Temples of Sri Lanka

සසර සුවදෙන සොඳුරු ගුණදම්

කණ්ණාඩියකින් ශරීරය දෙස බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ , සෑම දෙන ම තමන්ගේ සිත මුල් කොට තමා කරන කියන දේ පිළිබඳව විමසා බැලීමට පුරුදු වීම ඉතා වැදගත් වේ.

බුද්ධිමත්ව එසේ සිතන තැනැත්තාට තමාටම දුක් ලබාදෙන වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට හැකි වෙයි .

අද සමාජයේ ජීවත් වන බොහෝ අය දූ දරුවන් සෑදීම ඇතුලු විවිධ ගුණ ධර්මයන් ඇති කිරීම සඳහා නිරන්තරයෙන් උපදෙස් දෙනු අසන්නට දක්නට ලැබෙයි. රටේ අවාසනාව නම්, ප්‍රධාන පාලන ආයතන වල සිට විවිධ ස්ථානවල වැජඹෙන බොහෝ අය විසින් ගුණධර්ම පිළිබඳව පෙන්වා දෙන කරුණු වලින් බිඳක් හෝ තමන් තුළ ඇති කර ගැනීමට කල්පනා නොකිරීමයි.

යම් කෙනෙක් තම දූදරුවන් ඇතුළු සමාජයේ සුබසිද්ධිය සැලසීමට ක්‍රියා කරත් නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ආදර්ශ සම්පන්න වන අන්දමට සුදුසු ගුණධර්මයන්ගෙන් පළමුව තමා සම්පූර්ණ වීමට සමත් වෙති.

අවශ්‍යම කරුණ නම්, “ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට “යනුවෙන් අපේ පැරණි උගතුන් විසින් පෙන්වා දෙන ලද්දේ ඒ උතුම් ප්‍රතිපත්තියයි.

ධර්ම ග්‍රන්ථයන්හි අපේ ජීවිතය ඉතා ලස්සන හා වටිනා රථයකට උපමා කොට ඇත. සාමාන්‍ය රථයක ගමන් මෙලොව පමණි. එහෙත් අපේ ජීවිත නැමැති රථය නිවන් පුරයට පිවිසෙන තෙක් සසර නොකඩවාම ගමන් කරයි .එසේ නම් මේ දීර්ඝ ගමනෙහි නරක තිරිසන් ප්‍රේත අසුර යන දුගතියකට නො වැටී ආරක්ෂිත වූ සැපවත් වූ මාර්ගයක ගමන් කරවීමේ වගකීම අප සතුව පවතියි. මේ සඳහා අප සතුව තිබිය යුතු ප්‍රධාන ගුණධර්ම හතරකි.

පරිත්‍යාගය
ප්‍රිය වචනය
අභිවෘද්ධි දායි ක්‍රියා සහ
සමානාත්මතාව යනුවෙන් ඒවා හඳුන්වමු .

විවිධ රැකියාවල යෙදෙමින් ධනය සම්පාදනය කිරීමේ ප්‍රධාන පරමාර්ථය සැපවත්ව ජීවත් වීමයි .

ජීවත්වීමයි එහිදී මෙලොව සැප සමඟ ම පරලොව සැප පිළිබඳවද අප කාගේත් අවධානය යොමු විය යුතුය. ඒ අනුව ධනය සම්පාදනය කර ගන්නා තැනැත්තා තම පවුලේ අය හා එක්ව ගේදොර සදමින් කා බී ජීවත් වීමෙන් , මෙලොව සැප ලබන ගමන් පරලොව සැප පිළිබඳ තම අවධානය යොමු විය යුතු වෙයි.

තමා සතු ධනය මවුපිය වැඩිහිටි ආදීන්ගේ සුභසිද්ධිය සඳහා ආගමික කටයුතු සඳහාත් සමාජයේ ජීවත්වන නැති බැරි අහිංසක අය සඳහාත් යොදවයි ද ,පරලොව යන විට අප රැගෙන යන්නේ පුන්‍ය නමැති වස්තුවයි.

පරිත්‍යාගයෙන් ලබන උසස්ම ප්‍රතිඵලය එයයි. තමා සතු වස්තුව පරිත්‍යාග කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ පරලොව දී පමණ යැයි සැලකීම සත්‍යයක් නොවේ. බලවත් රෝගී තත්ත්වයෙන් පසුවූ අනුරුද්ධ රහතන් වහන්සේගේ රෝහිණී නම් සොහොයුරිය නීරෝගී තත්ත්වයට පත්ව යහපත් ජීවිතයක් ගෙවීමට මාර්ගය සලසා ගන්නේ තමා සතු වස්තුව වියදම් කොට ආරාමයක් ඉදි කොට බුදුපාමොක් සංඝරත්නයට ඒ ආරාමය සහිත මහා දානයක් පූජා කිරීම නිසා බව ධර්ම ග්‍රන්ථ පෙන්වාදෙයි .නිදසුනට අනුව දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොව සැප සලසා ගැනීමට ද පරිත්‍යාගය හේතු වන බව පැහැදිලිය .

