Temples of Sri Lanka

සම්මතයෙහි පිහිටා ඔවදන් දෙමු

අනේපිඬු මහ සිටුතුමා විසින් සාදවා පූජා කරන ලද ජේතවනාරාමය ධර්මශාලා ගිනිහල් ශාලා සක්මන් මළු ආදී සියලු විහාරාංගයන්ගෙන් වගේම භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට එකවර වාසය කරන්නට පුළුවන් කුටිගුටි රාශියකින් ද යුක්ත වූවක් වුණා

 

බුදුරජාණන් වහන්සේ සමඟ එහි භික්ෂූන් වහන්සේ සිය ගණනක් වාසය කළා එම භික්ෂු පිරිස අතර උපනන්ද නම් තෙරනු කෙනෙක්ද වාසය කළා උන්වහන්සේ ධර්ම දේශනාවෙහි අතිශය දක්ෂයෙක් බවට පත්ව සිටියා
ගැඹුරු ධර්ම කොටස් සිත් වලට කාවදින ලෙස ලිහිල් ආකාරයෙන් තෝරා දීමේ සුවිශේෂ වූ හැකියාවක් සහිත උන්වහන්සේ මේ හේතුව නිසාම භික්ෂූන් වහන්සේලා වගේම ගිහි සැදැහැවතුන් ද උපනන්ද තෙරණුවන්ගේ ධර්ම දේශනා ඇසීමට බලවත් ආශාවක් පැවතුණා

 

ධර්මය අසා පැහැදුණු සැදැහැවත් පිරිස උන්වහන්සේට නොයෙක් දෙයින් පූජා පැවැත්වුවා මේ හේතුව නිසාම වැඩි වැඩියෙන් තමාවෙත පිරිකර ලැබුණු දුටු
උපනන්ද තෙරණුවෝ ඒවා එකතු කර ගොඩ ගැසීමට බලවත් ආශාවක් දැක් වූවා ශාසනික ප්රතිපත්ති පිරීම අමතක කළ උන්වහන්සේ ධර්මය ප්රචාරය කිරීමේ අදහසට වඩා පිරිකර රැස්කිරීමේ ලෝභයෙන් නොයෙක් ගම් නියම් ගම් කරා ගොස් ධර්ම දේශනා පැවැත්වූවා
මේ ආකාරයෙන් ධර්ම ධර්ම දේශනා පිණිස වැඩම කළ එක් අවස්ථාවක එක් විහාරයක සිටි අලුත පැවිදි වූ සාමණේරයන් වහන්සේ නමක් උන්වහන්සේගේ ධර්ම දේශනය අසා බලවත් සේ පැහැදිලි වී වස් කාලයෙහි තම විහාරයේ වස් වසන්න යයි ගෞරවයෙන් ආරාධනා කර සිටියා

 

වස් අවසානයේ වස්සාවාසික සිවුරු කීයක් පූජා පිණිස ලැබෙන්නේ දැයි උපනන්ද තෙරණුවෝ සාමනේර තෙරුන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි එකක් යැයි උන්වහන්සේ පිළිතුරු දුන් විට වස් විසීමට කැමැත්ත පළ කළ උපනන්ද තෙරණුවෝ එහි තමා සිටින බව තහවුරු කිරීමට ස්වකීය පාවහන් සරල තැබුවා
ධර්මය දේශනාව පිණිස උන් උන්වහන්සේ තවත් විහාරයකට වැඩම කළා වත් ආරම්භ වන කාලය ළං ව තිබුණා එහිදී එහි දී දේශනා කළ ධර්මය ගැන පැහැදුණු විහාරවාසී තෙරණුවන් ආනන්ද තෙරණුවන්ට එහි වස් වසන ලෙස ආරාධනා කළා එම ආරාමයේ වස් විසූ ඔහුට වස් අවසානයේ සිවුරු කීයක් ලැබෙන්නේ දැයි දැයි උන්වහන්සේ විචාලා
ස්වාමීනි දෙකක් යය විහාරවාසී විහාරවාසී තෙරණුවෝ පිළිතුරු දුන්නා එහිදී වස් විසීමට කැමැත්ත පළ කළ උපනන්ද තෙරණුවෝ තමා එහි වස් විසූ බව හැඟවීමට ස්වකීය සැරයටිය තබා නැවතත් තවත් ගමක් කරා වැඩම කළා

 

එහිදී ධර්මයෙහි පැහැදුණු ආරාම වාසි තෙරණුවෝ උපනන්ද තෙරණුවන්ට එම විහාරයෙහි වස් වසන්න යයි ආරාධනා කළා වස් විසූ ඔහුට සිවුරු කීයක් ලැබෙන්නේ දැයි උපනන්ද තෙරණුවෝ පෙර පරිදිම උන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි තුනක් ලැබෙන්නේ ඇයි ආරම්භ වැසි තෙරණුවෝ පිළිතුරු දුන්නා වස් විසීමට කැමැත්ත පළ කළ උපනන්ද තෙරණුවන් මාගෙ දිය කෙන්ඩිය තබා ගියා
මෙසේ උන්වහන්සේ එම වස් සමය උදාවත් ම ධර්ම දේශනා පිණිස තවත් විහාරයට වැඩම කළා එහිදීත් උන් වහන්සේ කෙරෙහි පැහැදුණු ආරාම වැසියෝ හා තෙරණුවෝ උන්වහන්සේට එහි වස් වසන්න යැයි ආරාධනා කළා එහි වස් අවසානයේ සිවුරු හතරක් ලැබෙන බව ඇසූ උපනන්ද තෙරණුවෝ එම ආරාමයේ වස් වසා නැවතුනා

 

වස් කාලය අවසන් වූ පසුව එම විහාරයෙන් ලැබුණු සිවුරු හතරක් රැගෙන තමන් මුලින් පාවහන් සැරයටිය දිය කෙණ්ඩිය තැබූ විහාර තුනට ද ගොස් ඒවායෙන් ලැබුණු වස් වාසික සිවුරු සියල්ල එකතු කරගෙන එම භාණ්ඩ සියල්ල යානයක තබාගෙන ජේතවනාරාමය බලා පිටත් වුණා
එසේ යන අතරමගදී එක් විහාරයක වස් විසූ භික්ෂූන් වහන්සේලා දෙනමකට පූජා පිණිස සාටක දෙකක් සහ පලසක් ලැබී බෙදාගත නොහැකි එකිනෙකා උරණ වෙමින් සිටියා
උපනන්ද තෙරනු එනු දුටු එම භික්ෂූන් වහන්සේලා දෙනම උන්වහන්සේ ධර්මධර බැවින් එය සාධාරණව බෙදා දෙනු ඇතැයි සිතා ස්වාමීනි අපට මේ පිරිකර සාධාරණ ලෙස බෙදා දෙන්න ඉල්ලා සිටියා
මගේ වචන පිළිගන්න කැමති දැයි උපනන්ද තෙරණුවෝ උන් වහන්සේලාගෙන් විමසුවා
ස්වාමීනි අපි කැමැත්තෙමු යි ඔව්හු පිළිතුරු දුන් විට එසේ නම් මේ සාටක දෙක තොප දෙදෙනා ගනුව දහම් දෙසන අප වැන්නවුන්ට මේ පලස පිලිගවව යැයි කියා එම භික්ෂූන් දෙනමට සාටක දෙක දී උන්වහන්සේ පලස ගෙන පිටත් වුණා
මේ විනිශ්චයෙන් නොසතුටට පත් එම භික්ෂූන් වහන්සේලා දෙනම ජේතවනාරාමය වෙත ගොස් බුදුරජාණන් වහන්සේ දැක වැඳ එම සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා

 

උපනන්ද තෙරනුවන්ගෙන් සත්යය ඇසූ බුදුරජාණන් වහන්සේ උන් වහන්සේට තදින් දෝෂාරෝපණය කොට පළමු කොට තමා සුදුසු ගුණයෙහි පිහිටා අනුන්ට අනුශාසනා කළ යුතු බවත් එසේ කරන ඤාණවන්ත පුද්ගලයා කෙලෙසීමට පත් පත්නොවන බවත් වදාරමින් මෙම ගාථාවෙන් ධර්මය දේශනා කළා

 

අත්තානමේච පඨමං
පතිරූපේ නිවෙසයේ
අතඤ්ඤ මනුසාසෙය්ය
නාකිලිස්සෙයිය පණ්ඩිතෝ
“තමා පළමු කොට සුදුසු ගුණ ධර්මයෙහි පිහිටා ඉක්බිති අන්යයන්ට අනුශාසනා කරන්නේය අනුන්ට අවවාද කරන්නට පෙර තමා ගුණ ධර්මයෙහි නො පිහිටීමෙන් ඥානවන්තයා කිළිටි බවට පත්විය යුතු නොවන්නේය”

 

පුද්ගලයාගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා හැම විටම යහපත් මග පෙන්වීමක් අවශ්යයි ඈත අතීතයේ සිටම මිනිසා ට ආගම ධර්මය අවශ්ය වුණේ මේ මඟ පෙන්වීම ලබා ගැනීම පිණිසයි බොහෝ අවස්ථාවල එම මඟ පෙන්වීම මෙලොව ජීවිතය පමණක් නොවෙයි පරලොව සුගතිය පිණිස ද හේතු වන බව ඔවුන්ගේ විශ්වාසය වුණා එහෙත් මාර්ගෝපදේශකයන් වශයෙන් සිටි ඇතැම් අය තමන් කොතෙකුත් වරද කරමින්ම අනුගාමිකයන්ට වැරදි නොකළ යුතු යැයි අනුශාසනා කරමින් දහම් දෙසීමට පුරුද්දක්ව පැවැත්වුණා

 

නිරන්තරයෙන්ම විවිධ විපරිණාමයට ලක් වන ලෝකය තුළ කළ වරදක් සඟවා තැබීම අසීරු කරුණක් එය කුමන අවස්ථාවක හෝ සමාජයට එළිවෙනවා ස්වකීය නායකයා වැරදි කරන්නකු බව දත් විට ඔහු වටා තැනෙන සත්යවාදී පිරිස් අවස්ථාවෙන් ඔහු බැහැර කරනු ලබනවා මේ නිසා බොහෝ අවස්ථාවල සුචරිතයේ නාමයෙන් පැවති බොහෝ සංවිධාන බිඳ වැටුණා
මේ කාරණාව එසේම තමා වැරදි ක්රියාවල යෙදෙමින් අනුන්ට අනුශාසනා කරන්නා කිසිසේත් ගුණගරුක පුද්ගලයකු වන්නේ නැහැ
ඔහු වංචනිකයෙක්. ඔහු සමාජයට කරන අනුශාසනය කකුලුවා තම පැටවාට ලබා දෙනු ලබන ඔවදන වැනිය. කකුළුවා කොතකුත් ගමන් කරන්නේ හරස් අතට එහෙත් උගෙ වරද ඌට නොපෙනේ මව ගමන් කරන ආකාරය බලා සිටින පැටියා එසේ ගමන් කරන විට පැටියාගේ වරද ඌට පෙනෙයි කෙලින් අතට ගමන් කළ හැකිව තිබියදී පැටවා හරස් අතට ගමන් කිරීම ගැන කකුළු මව කොතෙකුත් පැටවාට දොස් පටවා අවවාද කරයි එහෙත් පැටවා ගමන් කරන්නේ මව අනුගමනය කරමින් බැවින් ඌට කිසි දිනෙක නිවැරදිව කෙලින් ගමන් කිරීමට පුරුද්ද ඇති නොවෙයි

 

එසේනම් මග පෙන්වන්නා වැරදි කරමින් අනුගාමිකයන්ට අනුශාසනා කිරීම ඒ හා සමානයි එයින් තමාටත් සමාජයටත් කිසිදු යහපතක් සිදුවන්නේ නෑ
මේ නිසාම සමාජ සංවර්ධනයක් ඇති කිරීමට ඉදිරිපත් වන පුද්ගලයා වංචාවෙන් තොරව තමන් පළමුව නිවැරදි භාවයෙහි පිහිටා සිටිය යුතුයි විචාරශීලී මිනිසා ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටින බැවින් අනුන්ට පුරුදු කළ හැක්කේ තමන් තුළ ඇති ගුණ ධර්මයකි ඒ නිසා තමන් ප්රථමයෙන් ආදර්ශවත් විය යුතු අතර එය ප්රඥාවන්තයාගේ ලක්ෂණයක් බව තහවුරු වෙයි
තමා නිසි ගුණ ධර්මයෙහි පිහිටන විට අනුශාසනයක් සිදු නොකළ ද අනුගාමිකයෝ ඔහු දෙස බලා සිට ඔහුව අනුකරණය කිරීමට පෙළඹෙනවා මේ නිසා ඉතාම වැදගත් දෙයක් වන්නේ තමන් පළමුව ගුණ ධර්මයෙහි පිහිටා සිටීමයි
ඈත අතීත සමාජයට මෙන්ම වර්තමාන මිනිස් සමාජයටත් ඉතා වැදගත් කරුණක් මෙය. අනුශාසකයන් කොතෙකුත් සිටියත් මිනිස් සමාජය නොමඟින් මුදවා ගත නොහැකි තත්වයකට පත්ව තියෙන්නේ අනුශාසක යාගේ පටන්ම එම වරද සාර්ථකව සිදු වන බැවින්. මේ නිසා අනුශාසකයා ප්රථමයෙන් නිවැරදිභාවය පිහිටා දෙවැනි ව අනුන්ට අනුශාසනා කළ යුතු බව බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දීලා තියෙනවා…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X