Temples of Sri Lanka

පරපුරක් බබළවන බෞද්ධ සමාජ සේවා

මිනිසා උපන් දා සිට මියයන තෙක් සමාජයේ ජීවත් වෙනවා. ඔහු සමාජ ඇසුර ලබනවා මේ නිසා පුද්ගලයා සමාජ ප්රිය කෙනකු විය යුතුයි. පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතාවය බුදු දහමින් ඇති කිරීමට අවශ්ය උපදෙස් හා ක්රියාමාර්ග ඉදිරිපත් කරලා තියෙනවා.

අවංක බෞද්ධයෙක් සමාජය ගැන කලකිරී සමාජයෙන් පැන යන්නේ නැහැ ඔහු සමාජය තුලම ජීවත් වෙමින් බෞද්ධ ආචාර ධර්ම ප්රායෝගිකව ක්රියාත්මක කරනවා සමාජය පිළිබඳ යථාර්ථය වටහා ගැනීමට නම් තමා ඊට අයත් කෙනෙකු බව පළමුව හිතන්නට ඕන එවිටතමාගේ සියලු ප්රශ්න සමාජයේ පොදු ප්රශ්න බවට ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා

 

සමාජය බොහොම සංකීර්ණයි පුද්ගල හා පරිසරය විෂමතා නිසා සමාජ විෂමතාවය බොහෝ පවතිනවා. පුර්ණ අයිතිවාසිකම් සහිත සාමාජිකයෙක් වශයෙන් පුද්ගලයාටඑහි ජීවත් වීමට ඇති බාධක අනල්ප යි. දුක් පීඩා නිමක් නැහැ. මේ තත්ත්වය නිසා බෞද්ධයා තුල සමාජයේ පොදු දුක් වේදනා තුනී කිරීමේ අභිලාෂයක් ඇතිවෙනවා. සමාජයට බහිනවා. ඒ තුළ ගැටෙනවා. ඉන්පසු සමාජයේ පවතින සංකීර්ණතා විෂමතා දුරලීමට කාලයත් ශ්රමයත් ධනයත් කැප කරනව. එක තමයි සමාජ සේවය. බෞද්ධ සමාජ සේවකයාගේ සමාජ සේවය පරාර්ථ චර්යාව නම්න් හඳුන්වනවා.
එහි තේරුම් අනුන්ගේ යහපත සඳහා ක්රියා කිරීමයි බෞද්ධ සමාජ සේවකයාගේ ආදර්ශයේ ප්රතිමූර්තිය බෝසතාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තම ශ්රාවකයන්ට දේශනා කළේ පරාර්ථය සඳහා ක්රියා කරන්න කියලා. පරාර්ථ සේවය සඳහා විධිමත් සැලැස්මක් ද බුදුදහම ඉදිරිපත් කෙරෙනවා ඒ සැලැස්ම බෞද්ධ බෞද්ධ අත්ථ චරියා නමින් හඳුන්වනවා

 

අවංක බෞද්ධ සමාජ සේවකයා පටු ආත්මාර්ථය ප්රතික්ෂේප කරනවා සෑමවිටම තමන්ගේ සහ ලේ නෑයන් ගේ දියුණුව ගැන ගැන හිතනවා තම දෙමාපියන් සහෝදර සහෝදරියන් සමාජයේ උසස් තත්ත්වයක් කරා ගෙන යාමට වෙහෙසෙනවා එපමණක් නොවෙයි ඥාති සංකල්පය අනෙක් නෑයනුත් ගමේ පිරිසත් දක්වා පුළුල් කරනවා
බෞද්ධ සමාජ සේවය සමාජ සංරක්ෂණය සමාජ සංවර්ධනය යනුවෙන් යනුවෙන් කොටස් වෙනවාබෞද්ධ සමාජ සේවකයා සමාජ සංවර්ධනාත්මක සන්නිෙව්දන පත් කරන්නේ මේ ආකාරයට ඒ හැම වැඩපිළිවෙලක ම අවසාන අරමුණ එකක් එනම් පුද්ගල සංවර්ධනය එනම් පුද්ගල සංවර්ධනයත් සමාජ සංවර්ධනයත් උදා කරවීම මගින් සියළු බැමි ලිහා දමා විමුක්තිය ලැබීම දුකින් නිදහස් වීමයි

 

ගමේ පන්සලේ ධර්මශාලාවක් ක්ෂේත්ර කොට ගනිමින් බෞද්ධ සමාජ සේවා ආරම්භ වෙනවා ගමේ ළමයි තරුණයින් වැඩිහිටියන් එක්සත් කිරීම එහි මූලාරම්භය ධර්මශාලාවේ දීබෞද්ධ ළමා සමාජ තරුණ බෞද්ධ සමිති වැඩිහිටි සමාජ ආදී සාධු සමාජ බිහි කිරීම සමාජ සේවය තවත් පියවරක් මේ සමාජ පිහිටුවීමෙන් ඔවුන්ට පුද්ගල සංවර්ධනය සමාජ සංවර්ධනයසමාජ සේවයේ වැදගත්කම අවබෝධ කරන්නට පුළුවන් මේ මානසික පෙළඹවීම උසස් සමාජ සේවයක්

 

