පන්සලෙන් ඇරඹුණු දහම් ප්රබෝධය
මිනිසුන්ගේ පුද්ගල ජීවිතයත් සමාජ ජීවිතයත් සම්බන්ධ කොට ඒ විධිමත් කරන ආකල්ප හා චර්යා සමූහය ඒ ජනතාවගේ සංස්කෘතිය වශයෙන් සඳහන් කරන්නට පුළුවන්
ආහාරපාන පරිහරණය විධි ඇඳුම් පැලඳුම් කතාබහ ඇදහීම් සමාජ සම්බන්ධතා සෞන්දර්ය ආශ්වාද ක්‍රම යන සියල්ල එක් රැස් වීම තුළින් සංස්කෘතියක් බිහි වෙනවා
ඒ ජාතීන්ගේ සංස්කෘතියෙන් බිහිවීමට ඔවුන්ටම ආවේණික වූ බලවේග ඉවහල් වෙලා තියෙනවාජාතික හැඟීම් හා එක් වූ බෞද්ධ හැඟීම් අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි වුණා
බුදුදහම සුරැකුමේ බෞද්ධ විහාරස්ථානයේ නිසා යැයි කියන්නට පුළුවන් බෞද්ධයාගේ පරම පූජනීය ත්‍රිවිධරත්නය විහාරස්ථානයෙහි පිහිටුවා තිබුණා විහාරස්ථානය සිංහල ජනතාවගේ සංස්කෘතික මධ්‍යස්ථානය බවටත් පත්වෙලා තිබුණා
මෑත අතීතයේ ඉඳන්ම ග්‍රාම නිර්මාණ සැලසුම් කළ සිංහලයෝ ගමේ ප්‍රධාන තැන විහාරස්ථානයක ලබා දුන්නා විහාරස්ථානයේ අත්හැර වත් වෙනට ලබා දුන්නා විහාරස්ථානයේ අත්හැර වත් වෙන්නේ අයත් ගම්මානයත් එකට සම්බන්ධව පැවැති අංශ බවට පත්වුනා මේ අනුව ගොවි සංස්කෘතියත් බෞද්ධ සංස්කෘතියත් එකට සම්බන්ධ වෙන්න්ලා සිංහල සංස්කෘතිය බිහිවීම සිදු වෙලා තිබුණා
ගම්වැසියෝ ශ්‍රද්ධා භක්තියෙන් යුක්ත වන විට භික්ෂූන් වහන්සේත් විහාරස්ථානය නඩත්තු කළා භික්ෂූන් වහන්සේ ඔවුන්ට පින් කෙතක් වගේ වුණා පවුලේ ගැටලු විසඳා දුන් කුල දේවතා ඕවගේ වුණා ගමේ ආරවුල් මතභේද නිරාකරණය කිරීමේ දී උන් වහන්සේ මුල් වී නිවෙස් වල ගමේ සමගිය සමාදානය පවත්වා ගෙන යන්නට උදව් උපකාර වුණා
දායකයා භික්ෂූන් වහන්සේත් අචල සමගිය කින් බැඳී සිටියා දායකයා කිසිම අවස්ථාවක භික්ෂූන් වහන්සේගේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කළේ නෑ භික්ෂූන් වහන්සේත් දායකයාගේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් තොරයි
ඔවුහු ඔවුනොවුන්ට අවංක වුණා කරුණාව මෛත්‍රිය දැක්වූවා. දවසේ කටයුතු නිම කළ සිංහල බෞද්ධයා හවස් කාලය වන විට විවේකය ගත කළේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ සමඟ බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡා පැවැත්වීම ඔවුන්ගේ සිරිතක් බවට පත්වුණා භික්ෂූන් වහන්සේත් ඒ පුද්ගලයාගේ රුචි88 අරුචිකම් දැනගෙන සුදුසු අවවාද අනුශාසනා ලබා දුන්නා මේ ආකාරයෙන් විහාරස්ථානය ඔවුන්ගේ සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්වුණා
