Temples of Sri Lanka

උතුම් තුන් රුවනේ සරණ ලැබේවා…

බුදුරජාණන් වහන්සේ සරණ යෑම ,ශ්රී සද්ධර්මයේ සරණ යෑම, ඒ ධර්මය අනුව අනුගමනය කරන ප්රතිඵල ලැබූශ්රාවකයන් සරණ යාම, සිදුවනවා නම් අපට පැහැදිලි අවබෝධයක් අවශ්යයයි අපි සරණ ගියපු ධර්මයේ ඇතුළත් වෙලා තියෙන්නෙ මොනවද කියලා දැනගන්නට…

 

ඒ අවබෝධය නැත්නම් අපි ධර්මය හැටියට එක එක දේවල් කියන්නට පෙළඹෙයි අවබෝධයක් තියෙනවා නම් එහෙම සිදුවන්නේ නැහැ ශ්රාවකයන් සියයක් ගත්තත් ඒ සිය දෙනාම කතා කරලා තියෙන්නේ ඒ තුළ තියෙන එකම අර්ථයක් විය යුතුයි අන්න එතැන හරි දෙයක් නම් ඒ හරි දේ එතැන තියෙනවා..

 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරන්න ගිහින් එතැන වාදයක් හට ගත්තොත්…එතන එක ශ්රද්ධාවක් වෙත රොක්වුණු පිරිසක් දකින්නට ලැබෙන්නේ නැහැ ශ්රද්ධාව ක ට පැමිණෙන පිරිසක් තුළ තියෙනවා ධර්මයේ ඉස්සරහ හිස නමන පැවැත්මක් බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ දේශනාවට ගරු කරනවා කියන පැවැත්ම… එයා හිස නමනවා ඒ ධර්මයට, එහෙම නැතුව විකෘති අර්ථ කියන්නට යෑමක් ඒ සිදුවන්නේ නැහැ අලුත් අර්ථ දීමටත් එහිදී පෙළඹවීමක් නැහැ.
මෙතන තමයි ශ්රද්ධාවන්ත ශ්රාවකයා සොයා ගන්න තියෙන මිම්ම.

 

බුදුන් වහන්සේගේ ධර්මය කෙනෙකුට පැහැදිලිව අහන්න ලැබිලා නැත්නම් නුවණින් සිරි කරන්න ලැබිලා නැත්නම් පැහැදිලිව තේරුම් අරගෙනත් නැත්නම් වටහාගෙනත් නැත්නම් එක පියවරක් පියවරක් පාසා සැක කරන්නට පටන් ගන්නවා.. හරියට අන්ධ ඇතෙක් කැලේක යනවා වගේ. ඕනෑම කෙනෙකුට ඒ කෙනාව රවට්ටන්නට පුළුවන් නමුත් අවබෝධයෙන් ම ධර්මයේ හැසිරෙන පුද්ගලයෙකුට මේ ලෝකෙ කාටවත් රැවටීමක් සිද්ධ කරන්නට බැහැ එයා බුද්ධ දේශනාව තුළ ම ශ්රද්ධාව පිහිටුවා ගෙන ජීවත් වෙනවා…

 

මේ ආකාරයෙන් ආර්ය අෂ්ටාංගිකඨාංගික මාර්ගය තුළ ගමන් කරනවා කියන එක ජීවිතයක සිදුවන ආශ්චර්යමත් සිදුවීමක් හොඳට සැලසුම් සහගතව නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය තුළට ටිකෙන් ටික ගලප ගලපා ගනිමින් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇතුලට ගමන් කරන්නේ .ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලට ගියොත් ඔබ පිරිනිවන් පානවා .ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වුනොත් අනන්ත සංසාරයේ ඔබ ගෙවාගෙන ආපු දුක සදහට ම ඉවර කරනවා.ඔබ කවදාවත් නිරයක නම් වැටෙන්නේ නැහැ. ඔබ කවදාවත් තිරිසන් ආත්මයක උපදින්නේ නම් නැහැ කවදාවත් පෙරේතයෙක් වෙන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වුණොත් සතර අපායට ගෙනියන කර්ම ඔබේ ජීවිතයෙන් සදහටම නැතිවෙලා යනවා ඒක තමයි දුකෙන් නිදහස් වීම පිණිස ජීවිතයට තියෙන එකම විසඳුම..

 

කිසියම් පුද්ගලයකුට මේ පිළිබඳව නියම අවබෝධයක් ඇති වුනොත් එයා විඳීම කෙරෙහි කලකිරීම පිණිස ඇල්ම නැතිකම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්රතිපදාවේ යෙදෙනවා අන්න ඒ කෙනාට අපි නියම මාර්ගය අවබෝධ කරගත් පුද්ගලයෙක් කියලා හඳුන්වනවා
ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් නුවණින් විමසන්නට පුළුවන් පුලුවන් කෙනෙක් තමයි මේ තත්වයන් සියල්ල අවබෝධ කරගන්නේ
ජීවිතය ගැන හිතන්නට බැරි කෙනාට කිසිම වගක් නැහැ ඒ කෙනාට කිසි බයකුත් නැහැ ඔහේ ඉන්නවා කෑවා ඇන්දා හිනාවෙවී ඔහෙ ජීවත් වුණා දන්නෙම නැහැ සිහි මුළා වෙලා මරණයට පත්වෙනවා
වැඩිපුරම ඉන්නේ ඒ ගොඩේ අය තමයි බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට වදාළා මේ මිනිස් ලෝකේ ජීවත් වෙන මිනිසුන් අතර මහපොළොව වගේ පිරිසක් ඉන්නේ ඒ ගොඩේ කියලා.

 

උන්වහන්සේ නිය පිටට පස් ටිකක් අරගෙන පෙන්නුවා ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පුළුවන් අය කල්පනා කරන්නට පුළුවන් අය ආර්ය සත්යය අවබෝධ පිණිස බුද්ධිය මෙහෙය වන්නට පුළුවන් අය ඉන්නේ ඒ වගේ සුළු පිරිසක් කියලා
මේ විදියට බලනකොට බලන්න අපට මේ කියන බුද්ධ දේශනාව මොනතරම් ආශ්චර්යමත්ද බුදුරජාණන් වහන්සේගේ බුදුරජානන්වහන්සේගේ ප්රඥාව හරිම විශ්මයජනකයි හැම බුද්ධ දේශනාවක් තුළින් ම අපට පේන්නේ උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා .

 

මේ දේශනාව අපට ලැබිලා තියෙන්නෙ උන්වහන්සේ තුළ තිබිච්ච බුද්ධ ගුණය නිසා අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්ය ධර්මය අන් අයට කියා දුන්නා ඒ විතරක් නොවෙයි උන්වහන්සේ සත්ථාදේවමනුස්සානං.
දෙවියන්ටත් නායකත්වය දෙනවා මිනිස්සුන්ටත් නායකත්වය දෙනවා දෙව් මිනිස් ලෝකයා ට නායකත්වය ලබා දෙනවා මේ දේශනාවලින් ඒක හොඳටම පැහැදිලි වෙනවා
ඉතින් මෙපමණ ගුණ සමුදායක් සහිත උතුම් තුනුරුවනේ ගුණය අපට ලැබීම ඉමහත් භාග්යයක්… නිරන්තරයෙන් සිහිපත් කරන්නට අවශ්ය වන්නේ මේ තුන් රුවනේ ගුණය තුනු රුවනේ ආශිර්වාදය අපිට නිරන්තර ශක්තියක් ලෙස ජීවිතයට ලැබේවා යන්නයි….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X