සමාජ සංරක්ෂණය මෙන්ම සමාජ සංවර්ධනය ද බෞද්ධ සේවයට අයත් සමාජ සංවර්ධනයේ පදනම අධ්යාපනය විධිමත් අධ්යාපනයක් ලබා දීමේ අරමුණින් පාසල් දහම් පාසල් ඇරඹීම එබඳු අධ්යාපන ආයතනවලට අවශ්ය ගොඩනැගිලි උපකරණ සපයා දීම ඉතා ප්රයෝජනවත් සේවයක් බෞද්ධ සමාජ සේවකයා නම් අධ්යාපනය සඳහා මෙහිදී පාසල් තරුණ අධ්යාපනය වෙනුවෙන් සාමාන්ය පාසල් වැඩිහිටි අධ්යාපනය වෙනුවෙන් මහත් වෙහෙසක් දරනවාතාක්ෂණික පුහුණුව විද්යා ඥානය සදාචාර පුහුණුවක් හැම දෙනාටම පොදුවේ ලබා දීම එහි වැදගත් ලක්ෂණයක් එමඟින් නූගතුන් උගතුන් කිරීමටත් නැණැස පෑදීමට ත් අපේක්ෂා කෙරෙනවා මේ අනෙක් සෑම බෞද්ධ සේවාවකට ම වඩා උසස් කොට සැලකෙනවා

 

සෞඛ්ය සේවාව තවත් අංශයක් ගෑණුන්ට උපස්ථාන කිරීම උසස් සමාජ සේවයක් බව බුදු සිරිතෙන් ද පෙන්නුම් කරනවා සමාජ සංවර්ධනයට නිරෝගී ජනතාවක් සිටිය යුතුයි ජනතාව නිරෝගි කිරීම සඳහා නිදහස් ආරෝග්යශාලා පිහිටුවීම සංචාරක වෛද්ය සේවා ආරම්භ කිරීම බෞද්ධ සමාජ සේවයක් එසේම රෝහල බෙහෙත් හාල් ආදියට අවශ්ය බෙහෙත් උපකරණ පරිත්යාග කිරීමත් බෞද්ධ සේවාවක්

 

විධිමත් සමාජ සේවා සැලැස්මකට අනුව නිකරුණේ කාලය කා දමන ජන කොටස් ඵකොටස් ඵලදායක කටයුතුවල යෙදවීමට හැකියාව ලැබෙනවා මේ සැලැස්මට අනුව වගාව සඳහා ඉඩම් ලබාදීමත් නිවාස ලබාදීමත් කරන්නට පුළුවන් ඉඩම් හිඟය නිවාස හිඟය නැති කිරීම සඳහා බෞද්ධ සමාජ සේවකයා තමා සතු සියල්ල පරිත්යාග කරනවා
අනුන් ලවා සිය කැමැත්තෙන් පරිත්යාග කරවා ගන්නවා ආහාරපාන ඇඳුම් පොත් පත් හිඟකම නිසා අධ්යාපනය කඩාකප්පල් කර ගත් දුප්පත් ශිෂ්යයින්ට ආධාර කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමත් සුළු කර්මාන්ත බිහි කොට රැකියා විරහිත ජනකොටස්වලට ජීවන මාර්ග සලසා දීමත් බෞද්ධ සේවා ලෙස සළකන්නට පුළුවන් ගම්පලාතේ පුරන් වූ කුඹුරු වතු සාමූහික තරුණ ශ්රමය මගින් සංවර්ධනය කරමින් සමාජ සංවර්ධනය කිරීම තවත් පැත්තක් මේ සියලු කටයුතු බෞද්ධ සේවා වන්නේ සමාජ විරෝධීන් වීමට සිටින යම් පිරිසක් ඵලදායක පුරවැසියන් බවට පත්වන නිසයි

 

බෞද්ධ ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීම සඳහා පුවත්පතක් සඟරාවක් පවත්වාගෙන යාමත් විවිධ මාතෘකා යටතේ සුප්රසිද්ධ දේශනා සංවිධානය කර වීමත් කරවීමත් දුරාචාරයේ අගුණ හා සදාචාරයේ ගුණ පිළිබිඹු කරන නාට්ය චිත්රපට දර්ශන කරවීමත් බෞද්ධ සමාජ සේවය සඳහා ජන සන්නිවසන්නිවේදන මාධ්ය යෙන් ලද හැකි උපකාරය
බුද්ධියත් බෞද්ධ සදාචාරය දියුණු නොවන කිසිදු සන්නිවේදන මාධ්යයක් බෞද්ධ සමාජ සේවා අංශයට අයිති නොවේ-ඒත් සඳහන් සංස්කෘතික මධ්යස්ථාන පිහිටුවීමේ දී බෞද්ධ සමාජ සේවකයා සදාචාර අංශය ගැන සැලකිලිමත් වෙනවා
මේ අනුව බෞද්ධ සමාජ සේවා යනු පොදු සමාජය එක් අරමුණකට යොමු කරන විධිමත් ක්රියාමාර්ග බව පැහැදිලි කරන්නට පුළුවන් ආත්මාර්ථය බැහැර කරමින් පරාර්ථය සංවර්ධනය කළ තරමට බෞද්ධ සමාජ සේවාව අර්ථවත් වෙනවා… ඵලදායි වෙනවා..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

 

 

 

 

You might also like
en English
X
X