අන්ධ
ඒක චක්ඛු
ද්විචක්ඛු යනුවෙන් බුදුහු කොටස් තුනකට බෙදා දැක්වූවා…එයින්…
අන්ධ නමින් හැඳින්වූයේ… මෙලොව හා පරලොව යන දෙලොවම සැප ලැබීමට අදාල ප්‍රඥා නමැති දෑසම නැති අයයි.
ඒක චක්ඛු නමින් හැඳින්වූයේ… උච්ඡේදවාදී න් මෙන් පරලොව ගැන නොතකා මෙලොව පස් පව් දස අකුසල් ආදී කවර ක ද යෙදීමෙන් හෝ සැප ලැබීමට ක්‍රියා කරන අයයි.
ද්විචක්ඛු නමින් සඳහන් කරන ලද්දේ… මෙලොව හා පරලොව දෙකම ප්‍රඥා නමැති ඇසින් බලා නියම සැප ලැබීමට ක්‍රියා කරන අයයි.
මේ අවසන් වරට දැක්වූ ක්‍රමයට අනුව සම්මා ආජීවයෙන් යුක්ත වීමේ අගය බුදුදහම මඟින් පැහැදිලිව අවධාරණය කරලා තිබෙනවා. එය මේ ලෝකෙ පමණක් නොව පරලොව ද සැප උදා කිරීමට ප්‍රධාන මාර්ගය බවට පත් වී තිබෙනවා. ගෘහ ජීවිතයක් ගත කරන අය විසින් ඒ සදහා ක්‍රියාත්මක කළ යුතු වෘත්තීන් අතර කෘෂිකර්මයෙ හි යෙදීම ප්‍රධාන තැනක් ගන්නවා.
කෘෂි ජීවිතයක් ගෙවීම සමාජයේ උසස් පන්තියක අනුගමනය කළ පිළිගත් ක්‍රියාමාර්ගයක්. සුද්ධෝදන රජතුමා අනෙකුත් රාජ්‍යයන් පමණක් නොව කුඩා සිද්ධාර්ථ බෝසත් පුතණුවන්ට කැටුව වප්මඟුල් උත්සවයට සහභාගි වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ ගෞරවණීයත්වයට ද ප්‍රධාන හේතුවක් වෙනවා. නම් ගම් යෙදීමේදී ද කෘෂි ජීවිතය සම්බන්ධ නමක් භාවිතා කිරීම අතීතයේ මහත් ගෞරවයක් කොට සැලකුවා. සිද්ධාර්ථ කුමාරයාගේ පියා පිරිසිදු බත් ඇත්තා යන අර්ථය ගෙන දෙන “”සුද්ධෝදන” නමත් එතුමාගේ සොහොයුරන් අපමණ බත් ඇත්තා යන අර්ථය දෙන “අමිතෝදන” නමත් පිරිසිදු බත් ඇත්තා යන අර්ථය ගෙන දෙන” සුක් ලෝ” යන නමත් භාවිතා කිරීම එයට හොද නිදසුනක්..
ඉන්දියාවේ උසස් කොට පැවති කෘෂිකාර්මික ජීවන ක්‍රමය ඈත කාලයේ සිටම මෙරට ද ක්‍රියාත්මකව පැවතුණි. මහාවංශය සඳහන් කරන ලෙසට ශ්‍රී ලංකාවට සැපත් වූ පළමුවන ආර්ය කණ්ඩායමට අයත් විජය කුමාරයා ඇතුළු පිරිසට කුවේණිය විසින් සහල් ආදිය උපයෝගී කොට ගත් ආහාරයන්ගෙන් සංග්‍රහ කළ බව වංශකතා වල සඳහන් කරනවා. පණ්ඩුකාභය කුමාරයන්ගේ මාමා වූ ගිරිකණ්ඩ සිව අමුණු 400ක් අස්වද්දා ගොයම් කපමින් සිටි බවත් සඳහන් වෙනවා …
විශේෂයෙන් ඉන්දියාවේ සිට ආර්යයන් පැමිණ මේ රටේ විවිධ ස්ථානයන් හි පදිංචි වීමත් සමඟ කෘෂිකාර්මික සමාජයෙහි වර්ධනයක් දක්නට ලැබුණා . ඒ සඳහා භාරතය පැවැති කෘෂි දියුණුව එක් පැත්තකින් බලපෑමක් .තවත් පැත්තකින් මේ රටේ පැවැති දේශගුණයත් 70% ක වියලි කලාපයට අයත් දුර්භික්ෂයක් වත් ඇති නො වීමෙන් පැහැදිලි වන්නේ අප රටේ ජන ජීවිතය ගොවිතැනට ප්‍රමුඛතා වේ දීමෙන් ලබාගත් සැනසීම මොනතරම් වැදගත්ද යන්නයි …
වැව් අමුණු හෝ කර්මාන්ත ආදිය ඇති කළ තරමින් රටක් සංවර්ධනය කළ නොහැකියි. වර්තමානයෙහි කර්මාන්ත ඇතුළු විවිධ සංවර්ධන කාර්යයන් අධික ධනයක් වැය කරමින් ආරම්භ කළත්, ඒවායින් බලාපොරොත්තු අභිවෘද්ධිය සැලසේ දැයි සිතන විට ඇතිවන්නේ වේදනාවක්. පෞද්ගලික ලාභ අපේක්ෂාවන් උමතු වූ සමහර අය එකතුව පිහිටුවාගන්නා සංගම් ජනතාව රැස් කොට නිරන්තරයෙන් කතා කරන්නේ තමාගේ වැටුප් වැඩිකර ගැනීමට, ඉහළ තනතුරු ලබා ගැනීමට , වෙනත් කවර හෝ ලාභයක් අයකර ගැනීමට පමණක් බව ඉතා ඛේදනීයයි ….
අතීත සමාජය ගොවි ජනතාව ඒකරාශි කළ ස්ථානය වූයේ පන්සලයි. එදා පන්සලට ඇතුළු වීමත් සමග ඇති වුණ කරුණා මෛත්‍රිය ආදී ගුණයෙන් සපිරුණු සදාචාරාත්මක හැඟීම් සාකච්ඡා කරන ලද්දේ ගොවිතැන ඇතුළු සියලු දෙනාගේම යහපත සඳහා කළ යුතු කාර්යයක් පිළිබඳවයි .
ජලය හරිහැටි බෙදා නොදීම නිසා යුද වදින්නට පවා සිදු වූ බව මෑත ඇති වූ සටන් කිහිපයකින් පැහැදිලි වෙනවා. අතීතයේ ගොඩනැගුණු වැව් අමුණු ආදිය පිට කළ ජලය මේ අන්දමට හරස් කරන්නට ක්‍රියා කළේ නම්, කිසිසේත් ම කෘෂිකාර්මික අතින් සංවර්ධනය මේ රට තුළ ඇති කළ නොහැකි බව ප්රත්යක්ෂ වෙනවා. එවැනි අවාසනාවන්ත තත්ත්වය කින් තොරව සදාචාර තත්ත්වය කින් තොරව සදාචාර සම්පන්න සමාජයක් ඇති කිරීම සඳහා බලපෑ මූලික කරුණ උනේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයේ බලපෑමයි…..
අතීත සමාජය වැඩකරන ජනතාවට නිවාඩු තිබුණෙ පොහොය දිනවල. එදිනට වෙළදාම් කිරීම පවා නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් උනා. එදින විහාරස්ථානයට රැස්වූ ජනතාවට කුල දේවතාවන් වූ සංඝයා වහන්සේ නිරන්තරයෙන් අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළා. බුදු දහම මැනවින් කියා දීම ධර්මයෙන් කරන අනුශාසනාවයි. ඒ ධර්ම මාර්ගයේ මෙලොව සහ පරලොව නිවැරදිවූත් සාමකාමී සමෘද්ධිමත් ජීවිතයක් පවත්වාගෙන යාමට අදාළ කරුණු දැක්වීම අර්ථයෙන් හෙවත් අභිවෘද්ධිය ඇති කිරීම උදෙසා කරන අනුශාසනයයි. බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේ පරාර්ථකාමී ක්‍රියාවන්හි යෙදීමෙන් උසස් දෙවිමිනිස් සම්පත් ලබාගත් අන්දමත් සදාකාලික සැපත ළඟා කරගත් ආකාරයත් ජාතක කථාවන් ඇසුරෙන් භික්ෂු ජනතාවට මැනවින් කියා දුන්නා .
එපමණක් නොවෙයි අනුන් ප්‍රයෝජනයට ගන්නා ජලය හෝ වෙනත් දේ පැහැර ගැනීමෙන් මෙලොවත් පරලොවත් අපමණ දුක් හිරිහැර හිරිහැරයන්ට භාජනයවන බවත් උන් වහන්සේලා පෙන්වා දුන්නා. මේ නිසා ජනතාව තමන් සන්තක ඉඩකඩම් දේපල වැට කඩොලු බැඳ රැක ගැනීමට හෝ ලැබෙන ජලය වැනි දේට ආරවුල් කරගැනීමට හෝ නොගොස් සුහදව සාකච්ඡා කරමින් සහජීවනය අගය කරමින් කෘෂිකාර්මික දියුණුව උදාකර ගැනීමට එදා පියවර ගත්තා …
උට්ඨාන වීර්යයෙන් යුක්තව ඉර උදාවට පෙර කුඹුර වෙත ළගාවන ගොවියෝ තම දිවා ආහාර ටික ගැනීමට ආසන්නයේ පිහිටි වැව් කණ්ඩියට හෝ එයින් ජලය බැස යන දිය පාරකට සම්බන්ධ වූ උස් වේල්ලක් වැනි තැනකට සම්බන්ධ වූ එවැනි ස්ථානයක සිට ගත් ඒ ආහාරය ගෙන එහි දී ඔවුන් විහාරස්ථානයේ දී ලබාගත් අනුශාසනා තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා හැම දෙනා එකතුව කුඹුරුවල වැඩ කටයුතු කරගෙන යාම සඳහා පොදු තීරණවලට බැස ගත්තා. මේ තුළින් සාමකාමී සමාජයක් පමණක් නොව දියුණු වූ ආර්ථික සංවර්ධනයක් ද ඇති කිරීමට ඔවුන් සමත් වුණා.
රටක මනා පැවැත්ම සඳහා පාලකයන් විවිධ නීති පැන වුවත් ඒවා නොසලකා ජනතාව විවිධ අකටයුතු කරති. මේ පිළිබඳව පුළුල් දැනුමක් තිබූ අපේ පැරණි පාලකයෝ රාජ්‍ය නීතිය පමණක් නොව ධර්ම නීතිය ද උපයෝගී කරගනිමින් ජනතාව හික්මවීමට පියවර ගත්තා. යම් කෙනෙකු පනවන ලද නීති කැඩුවොත් එහි විපාක වශයෙන් සතුන් මරණින් මතු උපදින බව සමහර සෙල්ලිපිවල සඳහන් කිරීමෙන් පැහැදිලි වෙන්නේ ධර්මය දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා පාලකයෝ නීති කැඩීමෙන් දුගතිය වීම පමණක් නොව අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකීමේ වාසනාව පවා නොලැබී යාමට එය හේතුවක් වන බව ප්‍රකාශ කිරීමට පවා පෙළඹුණා…
කෘෂිකර්ම සංවර්ධනය කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය ලබාදීම රජයේ ආදායම ශීඝ්‍රයෙන් වර්ධනය වීමට ද ප්‍රධාන හේතුවක් වුණා .
අතීත කෘෂි සමාජය තුළ මුදල් පරිහරණය අඩු වශයෙන් සිදු වූ බව පෙනේ. එසේ ගොවි ජීවිතයක් ගත කළ අයට වී උඳු මුං වැනි ධාන්‍ය තැන්පත් කළ හැකි බැංකු අනුරාධපුර යුගයේ පිහිටුවා තිබීම අතිශය වැදගත් විය. හදිසියේ බිත්තර වී ටික පවා නොමැතිව දුක් වන ගොවියන් වසන වර්තමාන සමාජයට ඉපැරණි ධාන්‍ය බැංකු මගින් අපට උගන්වන පාඩම සුළු පටු නොවේ…
බුදු දහම මගින් පෙන්වා දී ඇති කෘෂි ජීවන මාර්ගයෙන් පිට පැන වෙනත් වෘත්තීන්ට ප්‍රමුඛස්ථානය දීම නිසා අද බඩ වියත රැක ගැනීමට විදේශයෙන් නැව් ළඟාවන තුරු බලා සිටීමට සිදුව ඇත. තමා සතු බිම් පෙදෙස් පවා වල් බිහි වන්නට ඉඩ දී උදාසීනව කල් ගත කොට පහසුවෙන් බඩ වඩවා ගැනීමට සිතා පරිප්පු සමග පාන් පෙත්තක් හා ජීවත් වීමටත්, ඒ සඳහා විදේශයෙන් පැතූහ.
උද්යෝගිමත් අපේ මුතුන් මිත්තෝ මහත් ගෞරවයෙන් කුඹුරට බැස පාලකයන් සමඟ එක්ව වප් මගුල් උත්සවය පවත්වමින් රට සරු කර මුළු ලක් වැසියන්ට අවශ්‍ය ආහාරපාන මේ රටේම නිෂ්පාදනය කොට ගත්හ. එ පමණක් නො ව වාර්ෂිකව ඉතිරිවන ධාන්‍ය පිට රටවලට පවා යැවීමට පියවර ගත්හ.
එ සේ නම් බුදු දහම මගින් පිළිපැදීම සඳහා අපට පෙන්වා දී ඇති සම්මා ආජීව හෙවත් නිවැරදි නිදහස් ජීවන පැවැත්ම අප රටට හා අප ආගමට සරිලන නිදහස් නිවහල් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහාත්, ගොවියාට “රජ බව” වැනි උසස් තැනක් ලබා දෙමින් කෘෂි සංවර්ධනය සඳහා නිසි පියවර ගැනීමට වත්මනටද… කාලය එළඹ ඇති බව සිතට ගත යුතු වැදගත් කරුණකි.
සමෘද්ධිමත් හෙටක් සඳහා බුදු දහමේ ප්‍රයෝගය… ඔබේ සිත් සතන් තුළ වඩ වඩාත් වැඩේවා’යි බෞද්ධ සහෝදරත්වයෙන් අප ඔබට පැතුම් ගෙන එන්නෙමු…..