විහාරස්ථානය සිංහල ජීවිතයේ හැම අවස්ථාවකට ම සම්බන්ධ වුණා දරුවෙකුගේ උපත ලැබීමට පෙර මවට සෙත් පිරිත් දෙසුවේ භික්ෂූන් වහන්සේ දරුවා උපත ලද විගස ඔහුට නම් තැබීමට වේලාපත්කඩය සකස් කරවා ගැනීමට දායකයා විහාරස්ථානයට එනවා දරුවා දොරට වඩන්නේ විහාරස්ථානයට කැඳවාගෙන කෙස් කැපීම බත් කැවීම ආදී අවස්ථාවලත් විහාරස්ථානය සමඟ සම්බන්ධ කරගෙන තුණුරුවන්ගේ ආරක්ෂාව ලබාගෙන තුණුරුවන් මුල්කරගෙන ඒවා සිදු කළා
දරුවාට අකුරු කියවන අවස්ථාවේ අවස්ථාවෙත් අත්පොත් තබා අකුරු කියවන්නේ විහාරස්ථානයේදී විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේ විසින් ඒ දරුවා වැඩිදුර ඉගෙන ගන්නෙත් උන් වහන්සේගෙන් උන්වහන්සේගෙන් බෞද්ධයා ලෙඩදුක් ප දුක් පලදී විහාරස්ථානය කරා ගොස් පිරිත් කියවා ගත්තා යුගදිවියට එළැඹි යුවතිපති දෙදෙනා පළමුව පිය නෑ මේ පන්සලටඑසේ ගොස් භික්ෂූන් වහන්සේගෙන් අවවාද ආශිර්වාද ලබාගත්තා අවමගුලක් වූ විටත් බෞද්ධයා පළමුව යන්නේ විහාරස්ථානයට
භික්ෂූන්ගෙන් අවවාද අනුශාසනා ලබන ඔහු දුක සෝකය නිවාරණය කරගත්ත දිනපතා තෙරුවන් සරණ යාමටත් පන්සිල් රකිමින් ආගමානුකූල ජීවිතයක් ගත කිරීමටත් උපදෙස් ලැබෙන්නේ පන්සලෙන් මෙයාකාරයෙන් විහාරස්ථානය සිංහලයාගේ පෞද්ගලික ජීවිතයේ සංස්කෘතිය දියුණු කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වුණා
විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ තුන් සිවුරෙන් යැපෙන්නා සේ සිංහල බෞද්ධයෝ ද ඉතා සැහැල්ලු ඇඳුම් පැළඳුම් ඇඳ පැළඳුවා විලි වසා ගැනීමත් ශාරීරික උෂ්ණය සමතුලිතව තබා ගැනීමත් ඇඳුම් ඇඳීමේ පරමාර්ථය ලෙස සැලකූ මොවුහු රෙදිපිළි අනවශ්‍ය ලෙස රැස් කළේ නැහැ ඔවුන් පැළඳි ආභරණ ඉතා චාම්
බෞද්ධයාගේ ගමන් විලාසය ඉතා සංවරයි මොනතරම් හදිස්සියකදී වුවත් බෞද්ධයා ගමන් කරන්නේ ඉතා ශාන්තව එකිනෙකා තෙරපෙමින් තල්ලු කරමින් අක්‍රමවත් ලෙස ඔවුන් ගමන් කළේ නෑ එකිනෙකා පසුපස එකිනෙකා යාම ඔවුන් අතර පිළිගත් ක්‍රමය පාරේ යනවිට වටපිට නොබැලීම ඔවුන්ගේ සිරිතයි
තමන් ජීවත්වන සමාජය තුළ ආචාර සම්පන්න පුද්ගලයකු වශයෙන් ජීවත්වීමට මඟ පෙන්වූයේ විහාරස්ථානය .
