Temples of Sri Lanka

‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය

ලොව ප්‍රථම හා එකම ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය, නොවැම්බර් 01 වැනි දින උදෑසන හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙස පිහිටි පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඊයේ (නොවැම්බර් 01) උදෑසන 6.00ට හෙයියන්තුඩුවේ ජයන්ති මාවතෙන් ගමන් ආරම්භ කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහැර, වෙස් නැටුම්, හේවිසි, කස ඇතුළු විචිත්‍රවත් අංගවලින් සමන්විතව පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ප්‍රථමයෙන් සිදුවිය. ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට රැගෙන ආ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, පෙරහැරෙහි වැඩමවාගෙන පැමිණියේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ලෝක පූජිත අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේ විසිනි. අනතුරුව උන්වහන්සේ විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදි. ඉන් අනතුරුව අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සධාතුක රන් කරඬු වහන්සේ, අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයෙහි නමස්කාර පූර්වකව තැන්පත් කිරීම සිදුවූ අතර එම අවස්ථාවට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ ද සහභාගී විය. ඉන්පසුව පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා පාලි සම්ප්‍රදායට අනුව හා සංස්කෘත සම්ප්‍රදායට අනුව උතුම් ආගමික වතාවත් සිදුකිරීම හා පූජෝපහාරයන් පැවැත්වීම සිදුකෙරිණි.

පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන් අනතුරුව, ප්‍රදේශවාසී දූ දරුවන් 100 දෙනෙකු සඳහා පොත් හා පාසල් උපකරණ ඇතුළු කට්ටලයක් බැගින් ලබා දීම සිදු කෙරුණේ අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ සුරතිනි. එමෙන්ම අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමි විසින්ිණමබාමබ ්‍ය්චචසබැි ඍැඑරු්එ’ භාවනා මධ්‍යස්ථානය උදෙසා ශෛල ප්‍රතිෂ්ඨාපනය කරන ලදි.

 

 

එම අවස්ථාවට බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපති, ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ද සහභාගී විය. මරණයට කැප වූ ගවයන් දෙදෙනෙකු නිදහස් කිරීම ද මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව සිදු කෙරිණි. එමෙන්ම මැණික් ගලින් නිමවන ලද අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ ඡායාරූපයක් ද, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් උන්වහන්සේට පිරිනමන ලදි.

පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපති, ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

©️ Buddhist Brotherhood

You might also like
en English
X
X