The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 13
යාවදේව අනත්ථාය – ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං
හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං
අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්නම්, ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නෙ. අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි ඇත්නම්, ඒකත් වනසාගන්නවා. විනාශය කරාම යනවා.
(වේළුවනයේදී ප්‍රේතයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)