වස්තුවෙන් සැලකීම තරමටම වචනයෙන් කරන සැලකීම වැදගත් යැයි සමහරු නොසිත ති.
අසත්‍යයක් නොවන කේලමින් තොර රළු නොවන අර්ථවත් වචන වලින් කරන සංග්‍රහයෙහි අගය සුළුපටු නොවේ. වියත් පඬුවන් විසින් පෙන්වා දී ඇති අන්දමට ද හොඳ වචන තුළින් කරන සංග්‍රහයෙන් තමන්ට කිසිදු පාඩුවක් නොවනවා පමණක් නොව හොඳ ප්‍රතිඵල රාශියක් ලබා ගත හැකි වන බවයි.

බුද්ධිමත්ව සිතන විට රසවත් කෑම වේලක් දීමට වඩා ආදර බර වචන මාලාවකින් කරන සංග්‍රහය වටිනාකමක් ද ඇත. වැටුපක් ගෙවා සේවයක් ලබා ගන්නා කෙනෙකුට වුවත් සැඩ පරුෂ වචනයෙන් සිදු වුවහොත් මුදල් පසෙක දා ඔහු ඉවත්ව යන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය .තමා ඇසුරේ සිටින සුනඛයකු වත් රළු වදන් තුළින් මොන තරම් අප්‍රසන්න තත්ත්වයකට පත් වන්නේ දැයි සිතා බැලීම අපහසු නොවේ .මේ අනුව කුඩා දරුවන්ගේ සුළු වරදෙහි පවා හැකි තාක් සිත් නොරිදෙන අන්දමට මුදු මොළොක් අන්දමට වචන පාවිච්චි කිරීමෙන් ඔවුන් සුමගට පත් කළ හැකි බව අමතක කලයුතු නොවේ.

යම් කාර්යයක් කිරීමේදී තමන්ට මෙලොවත් පරලොවත් අභිවෘද්ධිය සැලසේ නම් එවැනි ක්‍රියා වැදගත් ය .එසේ නොමැතිව මෙලොව සැප ලබා පරලොව දුක් විඳීමට හෝ පරලොව සැප ලැබීමට මෙලොව දුක් විඳීමක් හෝ සඳහා කරන වැඩ බුදුහු අනුමත නොකළහ.

ව්‍යග්ගපජ්ජ, පරාභව, මංගල ,සිඟාලෝවාද සිඟාලොවාද ,ආදී සියලු සූත්‍ර ධර්මයන්ගෙන් අපට පෙන්වා දී ඇත්තේ දෙලොවම සැප ලබා ගැනීමට පොදු මාර්ගයන්ගේ ඒ අනුව ක්‍රියා කිරීමෙන් තමන්ගේ පමණක් නොව මුළු මහත් සමාජයේම ආරක්ෂාවයි ආරක්ෂාවත් අභිවෘද්ධියත් සැපතත් නිතැතින්ම සිදුවේ අද බොහෝ දුරට මේ සූත්‍ර ධර්ම මගින් පෙන්වා දී ඇති විවිධ ගුණ ධර්ම කතාවට පමණක් සීමා කොට දුශ්චරිත වත් ජීවිත ගත කිරීම නිසා අන්තයටම පිරිහෙන තත්ත්වයක් උදාවී ඇති බව නොරහසකි.

සමානාත්මතාව නමින් දැක්වෙන උතුම් ගුණය සමාජ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. තමන් පමණක් කා බී ජීවත් වීම තිරිසන් ගතිය බව දහම් මගින් පෙන්වා දී ඇත. තමා සැප ප්‍රාර්ථනා කරන්නාක් මෙන් අන් අයද සැප ප්‍රාර්ථනා කරන බව සලකා ඒ අයට අනුග්‍රහ දැක්වීම උතුම් මිනිස් ගුණයකි. එසේම ලෙඩදුක් පමණක් නොව ධන හා දුක් පමණක් නොව ධන හානි දේපළ හානි වලදී අනවශ්‍ය ලෙස බොහෝ අය තැවෙමින් කල් ගෙවන බව පෙනේ.

ලාභ අලාභ සැපදුක් ආදියෙහි දී ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගෙන කම්පා නොවී ජීවත් වීමටත් ඇතිවන ගැටලුවලට සාර්ථකව මුහුණ දී විසදා ගැනීමටත් , ධර්මතාවයන්ට අනුකූලව ජීවත් වීමේ හැකියාව ඔබගේ සිත්සතන් තුළ තව තවත් වැඩි වේවා යන්න අපගේ බලාපොරොත්තුවයි අපගේ ප්‍රාර්ථනය යි ….

You might also like
en English
X
X