Temples of Sri Lanka

සංවර බවේ වැදගත්කම…

සංවරය පිහිටුවා ගනිමු

මල් වලට බොහෝ දෙනා ප්‍රිය කරන නිසාම බොහෝ දෙනා එකක් හෝ කිහිපයක් වවා ගැනීමට වෙහෙසෙනවා .මල් පැළ සිටුවා ඒවාට හොඳින් සාත්තු කරනවා .මල් පිපුන හම ඒවා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ගන්නවා.

හිසෙහි පළඳිනවා. මල්දම් දමා ගෙලවට පළඳිනවා .නොයෙක් සැරසිලි සඳහා ගන්නවා. මෙබඳු වැදගත් කටයුතු වලට මල් යොදා ගන්නේ එහි වටිනාකමක් තිබෙන නිසයි. ඒ වටිනාකම නම් මල් එහි පවත්නා වූ වර්ණයත් සුගන්ධයක් වෙයි. කාගේ උනත් අගය වැඩි වන්නේ මේ අංග දෙකම පවත්නා විට යි.

දිනෙන් දින සංවර්ධනය වන දරුවාද මලක් හා සමාන වෙයි. කවුරුත් ඔහුට ප්‍රිය කරයි. වැඩිහිටියෝ ඔහු ගැන මහත් බලාපොරොත්තු තබති. මල් නිසා ගස් බලන්නාක් මෙන් වැඩෙන ළමයා නිසා රට බබළයි. මල් වැදගත් කටයුතු වලට යොදා ගත හැක සේම වැඩෙන ළමයා ද අනාගතයෙහි රටේ වැදගත් කටයුතු වලට යොදා ගත හැකියි.

මලක වටිනාකම රැකගන්නට වර්ණය මෙන්ම සුගන්ධයන් අවශ්‍ය වන්නා සේ දරුවෙකුගෙ වටිනාකම රැකගන්නට ගුණ නුවණ දෙකම අවශ්‍ය වෙයි. හොඳ ගති පැවතුම් නුවණ නම් වේ. හොඳ නොහොඳ වටහා ගැනීමට පුළුවන් කම හා නුවණින් හොඳ නොහොඳ තෝරා ගෙන මනා ගති පැවැතුම් ඇතිකර ගැනීම සංවරය ලෙස හඳුන්වමු

පාසලක ඉගෙන ගන්නා ළමයි හැමදෙනාම ගුරුවරුන්ට කීකරුව මනා ගති පැවතුම් ඇතිව සිටී නම්, එය කෙතරම් අගනේද.. එබඳු ළමයින් සංවරවූ දරුවන් ලෙස හඳුන්වමු .

බුදු දහමට අනුව පුද්ගලයකුගේ සංවර විය යුතු අංශ තුනක් පිළිබඳව සාකච්ඡා කරයි. කය වචනය, සිත, යනු ඒ තුන් දොරයි.

තුන්දොර නමින් හඳුන්වන මේවා පිළිබඳව සැම පුද්ගලයකුම ක්‍රියා කරයි. ශරීරයේ හික්මවා ගැනීම කාය සංවරය යි. වචනය නම් කතා කරන දේ එහි සංවරය වචී සංවරය යි.මනස සංවර කර ගැනීම මනෝ සංවරයයි.

පළමුකොට කාය සංවරය වචී සංවරය දෙක හඳුනා ගැනීම අවශ්‍යයි සංවරයට බුද්ධ ධර්මයෙහි සීලයයි කියනු ලබයි බෞද්ධයකු සමාදන් වන පංච ශීලයෙන් මේ දොරවල් දෙක සංවර වෙයි

පුද්ගලයෙකු අතින් නිතර සිදුවිය හැකි වැරැදි පහකින් ඈත් කිරීම මේ සිල් පද පහෙන් සිදුවෙයි .එහි එන සතුන් මැරීමෙන් වෙන්වීම නුදුන් දේ ගැනීමෙන් වෙන් වීම වැරැදි ලෙස කම්සැප යෙදීමෙන් වෙන්වීම මත්පැන් පානයෙන් වෙන්වීම යන සතර කාය සංවරය ට ඇතුළත් වෙයි.

