ලෝකයේ හැම පැරණි සංස්කෘතියකටම වගේ පදනම වෙලා තියෙන්නෙ ආගම සහ විශ්වාසය .ආගමික විශ්වාසය බිහිවෙලා තියෙන්නෙ ඒ සංස්කෘතීන් අයත් ජන සමූහයා වාසය කළ ප්‍රදේශයන්හි පරිසරය සහ ස්වභාවික වස්තු බලපෑමෙන්.වෛදික සංස්කෘතිය එයට හොඳට නිදසුනක්.
ස්වාභාවික වස්තූන්ගෙන් සහ පරිසරය ඇසුරෙන් තමන්ට පැමිණි බිය, කරදර, උවදුරු, ආදිය නිසා ආදි යුගයන්හි විසූ මිනිස්සු එම වස්තු කෙරෙහි බියෙන් තැතිගෙන ඒවාට ගරු සරු දැක්වීමට පටන් ගත්තා .
මුල දී ඒවාට බිය වුණත් මිනිස්සු කල්යාමේදී උවදුරුවලින් මිදීමට, පිහිට ලබා ගැනීමට, හා සැප සම්පත් දියුණු කර කරගැනීමට, ඒවා ඇදහීමට පුද පූජා පැවැත්වීමට පෙළඹුණා. තවත් කාලය ගෙවී යද්දී ඒවා දෙවියන් ලෙස සලකා දෙවියන් නිරූපණය වන පරිදි පෙති පිළිම දෙවොල් ආදිය තනා පුද එම දෙවිවරුන්ගේ ගුණ මහිමය ආදිය වනමින් ස්තුති කරමින් ද ගී රචනා කර පුද පූජා යාගහෝම ආදී අවස්ථාවන් හි ගායනා කරන්නටත් වුණා. එසේ දේව භක්තිය දියුණුව කරා යන අතර එය ඇසුරෙන් චිත්‍ර ,මූර්ති, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්ප, කලාවන් ආදිය ආගමික අදහස් විකාශනය වීමෙන් අගනා සංස්කෘතීන් බිහි වුණා.
පසුකාලීනව ප්‍රාථමික ආගමික විශ්වාස කල් යාමෙන් මිනිසාගේ නුවණ මුහුකුරා යාමත් සමඟ විකාශනය වී සංවිධානාත්මක ආගමික සංස්ථා සහ දර්ශන පහළ වුණා. ඒ අනුසාරයෙන් ඉදිරියට ගමන් කළ චින්තකයෝ දෙවියන් මැවීම, ලෝකය, ආත්මය, යහපත් ජීවිතය, පින් පව්, කර්මය, දුක සැප ,පරලොව, නිරය ,විමුක්ති, ආදිය ගැන විවිධ ගැඹුරු අදහස් පළ කළා. මිනිස් සමාජයේ මුල් බැසගත් මේ අදහස් වෙනස් වෙවී විකාශනය වී අදත් ප්‍රවාහයක් මෙන් ගලාගෙන යනවා.
විශ්වාස කළවුන් අතර දේවත්වය විමුක්ති සුවය පසක් කර ගැනීම සඳහා විරිය කළ යුතු වත් පිළිවෙත් යාග හෝම සාරධර්ම ආදිය දියුණු වුනා. මේ සියල්ලම කරන ලද්දේ විවිධ බලවේග මගින් මිනිසාට පැමිණි උවදුරු කම්කටුලු මැඩ නිරතුරුවම ජීවිතය වෙළා ගෙන පවතින දුක් කරදර දුරු කරගෙන සුවය සතුට ළඟා කරගන්නටයි.
බුදු සමය අනුව, සංසාරේ ලෝකය ජීවිතය නොතිර නොපවතින අසාර දුකින් පිරි දුකෙහි ගැලුණත්, එම දුක් හට ගන්නේ සැප විඳීම සඳහා අප තුළ පැහි පැහී තිබෙන ආශාව නිසයි .නිවන නම් එම ආසාවෙන් මිදීමයි. එය කළ හැක්කේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙන්.