සිරිත් ඉටු කිරීම බෞද්ධ චරිතයේ උසස් ලක්ෂණයක් තම දෙමව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් ට සැලකීම ඔවුන්ට ගරු බුහුමන් දැක්වීම සිංහලයාට මැනවින් හුරුපුරුදු දෙයක් සිංහල බෞද්ධයෝ ආගන්තුක සංග්‍රහ උසස් කොට සලකනවා බෞද්ධයා ගේ ජීවිතය අල්පේච්ඡයි. භික්ෂූන් වහන්සේගේ වේලක් වළඳා කාය චිත්ත ප්‍රීතියෙන් ජීවත් වන බව ඔවුන් දන්නවා ඒ අනුව තම ජීවිතය හැඩ ගසා ගන්නවා
සිංහල බෞද්ධ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණය පරිත්‍යාගශීලි බව මේ ගුණදහම් ගුණදහම් මිනිසාට හුරු උනේ විහාරස්ථානයෙන් තම කුඹුරේ අස්වැන්න කිරි වැදීම ඇරඹුනු දා සිට කල් මැරීම ගොයම් කැපීම කොළ ඇදීම කොළ පෑගීම අවුවට දැමීම තම ප්‍රයෝජනයට ගැනීම යන හැම අවස්ථාවකදීම අග්‍ර කොටස විහාරස්ථානයට පූජා කිරීම සිරිතක්ව පැවැත්වුණා ගසක මුලින්ම පීදූ ගෙඩිය අලුත් ලිඳ නොයිදුල් වස්සිගෙන්ගෙන් දොවා ගත් මුල්ම කිරි ටික තෙරුවන් විෂයෙහි නොපුරා සිංහල බෞද්ධයා තම ප්‍රයෝජනයට ගත්තේ නෑ ඒ තරම්ම විහාරස්ථානයට අධ්‍යාත්මිකව බැඳී සිටියා
සිංහල සංස්කෘතිය ගොඩ නැගීමට අධ්‍යාපනයෙන් ලැබුණේත් නොමද රුකුලක්
විහාරස්ථානය මුල් කාලයේ සිටම සිංහලයාට අධ්‍යාපනය ලබාදුන් මධ්‍යස්ථානය භික්ෂූන් වහන්සේ ජාතියේ ගුරුවරයා සිංහලයාගේ නුවණැස පාදා දුන් උන්වහන්සේ සිංහල භාෂාවත් සාහිත්‍ය කලා ශිල්ප දියුණු කළා
විහාරස්ථානය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය නිසාම ලාංකිකයා ගේ ජීවිතය සදාචාරවත් වුණා ඔහු ලෞකික සම්පත් කෙරෙහි ආශාව ලිහිල් කරගත්තා පැරණි සාහිත්‍ය ධරයෝ අවංක බෞද්ධයෝ වුණා ඔවුන්ගේ සාහිත්‍ය කෘති තුළින් බෞද්ධ ජීවිතයක සුවඳ වහනය වුණා
සාහිත්‍ය කෘති ආරම්භ වුණේ තෙරුවන් නැමදීමෙන් අනතුරුව අවසන් කළේ නිවන් පැතීමෙන් මේ සිතුම් පැතුම් රටාව සිංහලයගෙ ජීවිතයේ හැම අවස්ථාවකම දක්නට තිබුණා ඒ සාහිත්‍ය ග්රන්ථ නිර්මාණය වූයේ සිංහලයා තුළ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව දක්වනු සඳහායි
සිංහල ජාතියත් බෞද්ධ ශාසනයත් ගහක් සහ පොත් පත් මෙන් එකිනෙකට සම්බන්ධ වුණා
සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය යි සංස්කෘතියයි ඉන් බැහැර සංස්කෘතියක් ගැන ඔවුන් සිතුවේ නැහැ අනාදිමත් කාලයක සිට මෙරට බිහි වූ ජාතික වීරවරයෝ විහාරස්ථානයෙහි සෙවන ලැබුවා
භික්ෂූන් වහන්සේගේ ඇසුර ලැබුවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනතුරකට ලක් වන්නට ඉඩ දුන්නේ නැහැ භික්ෂූන් වහන්සේගේ ඇසුර නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය අනතුරෙන් මිදුනා සිය දිවි පුදා හෝ සංස්කෘතිය බේරා ගැනීමට ඉදිරිපත් වූයේ භික්ෂූන් වහන්සේ ඇසුරු කළ විහාරස්ථානයක සෙවණ ලද සිංහලයෙක්
දුටුගැමුණු රජතුමා කැප්පෙටිපොල නිළමේ තුමා කුඩාපොල ළ නිළමේතුමා කුඩාපොළ හාමුදුරුවන් වාරියපොල සුමංගල නාහිමියන් අනගාරික ධර්මපාල තුමා ආදී ජාතික වීරයන්ගේ චරිත කථා වලින් එය මැනැවින් ම තහවුරු කරගන්නට පුළුවන්
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood