Temples of Sri Lanka

සංකීර්ණ සමාජයෙන් ධාර්මික රසාස්වාදයක් වෙත …

බුදු සමය අධ්‍යාපන ක්‍රමයක්. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථා සැලසීම එයින් සිද්ධ වෙනවා. බුදු දහම පිළිබඳව දායකයන්ට අවබෝධයක් ලබා දීමත් ඔවුන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව ජනනය කිරීමත් විවේකය ධාර්මිකව ගත කිරීමටත් අවශ්‍ය අවකාශ සැලසීමයි. මේවා පාදක කොට කොට ගෙන නොයෙක් කලාවන් ආරාමය ආශ්‍රය කරමින් පෝෂණය වුණා.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් අපට දායාද වූයේ සදහම් මිහිර පමණක් නොවෙයි. අතිවිශිෂ්ට සභ්‍යත්වය හා සංස්කෘතිය ආලෝකය දිවයින පුරා පැතිරයාමත් එවක් පටන්ම සිදුවුණා .

එය අතීත ශ්‍රී විභූතිය හි නටබුන් වශයෙන් අද දක්වා ආරක්ෂා වී ඇති වෙහෙර විහාර දාගැබ් පිළිම බිතු සිතුවම් ආදිය ලොව මවිත වී ඇත. දුමින්දාගමනය සමග දිවයිනට පැමිණ පදිංචි වූ බව කියැවෙන විවිධ ශිල්පීය දක්ෂතා ඇති කුල පරම්පරාවන් මෙම ශිල්පීය නවෝදයේ ආදී පීතෘවරුන් බව නොඅනුමානයි

භික්ෂූන් වහන්සේ ආශ්‍රමික ජීවිතය ගත කිරීමට පටන් ගත් පසු ආගමික අවශ්‍යතා සඳහා දායකයෝ ද ඒ ආරාම වලට නිතර පැමිණීමට පටන් ගත්තා. මේ නිසාම ආරාමය අවට භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සඳහා දායකයන්ගේ අවශ්‍යතා සඳහාද ගොඩනැගිලි තැනෙන්නට වුණා ආවාසය දානශාලාව පොහොය ගේ පුස්තකාලය මෙසේ භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා පරිදි ඉදිවූ ගොඩනැගිලි. දායකයන්ගේ පුද පූජා හා ධර්මශ්‍රවණය වැනි ආගමික අවශ්‍යතා සඳහා ඉදිවූ ගොඩනැගිලි අතර චෛත්‍ය බෝධිඝරය ධර්මශාලාව වැනි නිර්මාණ වඩාත් වැදගත් කල්යත්ම මේ ආශ්‍රිතව අලුතින් තවත් ගොඩනැගිලි බොහොමයක් ඉදිවුණා.

සුවිසල් චෛත්‍ය හතර පැත්තේ වාහල්කඩ ඉගැන්වීමේ කටයුතු සඳහා පිරිවෙන් භාවනානුයෝගී භික්ෂූන් සඳහා පධානඝර පදානගර මෙසේ වක්‍රව එකතු වූ ගොඩනැගිලි අතර විශේෂයි

ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසු ඉදිකරන ලද ප්‍රථම චෛත්‍ය අනුරාධපුරයේ ථූපාරාමයයි දෙවනපෑතිස් රජතුමන් විසින් මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීම පරිදි කරවන ලද මෙම චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිදන්කර ලදැයි වාර්තා වේ.

මද කලක් ඇතුළත බෞද්ධ වෙහෙර විහාර දිවයින පුරා ඉදි වෙන්නට වූ අතර එය ගෘහ නිර්මාණ ශිල්පය මූර්ති කලාව කැටයම් කලාව හා සිතුවම් කලාව දේශීය මුහුණුවරක් ගනිමින් වර්ධනය වුණා. දෙවන පෑතිස් රජුගෙන් පසුව ලක්දිව රජකමට පත් වුණු සියලුම පාලකයින්ගේ අනුග්‍රහය බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය දේශීය මුහුණුවරක් ගනිමින් ව්‍යාප්ත වීමට හේතු සාධක වුණා.

ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පාලන කාලයෙහි දී වැදගත් ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් ඇති වුණා එතුමා ගේ මාර්ගෝපදේශකත්වය මත ඉදිරි රුවන්වැලි සෑය ලෝවාමහා ප්‍රාසාදය මෙලෙස මිරිසවැටි චෛත්‍ය වැනි ආගමික ස්මාරක ලාංකීය ගෘහනිර්මාණ ශිල්පය හා කලා කෞෂල්‍ය යේ උදාරත්වය පෙන්වීමට සාක්ෂි දරනවා

බෝධීන් වහන්සේ වටා පුද පූජා පැවැත්වීමේ පහසුවට බෝධිඝරයක් ඉදිවූ බව ලැබී ඇති නටඹුන් වලින් තහවුරු වෙනවා. දැනට බොහෝ දුරට ආරක්ෂක තත්වයෙන් තිබෙන එකම බෝධිඝරය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිල්ලක්කම පිහිටා තිබෙන බවට සාක්ෂි ඇත්තේ බුදු පිළිම වන්දනය ඇරඹෙන්නට පළමු වජ්‍රාසනය පිහිටුවා ඒ මැදිකොට ගොඩනැගිලි තැන වූ බව පේනවා. ආසනඝර නමින් හැඳින්වෙන මෙවැනි ගොඩනැගිලි ගණනාවක නටබුන් ලංකාවේ පළාත් කීපයකින්ම හමුවී ද තිබෙනවා

අනුරාධපුරයේ මහා විහාරය අභයගිරිය ජේතවනය යන ප්‍රධාන ආරාම වටා ඉදි වුණු ආවාස බුදුමැදුර පොහොය ගෙවල් දානශාලා සන්නිපාත ශාලා පුස්තකාල පධානඝර පොකුණු ආදියෙන් නටබුන් විශාල සංඛ්‍යාවක් අද දකින්නට තියෙනවා මහා විහාරයේ පොහොය ගෙය වන ලෝහ ප්‍රාසාදය මුල දී මහල් නවයකින් යුක්ත ව දුටුගැමුණු රජු විසින් කරවන ලද්දක් .

අභයගිරියට අයත් රත්න ප්‍රාසාදය හා කුට්ටම් පොකුණ පොකුණ නටබුන් වලින් හෙළි වන්නේ ඒවා විශිෂ්ඨ ගණයේ කලා කෘතීන් බව ජේතවනාරාමය අසල මහල් කීපයකින් යුතු බුදු මැදුරක්ද නටබුන් වශයෙන් තිබිලා තියෙනවා

පොළොන්නරු යුගයේ ගොඩනැඟිලිවලට ගඩොල් භාවිතය වැඩියෙන් තිබුණු බවට තොරතුරු ලැබෙනවා දැනට ඉතිරි වෙලා තියෙන ගොඩනැගිලි අතර තිවංක පිළිම ගේ ලංකාතිලක ථූපාරාමය හා රන්කොත් වෙහෙර ආගමික ගොඩනැගිලි වශයෙන් වැදගත් තැනක් ගන්නවා ගලින් නෙලූ පිළිම සහිත ගල් විහාරය ද ඉතා අගනා විශිෂ්ට නිර්මාණයක් ලෙස අදටත් පවතිනවා

මූර්ති ශිල්පය හෙවත් පිළිම නෙළීමේ කලාව ද ආගම ආශ්‍රයෙන් ඉතා ඉහල දියුණුවක් ලැබුවත් අනුරාධපුරය හා පොලොන්නරු යුගවල අයත් බුදු පිළිම හා බෝසත් පිළිම රාශියක් අපට ලැබී තිබෙනවා

අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව මහාකාරුණිකයාණන් වහන්සේ ගේ උත්තරීතර මානුෂීය ගුණාංග කළුගලට කැවීමට සමත්ව ඇති අසිරිමත් නිර්මාණයක්

තොලුවිල සමාදි සමාධි බුද්ධ ප්‍රතිමාව අභයගිරිය ආසන්නයේ ඇති පිළිම අතිවිශිෂ්ට හිඳි පිළිම දෙකක් බව දැනටත් පිළිගැනෙනවා අවුකන හිටි පිලිමය සහ පොළොන්නරුවේ ගල්විහාරයේ නිමවා ඇති බුදු පිළිම උසස්ම කලා ලක්ෂණ ප්‍රදර්ශනය කරන පිළිම අතරට ගැනෙනවා ගලින් මැටියෙන් හා ලෝහ වර්ග වලින් තනන ලද බුදුපිළිම හා බෝසත් පිළිම රාශියක් පුරාවිද්‍යාඥයන් විසින් ලංකාවේ බොහෝ පළාත්වලින් කැණීම් කරමින් සොයාගෙන තිබෙනවා

බුදු මැදුරු දාගැබ් වෙනත් පූජනීය ස්ථාන ගොඩනඟන ලද්දේ පිහිටි පොළවට අඩි කිහිපයක් උස වේදිකාවක් මත වේදිකාවට නැගීම සඳහා නිර්මිත පියගැටපෙළ දෙපස කැටයම් කලාවේ මනහර නිර්මාණ බිහිකිරීමට ශිල්පියාට ඉතා හොඳ ස්ථානයක් විය

ඔහු පියගැටපෙළ හි පලමු පඩිය ලෙසින් අර්ධ කවාකාරව සඳකඩ පහණ නිමවූයේ පියගැටපෙළ දෙපස අත්වැල වෙනුවට කොරවක් ගල් දෙකකි.කොරවක් ගල් ඉදිරියේ සඳකඩ පහණ දෙපැත්තේ මුරගල් දෙකක් නිර්මාණය කළා පියගැට දෙකක් අතර තීරුව වාමන රූපයෙන් අලංකෘත කෙරුණා ගොඩනැගිලි වහල දරා සිටින කුළුණු හිස කැටයමින් සැරසීම අමතක නොවූ දෙයක් සඳකඩ පහණ ද මුරගල ද ඇතැම් කොරවක්ගල් ද කැටයම් ශිල්පීන්ගේ කලා නිපුණතාවය මනාවට ප්‍රකට කිරීමට අවස්ථාව සලසා දුන් නිර්මාණ බවට පත් වුණා

චිත්‍ර ශිල්පීය දියුණුව සඳහා ආරාමික ගොඩනැගිලි කීපයක් ඉවහල් වූ අතර මුලදී භික්ෂූන් වහන්සේගේ ආවාස යනු ගුහා වල වාහන චිත්‍ර කර්මයෙන් සරසා තිබුණා පර්වත පිහිටි ගිරි ගුහා සිය දහස් ගණනක් භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා යොදාගෙන තිබුණු බව ඒ ගුහාවල කොටා ඇති ශිලා ලේඛනයන් ගෙන් කියවුණා .මේ ගුහා අතරින් සමහරක චිත්‍ර ද තිබුණු බව සාහිත්‍යයෙන් ලැබී ඇති නෂ්ටාවශේෂ චිත්‍ර කැබලිවලින් පෙනෙනවා. නිදසුනක් වශයෙන් හිඳගල සීගිරියේ දඹුල්ල හා වාරණ ලෙන් දැක්විය හැකියි

බුදු මැදුර විශේෂයෙන් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා හා ජාතක කතා චිත්‍රයට නගා ඉදිරිපත් කළ ස්ථානයක්. මේ සම්බන්ධ විශිෂ්ට නිර්මාණ පොළොන්නරුවේ තිවංක පිළිමගේ හා දඹුල්ලෙන් හමුවෙලා තිබෙනවා. විශාල චෛත්‍ය වන ගර්භය තුළ චිත්‍ර කර්ම කළ බව වංශකතා වලත් කියවන්නට ලැබෙනවා. මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයෙහි ඇඳ තිබුණු සිතුවම් පුරාවිද්‍යාඥයන්ට හමුවීමෙන් මෙය සත්‍ය බව තහවුරු වෙනවා. ලංකාවේ සෑම ගමකම නගරයකම විහාරස්ථානය දීලා තියෙනවා .බොහෝ විහාරස්ථාන ආවාසයට බෝධියට ධර්මශාලාවට සීමා වූ ස්ථාන නොව චෛත්‍යය පොහොය ගේ බුදු මැදුර ආදී ගොඩනැගිලි ගණනාවකටද හිමිකම් කියන තැනක්. සැදැහැවත් ජනතාව වෙහෙර විහාර වල විවිධාකාර කලා නිර්මාණ සඳහා අදත් දායක දායකවෙනවා.

එසේම වන්දනාවේ යෙදෙමින් කර්මය පුනර්භවය වැනි බෞද්ධ ඉගැන්වීම් දැන ගනිමින් බුද්ධ චරිතය හදාරමින් ධාර්මිකව ජීවිතය ගත කිරීමට බෞද්ධයන් පුරුදු වෙලා සිටිනවා. නටබුන් වශයෙන් ඉතිරිවෙලා තියෙන වෙහෙර විහාරප්‍රතිසංස්කරණය කිරීමේ උනන්දුවක් දැනුදු ජනතාව අතර පවතිනවා .

මේ නිසා පන්සල කේන්ද්‍ර කොට ගනිමින් බෞද්ධ කලා ශිල්පයන්ගේ දියුණුව තවදුරටත් සිදුවන බව නිසැකවම කිව හැකියි. සංකීර්ණ සමාජයක වෙසෙන වර්තමාන ජනතාවගේ සිත් සතන් ධාර්මිකව රසාස්වාදයට යොමු කොට සිතේ ඒකාග්‍රතාවය හා සැනසීම ලබා දෙන බෞද්ධ කලා ශිල්පයන් කෙරෙහි අවධානය යොමු කිරීම බෙහෙවින් අවශ්‍ය කාලෝචිත කාරණයක් ..

සහෝදරත්වයෙන් එක

You might also like
en English
X
X