අපේ නැණස ඒ තණ්හාව නම් ඝණදුරු පටලයෙන් මුවා වී ඇත. එහෙයින් ඒ අඳුරු පටලය අතර අපේ පසිඳුරන්ට ලක් වන දේ අපට හැඟෙන්නේ සැප ලෙසිනි. ඇති ලෙස ජීවිතය පිරී ඇත්තේ දුක් දොම්නස් වෙහෙස කම්කටොලූ ආදියෙන් සැප විඳීම යයි අප කරන්නේ මොහොතකට ඒවා මග හරවා ගැනීමයි. එම නිසා සැප විඳීමේ යැයි කරන්නේ නිරතුරු ජීවිතයේ වැළඳගෙන පවතින වේදනාවන්ට දුක් වලට පිළියමක් විනා සැප විඳීමක් නොවේ. ඒ සඳහා ද බලවත් වෙහෙසක් දරන්නට සිදුවෙයි. එහෙයින් සැප විඳීම සඳහා ගන්නා වෑයම ඉතා දුකක්.
අප සැප විඳින්නේ යයි කරන්නේ දුක් වලට පිළියම් බව ඉහත දැක්වේ. ආහාර පාන ලැබීම සැපක් ලෙස සැලකේ. කෑම ගන්නේ කුසගින්න නිසාය. කුසගින්න වේදනාවක් .ආහාර ගන්නේ එම වේදනාව සංසිඳවා ගැනීමට. එහෙයින් ආහාරය සාගින්න නැමැති වේදනාවට පිළියමක්.
බඩගින්නක් නැතහොත් අප ආහාර ගනිමු ද? කුමක් හෝ වේදනාවකින් පෙළෙමින් සිටින කෙනෙක් ඒ සඳහා පිළියමක් කර ඉන් ලැබෙන අස්වැසීම නිසා සතුටක් ඇතිවේ. එහෙයින් ඒ දුක ඇතිවේ. එහෙයින් ඒ දුක කරන පිරිසක් යැයි හැඟේ. දහඩිය දමන වේලාවක විදුලි විදුලිපංකාව ක්‍රියාත්මක කළ විට සුව හැඟීමක් ඇතිවේ. එහෙත් එය තාවකාලික පිළියමක් වෙනස් වූවක් නොවේ. සුවයක් නො වේ යැයි සිතන සියල්ලම එබඳුය. ජලය මතුපිට පාසි ඉවත් කළ විට වතුර මතුවන ලෙසින් යම් කිසි ක්‍රියාවක් වේදනාවට ඉවහල් වේ. දදය කසන විට දැනෙන සනීපය වැනි ය. එහෙත් මොහොතකින් එම සනීපය අතුරුදහන්වී පෙරටත් වඩා වේදනාවක් ගෙන දෙයි.
යළි පැමිණෙන දුක් වේදනාවන් ඈත් කිරීමට ද පුන පුනා පිළියම් කළ යුතුය .වෙහෙසිය යුතුය. එහි නිමාවක් නැත. මුළු ජීවිතය පුරාම අප සැප විඳීම නමින් කරන්නේ මතුවන දුක මැඩීමට වෙහෙසීමයි. හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ සැප විඳීම ටයි. එහෙත් හැම ආගමක් මගපෙන්වන්නේ දුක් නැතිකර සැප ලඟා කරගන්නා පිලිවෙල ගැනයි. එහෙයින් ආගම අදහන්නේ සැප සතුට සැනසීම ලැබීමටයි .එසේ නොවේ නම් ආගම කින් ඇති වැඩක් නැත .බුදු දහමින් සුවය ලබන මඟ පෙන්වා දී ඇත. ගමන් කිරීම අපේ වැඩකි.
සුවසේ මේ දහම් මගෙහි ගමන් ගන්න ඔබට සුභාශිංසන…..
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood