්‍ය සංවිධානය කරන සුළු වූ බිරිඳ යහපත් වේ.
දැසි දැස් කම්කරු වශයෙන් පවුල හා සම්බන්ධ යම් පිරිසක් වේ නම් ඔවුන් කෙරෙහි ඉතා කාරුණිකව කටයුතු කිරීම හා කිසියම් කටයුත්තක් ඔවුනට පැවරුණොත් ඒ කටයුතු කිරීමට නිසි කාලය ලබා දිය යුතු ය. ඔවුනතුරෙන් යමෙක් රෝගාතුර වී සිටී නම් ඔහු හෝ ඇය ගැන සොයා බලා ක්‍රියා කළ යුතු ය.
ආහාර පානාදිය එකිනෙකා අතර දීම වැදගත් ය. මේ අනුව අපට පැහැදිලි වන කරුණක් නම් සේවකයෝ ද පවුලේ සාමාජික රාමුවටම ඇතුළත් කර දැක්වීම බුදුසමයේ පිළිවෙළයි.
බිරිඳගේ වගකීම් අතර ඉතා වැදගත් කාරණාවක් වන්නේ ගෙදර සියලු සම්පත් සුරක්ෂිත කිරීමයි. ස්වාමියා විසින් සම්පාදනය කරන මුදල් වලින් දුර්ත ක්‍රියා නොකරන, සොරකම් නොකරන, පහත් ආශාවනට ලොල් වී ක්‍රියා නොකරන, ධනය නොනසන තැනැත්තියක් විය යුතු ය. “අධුත්ති, අථෙනි, අසොණ්ඩි, අවිනාසිකා” යනුවෙන් ඒ බව විස්තර වේ.
බිරිඳ ඉහත කී ගුණාංග සහිතව කටයුතු කරන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක් වූ විට ය. (සීලවතී) පඤ්චසීලය ආරක්ෂා කරන තැනැත්තියක් වූ විටය. එමෙන්ම මසුරුමලින් තොරව ගිහි ගෙහි වාසය කරන, ත්‍යාගය සඳහා යොමු වුණු, ත්‍යාගය සඳහා පිරිසුදු කොටගත් දෑතක් ඇති, තම සන්තකයක් අන් අයගේ අවශ්‍යතා උදෙසා පවරා දීමෙහි සමත් බෙදා හදා පරිහරණය කරන තැනැත්තියක් වූ විට ය.
මෙලොව දිනන කරුණු සතරත් පරලොව දිනන කරුණු සතරත් හොඳ හැටි වටහා ගැනීම යුග ජීවිතයට දැහැමි වටිනාකමක් ලබා ගැනීමේ දී ඉතා වැදගත්ය. ජීවිතය ලෞකික අංගෝපාංග සහිත වුවද එය දැහැමි වන්නේ සද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණවලින් බව දත යුතු ය
යුග ජීවිතය හා සම්බන්ධ කරුණු දක්වා ඇති තවත් සූත්‍රයක් වශයෙන් “පථමලෝක විජය සූත්‍රය” සඳහන් කළ හැක. බෞද්ධ උපාසිකාවක් වන බිරිඳක මෙලොව පරලොව ජයගන්නා කාරණාවන් මෙහි දී විස්තර වේ. එනම්,
මෙලොව ජයගන්නා කාරණා
1. සුසංවිහිත කම්මන්තා – කර්මාන්ත කටයුතු මැනවින් සංවිධානය.
2. සුසංගහිත පරිජනා – පරිවාර ජනයාට සංග්‍රහ කිරීම
3. භත්තු මනාපං චරති – ස්වාමියාට මනාපව හැසිරීම
4. සම්භතං අනුරක්ඛති – සම්පත් ආරක්ෂා කර ගැනීම
පරලොව ජයගන්නා කාරණා
1. ශ්‍රද්ධා – තථාගතයන් වහන්සේ අවබෝධය පිළිබඳ අප තුළ ඇතිවන ප්‍රසාදය
2. ශීල – බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පඤ්චශීලය ආරක්ෂා කර ගැනීම.
3. ත්‍යාග – පරිත්‍යාග කිරීම
4. ප්‍රඥා – ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම් නැතිවීම් ස්වභාවය දැකීමයි.
භරියෝ ච පරමෝ සඛා ලෝක විෂ සූත්‍රයේ එන මෙලොව දිනන කරුණු සතරත් පරලොව දිනන කරුණු සතරත් හොඳ හැටි වටහා ගැනීම යුග ජීවිතයට දැහැමි වටිනාකමක් ලබා ගැනීමේ දී ඉතා වැදගත්ය. ජීවිතය ලෞකික අංගෝපාංග සහිත වුවද එය දැහැමි වන්නේ සද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණවලින් බව දත යුතු ය. ඒ ගුණ සැකසෙන විට පුද්ගලයා තවදුරටත් පෘථග්ජන භාවයෙහි නොපවතින බව දත යුතු ය. විධිමත් යුග ජීවිතයක දී වැදගත් ම යහළුවා කවුද? යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරදුන් “භරියෝ ච පරමෝ සඛා” යනුවෙන් භාර්යාව ම උතුම් යහළුවා බව දක්වා තිබේ. මේ කරුණු කොතරම් සමාජ විද්‍යාත්මක ද යන්න හොඳින් වටහා ගත යුතු ය.
අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයෙහි දිව්‍යමය වූ යුග දිවියක පදනම දශ කුසලය බව දැක්වේ. දෙදෙනාම දශ අකුසලයෙන් යුතු නම් එය ගුණ නැති බැවින් ළාමකයකු ලාමක ස්ත්‍රියක හා විසීමකි. (ජවො ඡවාය සද්ධිං සංවසති) ස්ත්‍රිය පමණක් කුසලයෙන් යුතු නම්, එය ලාමකයකු දෙව්දුවක හා විසීමකි. (ඡවෝ දේවියා සද්ධිං සංවසති) ස්ත්‍රිය ගුණ නැත්තියක වී සැමියා කුසලයෙන් යුතු වීම දෙව් පුතකු ලාමක ස්ත්‍රියක හා විසිමකි. (දේවෝ ඡවාය සද්ධිං සංචසති) දෙදෙනාම දස කුශලයෙන් යුතු වීම දෙවි පුතකු, දෙව් දුවක හා විසීමකි. (දේවෝ දේවියා සද්ධිං සංවසති) යුග ජීවිතය දිව්‍යමය වන්නේ දෙදෙනාටම ගුණ සම්පත තිබේ නම් පමණි.
ඉහත කරුණු සේම පුද්ගලයාගේ ලෞකිකත්වය පිළිබඳව ද ඉතා දූරදර්ශීව බුදුරදුන් ධර්මය දේශනා කොට ඇත. පුද්ගලයාගෙන් එක්වරම ඈත් නොවන ලෞකිකත්වය අවුලක් නොවන පරිදි භුක්තිවිඳිය යුත්තේ කවර ආකල්පයකින් ද? යන්න සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි දක්වා තිබේ. ඒවානම්,
අගථතො – ලෞකිකත්වය භුක්ති විඳිනු ලැබුවද ඊට ගිජු බවක් නොදක්වයි.
අමුච්ඡිතො – සිහි මුළාවීමකින් තොරව ලෞකිකත්වය භුක්ති විඳියි.
අනජ්ඣාපන්නො – ලෞකිකත්වය සදහටම සතුකරගත නොහැකි බව දැන භුක්ති විඳියි.
ආදීනව දස්සාවි – කොතරම් සැප යැයි සලකනු ලැබුව ද යමක් ලෞකික නම් එහි ආදීනව පැත්තක් ද තිබෙන බව දැන භුක්ති විඳියි.
නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති – නිවන් පැත්තට යොමු වූ නුවණින් පරිභෝග කරයි.
මෙබඳු ආකල්පයන්ගෙන් යුතුව යුග ජීවිතය ධර්මානුකූල පදනමක් මත පිහිටා මනා සංවිධානයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳව බුදුදහමේ සාකච්ඡා කර තිබේ. අද පවුල් සංවිධානය වශයෙන් පොදුවේ හඳුන්වනු ලබනුයේ පවුලේ සාමාජික සංඛ්‍යාව සීමා කිරීම වේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි සඳහන් වනුයේ ඊට වඩා ගැඹුරු වූ ආධ්‍යාත්මික සංවිධානයකි.
ධර්මයෙන් තොර යුග දිවිය අවුල කරා ඇදී යන බව අවධාරණය කරගත යුතුව තිබේ. ස්වාමියා සේම භාර්යාව ද මෙකී සංවිධානය මනාව පවත්වාගෙන යාම සඳහා ඉතා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම්, යුග දිවිය ඉතා සාර්ථකමත් වනු නොවනුමානය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood