Temples of Sri Lanka

යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන්

යස ඉසුරින් පිරි සෞභාග්‍යවත් ශ්‍රී ලාංකික අභිමානය වෙනුවෙන් , 09 වැනි විධායක ජනාධිපති ධූරය සඳහා අභිනවයෙන් තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට,බෞද්ධ සහෝදරත්වය වෙනුවෙන් සුභාශිංසන පළ කර සිටිමු.

බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය පාලකයා දැහැමි අයකු වීම, එම රාජ්‍ය පාලනය තුළින් රටටත්, රටවැසියාටත් සමෘද්ධිය හා සෞභාග්‍ය උදාකර දීමට අත්‍යවශ්‍ය කටයුතු සැලසීම ආදී හා ධාර්මික රාජ්‍ය පාලනය තුළින් රටෙහි දියුණුවක් ඇති වන ලෙස කටයුතු කිරීම, පිරිහීමක් ඇති නොවන සේ රට සමුර්ධිමත් කිරීම, බුදුදහමේ නොයෙක් තැන්හි අවධාරණය කරන ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා හේතු වන බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්,
චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය, දසරාජ ධර්මය,සතර සංග්‍රහ වස්තු ,සතර අගතිය,
සප්ත අපරිහානීය ධර්ම අනුව යමින්
බුදුන් වහන්සේ විසින් අනුශාසනා ක‍රන ලද ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් අප රටට යහපත් නායකත්වයක් ලබා දෙන්නට කටයුතු කරන්නට ඔබතුමාට අවැසි සියලු ශක්තීන් හා ආශීර්වාදයන් නොඅඩුව ලැබේවායි බෞද්ධ සහෝදරත්වයෙන් යුතුව සුපැතුම් එක් කරමු..

එමෙන්ම සියලු සත හට සාධාරණ, යුක්තිගරුක සමාජයක් ඔබතුමාගේ අධීක්ෂණයෙන් බිහි වනු දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

ඒ සඳහා ඔබතුමන්ට දිරිය, ශක්තිය නොඅඩුව ලැබේවා! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබ හට ලැබේවායි නැවතත් සුභ ප්‍රාර්තනා කරමු.

බෞද්ධ සහෝදරත්ව පදනම.

You might also like
en English
X
X