මේවා පිළිපැදීමෙන් කය හික්මවා ගැනීම කාය සංවරය ලෙස හඳුන්වයි මේ සංවරය පුද්ගලයෙකුට අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක වචනයෙන් සංවර වීම වීමෙන් අංශ හතරක් ඇත බොරු නො කීම කේලාම් නොකීම පරුෂ වචන නොකීම හිස හිස් වචන නොකීම යන මේවා මේවා වචනය හික්මවා ගැනීමට අදාළ වෙයි අදාල වෙයි.

පන්සිල්වල ඇතුළත් කොට ඇත්තේ වචනයෙන් සංවර විය හැකි එක් අංශයක් වූ බොරු කීමෙන් වෙන්වීම පමණි. බොරු නොකියන තැනැත්තාට වචනයෙන් සිදුවන අනෙක් වැරදි වලින් පහසුවෙන් වෙන් විය හැකියි. එසේ බොරු නො කීමෙන් වචනය හික්මවා ගැනීම වචී සංවරය ලෙස හඳුන්වයි මේ සංවරයද පුද්ගලයකු තුළ අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක

කාය සංවරය හා වචී සංවරය බුද්ධ ධර්මය ඉගැන්වීමේ හික්මවීමේ මාර්ගයෙහි මුල් අවස්ථාවයි. හොඳ කෙනෙකු වීමට නම් පළමු කොට ශීල වන්තයෙකු විය යුතුයි .කෙනෙකු ශීල වන්තයෙකු වන්නේ කය වචන දෙක සංවර කර ගැනීමෙන් මෙසේ සංවර වූ පුද්ගලයා සුවඳවත් වෙයි. එම ගුණ සුවඳ හැම සුවඳකටම වඩා අගනේ ය

ලෝකයෙහි නොයෙක් සුවඳ වර්ග තිබුණත් සමහරක් ඇඟ ගල්වන සුවඳ ආලේපන වර්ග සමහරක් සුවඳ මල් වර්ග එම සුවඳ වර්ග පැතිරී යන්නේ දුරක් පමණයි.

ගුණ සුවඳ හැම තැනම පැතිරේ.. ගුණවන්ත යගේ කීර්තිය දස දෙස පැතිරේ. බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වීමට එදා දඹදිව විසූ බොහෝ ජනයා දෙව්ලොව දෙවියෝ බ්‍රහ්මයෝ ද පැමිණියහ. උන්වහන්සේගේ ගුණ සුවඳ හැම තැනකම වැදීගෙන නිසා ඔවුහු එසේ පැමිණෙන්නට ඇත. ලෝකයෙහි වෙසෙන කෝටි ගණනක් ජනතාව ද අද උන්වහන්සේට ගරු කරන්නේ වඳින්නේ පුදන්නේ ඒ ගුණ සුවඳ හැම කල්හිම නොඅඩුව පවත්නා හෙයින්.

කය වචන යන දොරවල් දෙක සංවර කර ගැනීමෙන් පසු සංවර කරගත යුතු තවත් දොරක් ඇත එනම් සිතයි.

යම් තැනැත්තෙක් ඔබට නිකරුණේ දොස් ලැබුවේ යැයි සිතන්න එබඳු අවස්ථාවකදී ඔබට තරහක් ඇති වන්නට පිළිබඳ එහෙත් ඔහුගේ මෝඩකම යැයි සිතා හෝ කරුණු හරි හැටි තේරුම් නොගැනීම නිසා හෝ වෙනත් කිසියම් කරුණක් නිසා හෝ එසේකළ බව සිතා ඔබ තරහ යටපත් කරගැනීමට ඔබට හැකි වුවහොත් එය සිතෙහි සංවර වීමක්.

මෙසේ සිතට නැගී එන වැරදි අදහස් වලට ඉඩක් නොදී මෙන්, සිත නැමැති දොර සංවර කර ගත හැකියි. මේ සංවරයද පුද්ගලයෙකුට අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. එසේ පුද්ගලයෙකුගේ තුන්දොර හික්මවා ඔහු තමාටත් සමාජයටත් හිත වත් ගුණවතෙකු කිරීමට බෞද්ධ ඉගැන්වීම් ඉගැන්වීමේ ස්වභාවයයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X