Temples of Sri Lanka

14වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ තායිවාන බෞද්ධ පිරිසක් උදෙසා දේශනාවක් සිදු කරයි

තායිවානයේ බෞද්ධ පිරිසකගේ ඉල්ලීම මත ඉකුත් සැප්තැම්බර් මස 30 වෙනිදා ඉන්දියාවේ ධර්මසාලාවේ පිහිටි ටිබෙට් ආරාමයේ දී 14වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ මහත් කරුණාවෙන් ඔවුන් උදෙසා දේශනාවක් සිදු කරන ලදී.

දේශනාව සඳහා පිටත් වන අවස්ථාවේදී ද උන්වහන්සේ ආරාමයට යන මඟ දෙපස රැඳී උන් සංවිධායකවරුන්ට, ජනතාවට ආශිර්වාද කළ සේක.

එමෙන්ම ටිබෙට් ආරාමයට යන මාර්ගය අතරතුර හමුවෙන කාලචක්‍ර පන්සල පසු කරන අවස්ථාවේදී එහි රැඳී සිටිනා තරුණ භික්ෂූන් වහන්සේලාට ද උන්වහන්සේ ආශිර්වාද කළ සේක.

දේශන ශාලාවට පැමිණි උන්වහන්සේව තායිවානයේ Bliss & Wisdom Foundation හි භාරකාර ස්වාමීන් වහන්සේ විසින් ගෞරව පූර්වකව පිළිගන්නා ලදී.

අනතුරුව ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ විසින් තායිවාන පිරිස උදෙසා දේශනාව සිදු කළ සේක. එහිදී උන්වහන්සේ ට්සොන්ග්කාපාගේ “Three principal aspects of the path” යන අදහස පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

හරවත් දේශනය සිදු කිරීමෙන් අනතුරුව ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේට තායිවාන පිරිස සිය ගෞරවාදර ස්තූතිය ප්‍රදානය කළ අතර, උන්වහන්සේ සහ ගාඩෙන් ට්‍රිපා රින්පොචේ හිමියන් එකිනෙකා හා සුබපැතුම් ද හුවමාරු කරගන්නා ලදී.

අනතුරුව ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ නැවතත් මඟ දෙපස රැඳී සිටින ජනී ජනයාට ආශිර්වාද කරමින් විවෘත රථයට නැගී ආරාම පරිශ්‍රයෙන් පිටත්ව ගිය සේක.

උන්වහන්සේට තවත් සුවහස් කාලයකට මෙවන් උත්තුංග කාර්යයන් කරන්නට ධෛර්යය, චිර ජීවනය ලැබේවා!

You might also like
en English
X
X