The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 08
න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නෙ නෑ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.