Temples of Sri Lanka

ධර්මය, සිහින සිත හා යථාර්ථය…

හිතට එකඟව ක්‍රියා කරන්න, යනුවෙන් වැඩිහිටියන් විසින් කරනු ලබන ආවවාදය අපට නිතරම අසන්නට ලැබේ.එහෙත් සෑම ක්‍රියාවක්ම කිරීමට පළමුවෙන් අප සිතිය යුතුය. එසේ නම් මේ කියමනේ තේරුම කුමක්ද? මෙහිදී සිතට එකඟව යනුවෙන් අදහස් කළේ සිතේ ශිෂ්ට කොටසට එකඟව නොහොත් සිතේ සදාචාරය පාලනය කරන කොටසට එකඟව යන්නයි .

සිතට එකඟව ක්‍රියා කරන්න යන වැකිය නිස්සාර අර්ථශුන්‍ය වැකියක් නොවේ. උගුරට හොරා බෙහෙත් කන්න එපා යැයි ඇතැම් විට ගැමියා කියයි. මෙයද ඉහත කී වැකියට සමාන වැකියකි. උගුරට හොරා බෙහෙත් ගන්න බැරි ඇයි…? තමාගේ වරද තමා ම දන්නා බැවිනි. අනික් වචනවලින් කියතොත් තම පියවි සිතට විරුද්ධව තමා තුළම ශිෂ්ට කොටසක් ඇති බැවිනි .

පියවි ලෙස කටයුතු කරන මිනිසාත් තිරිසනා අතරත් වැඩි වෙනසක් දක්නට නැත. ඊට හේතුව මේ දෙදෙනාම උද්වේග හා ආවේග විසින් පොලඹවනු ලැබීමයි. මිනිසා තිරිසනාට වඩා වෙනස් වන්නේ මිනිසා උද්වේග විසින්ම පොළඹවනු ලබන බැවිනි. අනිත් වචනවලින් කියතොත් මිනිසාගේ සිතෙහි ශිෂ්ට කොටසක් ඇති බැවිනි. මේ ශිෂ්ට කොටසට පැරැන්නෝ ධර්මය යන ව්‍යවහාරය කළහ ඒ බව මේ ශ්ලෝකයෙන් පෙනේ .

ආහාර නිද්‍රා භය මෛථූනංච
සාමාන්‍ය මෙතත් පශුභිර්ත රානාම්
ධර්මෝහි තෙශාමධිතො විශේශෝ
ධර්මේන භීනා පශු භි: සමානා:
(හිතෝපදේශය)

කෑම, නිදාගැනීම, බිය ,හා මෛථූනය යන කරුණු දෙස බලන විට මිනිහා තිරිසනාට සමාන ය. එහෙත් මිනිහා තිරිසනාට වඩා උසස් වන්නේ ධර්මය නිසයි. එහෙයින් ධර්මයෙන් හීන වූවෝ තිරිසනුන්ට සමාන වෙති සිත පිළිබඳ මේ තොරතුරුනූතන මනෝවිද්‍යාඥයන් මෙන්ම පැරැන්නෝ ද දැන සිටියහ.

සිතෙහි බෙදීම මෙන්ම ස්වභාවය තේරුම් ගැනීමට නම් ස්වප්න විග්‍රහය දෙස මඳක් විමසිය යුතුයි. සිහින තේරීම පිළිබඳ මූලික සිද්ධාන්ත කිහිපයක් ම එහි ඇත. ඒ සිද්ධාන්ත අතුරෙන් ඉතාම ජනප්‍රිය සිද්ධාන්තය නම් නිවාරිත උද්වේගය ක මානසික ප්‍රකාශනය සිහිනය වශයෙන් හඳුන්වනු ලැබීමයි. මේ සිද්ධාන්තය පිළිගතහොත් සිත පිළිබඳ සාමාන්‍ය මිනිසාට දුරවබෝධයට තොරතුරු රාශියක්ම අපට අනාවරණය කරයි.

