Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 10

මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.

(ජේතවනාරාමයේදී නන්ද මාණවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X