බුදු දහම තුළ තරුණ වියටවූ කාර්ය
පළමුව අපගේ අවධානය යොමුවන්නේ ‘තරුණවිය’ යන මාතෘකාව පිළිබඳව අර්ථකථනයක් කිරීමටයි. එහිලා පළමුව නූතන අර්ථකථනය කෙරෙහි අවධානය යොමුකරන අතර තරුණ යන වචනය වෛදික දහම තුළ අර්ථකථනය වී ඇති අයුරු හා බුදුදහමේ තරුණ විය අර්ථකථනය වන අයුරු පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමු වෙයි.
තරුණවිය යන්නෙහි අදහස…
‘තරුණ’ යන වචනයත් සමඟ ශක්ති සම්පන්න බවක් ජවසම්පන්න බවක් සිතට නැඟේ. ජීවිතයේ තරුණවිය කවුරුත් ප්‍රියකරන කාලයකි. ඒ නිසාම තරුණ වියෙහි රැඳී සිටීමට කවුරුත් ප්‍රිය කරති. එහෙත් අප කාටත් තරුණ වියෙහි සැමදා රැඳී සිටීමට නොහැක. ඊට හේතුව වෙනස්වන ලෝකයේ තරුණකම ද එලෙසින් සැමදා නොපවතින බැවිනි.
එබැවින් අප සියලු දෙනාම ලෝක ස්වභාවයට එකඟවිය යුතුය. තරුණවියත් සමඟ එළෙඹෙන්නේ මහලු විය බව අප මතක තබාගත යුතුය.
විචාර බුද්ධියෙන් තොර යෞවනය, සීමාවෙන් තොර ධන සම්පත්තිය, බුද්ධියෙන් තොර ප්‍රභූත්වය, පාලනයෙන් තොර අවිවේකය යන මේ කාරනා හතරෙන් එකක් යම් පුද්ගලයෙකු සතු වුවද එය ඔහුගේ විනාශයට හේතුවන බවයි.
එම හතරම ඇත්තෙකු ගැන කියනුම කවරේ ද? යන්න මෙහි අදහසයි. තරුණවියෙහි සිතේ ඇතිවන කැළඹීම් ස්වභාවයත් සමඟ පුද්ගලයා ඉතා ඉක්මනින් වරදෙහි යොමුවිය හැකිය. එබැවින් විශේෂයෙන් තරුණ වියට හොඳ – නරක තෝරා ගැනීමේ විචාර බුද්ධිය මෙන්ම ඉවසීම ද අත්‍යවශ්‍ය වේ.
තරුණවියේ කළ යුත්තේ කුමක් ද?
බුදුදහම තරුණ වියෙහි කළයුතු කටයුතු නොකොට වයසට ගිය විට ඒ පිළිබඳ සිතමින් පසුතැවෙමින් පුද්ගලයා හඳුන්වන්නේ මසුන්ගෙන් හිස්වුණු දිය සිඳුණු විලක් අසලට වී පසුතැවෙන පියඹා යෑමට නොහැකි කොස්වා ලිහිණියෙකුට සමාන කරය
මෙහි දී තරුණ කාලයේ කළයුතු කාරණා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමු කරයි. බඹසර විසීම හෝ ධනය ඉපයීමයි. යමෙක් මේ දෙකින් එකක් නොකර සිය තරුණ කාලය ගත කරන්නේ නම් මසුන්ගෙන් හිස්වුණු, දිය සිඳුණු විලක් අසලට වී පියඹා යෑමට නොහැකිව පසු තැවෙන කොස්වා ලිහිණියාට උපමා කරන්නේ ඔහුය.
තරුණ වියෙහි බඹසර විසීම උතුම් බව ඉහතින් අවධාරණය කළෙමු. යමෙක් එසේ නොකරන්නේ නම් ධනෝපායනය හා විවාහවීම් ආදී කටයුතු කළ යුතුය. බුදුදහම හුදෙක් ලෝකෝත්තර දහමක් පමණක් නොවන බව මින් පැහැදිලි වෙයි.
ලෞකික දිවිය සාර්ථක කර ගැනීම සඳහා ද බුදුදහමින් නිතැතින්ම මාර්ගෝපදේශනය ලබා දෙයි. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රමවේදයන් අනුගමනය කළයුතු බව බුදුදහම අවධාරණය කරන බව අප මතක තබා ගත යුතුය.
අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි.
බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි.
එය පසක් කිරීමට හොඳම නිදසුන නම්… බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.
ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන්න් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.
තෙරුවනේ අනන්ත ගුණ මහිම ලැබේවා..ඔබ සැමට..🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood