Temples of Sri Lanka

මින් වසර 40 කට ඉහත 1985 මැයි මස 14 වනදා LTTE ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධිය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පැන් වඩා,පුණ්‍යානුමෝදනා කිරීම

මින් වසර 40 කට ඉහත 1985 මැයි මස 14 වනදා LTTE ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධිය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පැන් වඩා,පුණ්‍යානුමෝදනා කිරීමේ ආගමික කටයුත්තක් නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මා බෝ සමිඳුන් අභියසදී, අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.බැතිමතුන් රාශියක් මේ අවස්ථාවට සහභාගීවූහ.

You might also like
en English
X
X