Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 02

සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනාගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.

(සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X