තහනම් කරන ලද දේ කිරීමට මිනිසා තුළ බලවත් ආශාවක් ඇත.මෙහි සත්‍ය කෙසේ වෙතත් සිහිනයෙන් පෙනෙන්නේ දහවල් කාලයේදී අප සිතන්නට බිය වන ආශාවන් බව අපි පිළිගනිමු .සිතෙහි ඇති විඥානය සහ උප විඥානය බිය හා හෝ ලැජ්ජාව නිසා මැද ගන්නා උද්වේගය උප උපවිඥානයේ සැඟවෙන බව මනෝ විද්‍යාඥයින්ගේ මතයයි .නමුත් මේ නිසා ඇති වන්නා වූ නිවාරිත උද්වේගය සිහිනෙන් මතුවී පෙනේ .එසේ වුවත් සමථ සදාචාරය නිසා සැබෑ ජීවිතේ ද ඒ සිතුවිලි නොහොත් උද්වේග අපි ක්‍රියාවට පරිවර්තනය නොකරමු .තමාගේ බලාපොරොත්තු සිහිනයෙන් පෙනෙන බව නූතන මනෝවිද්‍යාඥයන් පමණක් නොව පැරැන්නෝ ද පැවසූහ

මිනිසා දිවා දිවාකාලයේදී බලාපොරොත්තු වන්නා වූ ඔහු දකින දේ රාත්‍රී කාලයෙහි දී සිහිනයකදී කියයි…. යන්න මෙහි අදහසයි .මෙහිදී සිතුවිල්ල විවිධාකාරයෙන් සිහිනයෙන් දැක තෘප්තිය පැමිණේ.

කරුණාව, දයාව, අනුකම්පාව, වැනි ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයා දේවත්වයෙන් සැලකීම උගත් නූගත් පැරණි නූතන කාගෙත් සිරිතයි .කරුණාව අනුකම්පාව වැනි ගුණ නොහොත් ආගමික වශයෙන් නම් කරනු ලබන කුසල නොහොත් සමාජයීය වශයෙන් සැලකෙන සදාචාරය පවතින්නේ මිනිසාගේ සිතෙහි දෙවෙනි කොටසෙ හිය.

තමා කරන යම්කිසි ක්‍රියාවක් යම්කිසි ආගමක නීති රීති අනුව සුදුසු වුවත් එය නුසුදුසු ක්‍රියාවකැයි තමාටම හැඟේ නම් එබඳු ක්‍රියා කිරීමෙන් පසු තැවීමක් මිස සැනසීමක් නොලැබේ.හිතට එකඟව,ක්‍රියා කිරීම හා සිතට විරුද්ධව ක්‍රියා කිරීම යන වැකිවලින් මෙ කාරණය තවදුරටත් සනාථ වේ . කෙනෙකුට සමහර විට මුළු ලෝකයම රැවටිය හැකිය. එහෙත් කිසිම කෙනෙකුට කිසිම විටෙක දී තමාව රවටා ගත නොහැකිය.

නරක චේතනාවකින් හොඳ යැයි සම්මත ක්‍රියාවක් කොට ලෝකයාගෙන් පැසසුම් ලැබූවත් මානසික වශයෙන් එබඳු පුද්ගලයා අනුකම්පා සහගත විලාසයකින් පසුතැවෙන්නේ අන්න ඒ නිසයි. මේ නිසා තමාගේ සිත ගැනම සොයා බැලීම මානසික වශයෙන් දියුණුවක් බලාපොරොත්තු වන හැම කෙනෙකු විසින්ම කළ යුතුයි.

බුද්ධ ධර්මයේ සිතට මුල් තැනක් දී තිබෙන්නේ බුදුන් වහන්සේ ඓතිහාසික වශයෙන් ලෝකයේ පහළ වුණ පළමුවැනි මනෝ විච්ඡේද විද්‍යාඥයා බැවිනි. සිත පිළිබඳ කරුණු විචාරයෙන් විමසා බලන විට එය පැහැදිලි වෙයි.

එනම් මිනිහා පාපයෙන් හෙවත් දුරාචාරයෙන් මෙන්ම අකුසලයෙන් නොහොත් නීති විරෝධී ක්‍රියාවලියෙන් වෙන්විය යුත්තේ ආගමට නීතියට හෝ දඬුවමට ඇති බිය නිසා නොවේ. එය අකුසල යැයි සම්මත පාපීය ක්‍රියාවල ආදීනව තත්ත්ව ඥානයෙන් අවබෝධ කර කරගැනීමෙනි. මීට බොහෝ සෙයින් උපකාර වන්නකි ආත්මාව ලෝකනය.

එනිසා අපට පහසුවෙන්ම එක නිගමනයකට බැස ගත හැක. එනම් අවබෝධයෙන් තොර විනීතභාවය සැබෑ විනීත භාවයක් නොවේ යන්නයි.

කෲර මවකගේ හෝ පියෙකුගේ වේවැලට බියේ එළිපිට දුම්පානය නොකරන කුඩා ළමයා රහසිගතව කිසිවෙකුට නොපෙනෙන ලෙස අන්ධකාරය ට මුවා වී දුම්පානය කරන්නාක් මෙන්, දඬුවමට බිය විනීත ලෙස හැසිරෙන සාමාන්‍ය මිනිසා ද අන්ධකාරයේ තිරයට මුවා වී පාපයෙහි ගැලේ. මිනිසා දෙබිඩි ජීවිත ගත කරන්නේ අන්න ඒ නිසයි. ආගම තිබෙන්නේ පන්සලේ දී සිල් ගැනීමට පල්ලියේ දී යාඥා කිරීමට වැනි ව්‍යවහාර වලින් ඉතා ගැඹුරු සත්‍යයක් අනාවරණය කිරීමමද..?

එනම් ආගම එකකි. ජීවිතය අනෙකකි. මේ තත්ත්වය තවදුරටත් විග්‍රහ කර බැලුවොත් අපට පෙනෙන්නේ පන්සලේ දී හෝ පල්ලියේ දී සිල් රකින යාඥා කරන පුද්ගලයා සැබෑ ජීවිතයේදී ඊට හාත්පසින්ම වෙනස් අයුරකින් ජීවත්වන බවයි. මෙයට හේතුව කුමක්ද ආගමට හෝ නීතියට හෝ දඩුවමට බියෙන් වැරදි යැයි සම්මත දෙයින් මිනිහා වැළකී හිටියත් වැරදි යැයි සම්මත සම්බන්ධය පිළිබඳව සැබෑ අවබෝධයක් නොතිබීමයි .

ඒ නිසා සිත හසුරුවා ගන්නට නම් , සිත ගැන දැනගත යුතුයි. සිත දෙස විමසා බැලිය යුතුයි. නොඑසේ නම් සිත ඉක්මවා ගන්නේ කෙසේද ..?

සිත්තරාවි නුවණැත්තා සිත රැක ගන්නේ ය. මෙබඳු අනුශාසනා ධම්මපදය වැනි බෞද්ධ ග්‍රන්ථවල නිතරම දක්නට ලැබේ. මහා දාර්ශනිකයෙකු හාශ්‍රේෂ්ඨ මනෝ ව්‍යවච්ජේද විද්‍යාඥයෙකු වන බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අප මනෝ විද්‍යාව ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය .

අභිධර්ම පිටකයෙහි දැක්වෙන පාලි පාඨ කටපාඩම් කිරීමෙන් ම ඒ පරමාර්ථයන් සාක්ශාත් නොවන බව අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතු වේ.

අවබෝධයෙන්ම කටයුතු කරමින් ධර්මය සහ සිත පිළිබඳව තමා විසින්ම ගොඩනගා ගත යුතු තමන්ගේ දැක්මක් ඇතිව ජීවත් විය යුතු කාලය එළඹ ඇති බව ඔබට සිතීමට මේ යුගයයි..

ඒ සත්‍ය තුළින් ජීවිත යථාවබෝධයෙන් ජීවිතය නියමාර්ථ යෙන් දැකීමට ඔබට ආරාධනා …

මේ බෞද්ධ සහෝදරත්වයෙන් ඔබට කෙරෙන ආරාධනය යි…

You might also like
en English
X
X