ආස්වාදයත් ආදීනවයත් අතර මැදි වෙච්ච රූපය, සාමාන්‍ය කෙනා දකින්නේ එහි ඇති ආශ්වාදාත්මක පැත්ත විතරයි.
☘️🙏☘️🙏☘️
🧡 කොයිතරම් ආදීනව සිදු වුණත් ඒක වැටහෙන්නේ නැහැ .
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්රාවකයින් තමයි රූපයේ ආශ්වාදය සහ රූපයේ ආදීනවය හරිහැටියට අවබෝධ කරගන්නේ .එසේ අවබෝධ කරගන්න පුද්ගලයා රූපයේ ඇති නිස්සරණය අවබෝධ කරගන්නවා.
☘️🙏☘️🙏☘️
🧡 රූපය කෙරෙහි රූපයේ අවබෝධයක් නැති කෙනා ආයෙ ආයෙමත් රූපය ප්‍රාර්ථනා කරනවා. තමන්ගෙ නැතිවෙලා ගිය කොණ්ඩෙ ගැන හිත හිතා හූල්ලනවා. තමන්ගෙ තිබිච්ච හැඩරුව ගැන හිත හිතා හූල්ලනවා. කොයිතරම් ආදීනව සිදු වුණත් එයා ආශ්වාදය තුල අතරමං වෙලා ආයෙමත් අනාගතයේ රූපයක් ම පතනවා. එයා තමයි සතර අපාය තුල වැටිලා දීර්ඝ සංසාර ගමනක් ගමන් කරන්නේ .
☘️🙏☘️🙏☘️
අවබෝධය කරා යන කෙනා රූපය හත් පොල ක් අවබෝධ කරනවා. රූපය හට ගැනීම, රූපයේ නිරුද්ධවීම, රූපයෙ නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ කර ගැනීම, රූපයේ ආශ්වාදය අවබෝධ කර ගැනීම, රූපයේ ආදීනවය අවබෝධ කර ගැනීම, රූපයේ නිස්සරණය අවබෝධ කර ගැනීම.
☘️🙏☘️🙏☘️
🧡 අපිට මේ ජීවිතයේ දී අඩුම තරමේ මේ තත්වයන් අවබෝධ කරගෙන වත් මැරෙන්න අවස්ථාවක් ලැබුනේ නැතිනම්, අපි හරියට කැලෑ සත්තු වගේ කකා බිබී ඉඳලා අනුන්ට ඉරිසියා කම් කරලා ක්‍රෝධ කම් කර කර ඉඳලා ඔහේ මැරිල යනවා.
☘️🙏☘️🙏☘️
🧡 මේ විදියට රූපය කෙරෙහි අවබෝධයක් ඇතිකර ගන්න පුද්ගලයා අවබෝධයෙන්ම කලකිරෙනවා. රූපය කෙරෙහි ඇල්ම දුරු වීම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ සුපටිපන්න මාර්ගය මේ බුද්ධ ශාසනයේ ඇතුලටම පිවිසීමට අපට උදව් කරනවා. එතකොට සුපටිපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනාට.
☘️🙏☘️🙏☘️
කිසියම් කෙනෙක් රූපය පිළිබඳව අවබෝධය ඇති වෙලා රූපය කෙරෙහි කලකිරිලා ඇල්ම දුරු කරලා ඇල්ම නිරුද්ධ කරලා රූපයට නොබැඳී රූපය අතහැරලා නිදහස් වුණොත් ඒ පුද්ගලයා යතාවබෝධයෙන් පිරිපුන් වෙයි.
මේ ඔබගේ චින්තනය උදෙසාමයි…
© Buddhist Brotherhood